Tuesday, March 16, 2021

ප්‍රේමය කුසුමකි සුවඳ විහිදුවන

ජීවිතයට ජීවිතය කියා දෙන

ආදරයෙන් ලඟ ඉන්නා සැම දින

සිත සැනසුම ගෙන දෙන හැටි අරුමය


නුවණ් පිරී ගිය කඳුලු පිසින්නට

සවන් පිරී ගී හඬ විහිදෙන්නට

දෙහදක සිතුවිලි එක් වන මොහොතට 

හැකිය සියලු දුක් අමතක කරනට


නුඹයි කඳුලු බිඳු දිදුලන සඳ එළියේ

මවයි වේදනා නිදි නැති රාත්‍රියේ

පෙමක් අහිමි වන දුක් බර නිමේෂයේ

කුරිරු හැඟුම් ගෙන නොම එන් කුමාරියේ

No comments:

Post a Comment