ඉනික්බිති නුඹ නොමැති ලෝකයක
අතරමං වී මග ගල් ගැසී සිටියෙමි
නුඹ සොයා පිරික්සමි වට පිට
නැත සේයාවක් වත් පෙනෙන්නට
ගිණි නගින රලු වැල්ල මිස
ක්ෂේම භූමියක් මතුව
දිව ගියෙමි ඒ කරා සැනින්
අහෝ, ඒ ක්ෂේම භූමියක් නොව
මිරිඟුවකි හද රවටන, රිදවන
No comments:
Post a Comment