Sunday, March 28, 2021

රිද්ද රිද්දා හිතක් හඬවන හැඬවෙන අරුමය

දෑස් අග තෙත් වෙමින් ආදරය ඉකි ලන යාමය

රාත්‍රිය කියන්නෙම නුඹ සොයා හිත දුවන කාලය

ඒ වුණත් මගේ හිත හති නොවැටෙන එකයි අරුමය


මට හිතෙන්නෙම ආදරේ දුකට ගැලපෙන පදයක්

ඉඳ හිටෙක හිනැහුණත් හිනැහෙන්නවත් බෑ නේද කොහොමත්

ඒ වුනත් ආදරය, කරන හැටි ජීවිතය ජීවත්

නොදන්නා වුණත් නුඹ, ඒක ඇත්තම ඇත්තක්

No comments:

Post a Comment