යකඩ කටුවක් හිස තබා
මිටියකින් නුඹ පහරදෙයි
තාලයට හරි අපූරුයි
යකඩ යකඩ ගැටෙන හඬ
රිද්මයට හරි මිහිරියි
නුඹ කුල්මත්ව හිනැහෙයි
හඬ පමණක් වණන්නෝ
නුඹ පසසයි
අහා ඇයනම් අපූරුයි
රළු යකඩ එකිනෙක
තාලයට හප්පා
මවන නාදය මිහිරියි
ඒ හඬ මාරයි
කටුව හිස පසාරු කර
යන්න තව ටික මොහොතයි
හිස දෙදරා යයි
හඬක් නැගිය නොහැක
නුඹ මගේයි
ඔව් නුඹ මාරයි
No comments:
Post a Comment