Monday, March 8, 2021

ඔබේ මුදු සිනාවට ආදරය කරමි,

ඔබේ මුදු වදන් සවනත වැකෙන තෙක් බලා හිඳිමි,

ආදරය මේ යැයි කියා දුන්නේ ඔබම බැව් දනිමි,

ආදරයේ වේදනාව වටහා දෙන්නේද ඔබම බැව් දනිමි,

වේදනාබරිතව බලා හිඳිමි,

නිදි නොමැති රාත්‍රීන් ගෙවමි,

නොනිදා නුඹවම සොයමි,

නුඹ නොමැති තැන ජීවිතය හිස්තැනකි,

ආදරය බව පමණක්ම දනිමි,

එබැවින්, දරාගෙන බලා සිටිමි 🙏



No comments:

Post a Comment