Thursday, March 18, 2021

තදින් වැළදගමි

සැනින් කණට කොඳුරා 

ආදරේ බව පවසමි

රළු ඇඟිලි තුඩින්

මුදු මුහුණ පිරිමදිමි

අයිතියක් නොමැතිවම

අයිතිවාසිකම් කියන

ප්‍රේමය දිවිතුරා සුරකිමි

ළඟ රැඳෙන අවසන් මොහොත දක්වාත්

ඉන් ඉක්බිඳිත්

ආදරයම කරමි ❤️



No comments:

Post a Comment