ඔබ
කෙදිනක හෝ
ජීවිතය දිනන තුරු
මග බලා සිටියෙමි
මා
අත හැර දමා
ඔබ නික්ම යන්නට
සැරසෙනු දකිමි
නුබේ ජය
පැතූ මා හට
පරාජය උරුම කර
නුඹ වෙන්ව යන හැටි
අදහනු නොහැකිව
තැවෙමි
දැවෙමි
ලතැවෙමි
මියෙමි
No comments:
Post a Comment