Thursday, December 31, 2020

 බොහොමයක් රාත්‍රීන් ඉතා දිගුය

ඔබ දකින්නේ එවැනි දිගු රාත්‍රීන්ගෙන් ඉතා සුලු ප්‍රමාණයකි

මරණීය වේදනාවන් කඳුලු බවට පත්වන දිගු රැයවල් සියල්ල ඔබව අවදියෙන් තබන රැයවල් නොවන්නේය

නුඹ ගැන සිතීම නුඹ අවදියෙන් සිටියදී ද, නුඹ සුව නින්දක සිටියදී ද නිරායාසයෙන් සිදුවන්නකි

එලෙස සිතෙන වාරයක් වාරයක් පාසා මහත් වූ දුකක් සිතේ ජනිත වීම වලක්වන එන්නතක් තවමත් නැත

නමුත් එය වැලැක්වීමට ඇති එකම එක ඖෂධයක් පමණක් ඇති බව දනිමි

ඒ නුඹේ සිනහවකි

සිත නිරෝගී වන්නේ නුඹේ සිනහවකින් පමණි



Thursday, December 24, 2020

 පස්සෙන් යන්න

බලාගන්න

පරිස්සන් කරන්න

දකින්න

කතාකරන්න

හිනා වෙන්න

අතින් අල්ලගෙන ඇවිදින්න

විහිලුවක් කරන්න

තරහ ගස්සන්න

ඉඩක් නැති තැන


එකම සතුට

මගබලා හිඳීමම පමණකි

Monday, December 21, 2020

 දුරක සිටවත් දකින්නට

සිනාවක් මුණ ගැහෙන්නට

නොහැකිව ලතැවෙමි නිතර


වචනයක් හරි අහන්න

සිහිනයක හරි දකින්න

හැකිවෙතැයි පතමි නිතර


කාන්තාරයක දුටුව 

ක්ෂේම භූමියයි නොදැන

ඇයිද නුඹ නිහඬ නිතර


ආදරය මේ යැයි

පැවසූ හඬයි මටනම් නුඹ

නෑසුනත් නිතර නිතර

Wednesday, December 16, 2020

සමහර දවස් හරි දිගයි, මහන්සියි

සමහර දවස් කෙටියි, හිතට සතුටුයි 

මග බලන් සිටි දවස්, දිග දවස්

නුඹ ලඟ සිටි  දවස්, හරි කෙටි දවස්

ඈත ඉඳන්, නොපෙනෙන තැනක ඉඳන් 

මගේ ජීවිතය හසුරුවන නුඹ මහ නපුරියක්

විටින් විට රිදවන ඉදහිටක සනහන

සනහා රිදවා සැනහෙන

නුඹ මහ අමුතු ආදරයක්.....

Monday, December 14, 2020

නිරිත දිග ආකහේ අඳුර අතරින්          කඩා

හැලෙන තරුවක් බලා ප්‍රාර්ථනාවක්  කලා

දිදුලමින් හිනැහෙනා සිකුරු තරුවට  වඩා

හිනැහෙමින් දිදුලන්න මුළු ජීවිතේ     පුරා


දිදුලමින් කඩාගෙන වැටෙන්නේ           කඳුලූ

මියැදෙන්න මොහොතකට කලින් ලස්සනලූ

හිනැහෙන්නෙ කවදාද කඩා බිඳ            පවුරූ

නුඹව හිමි නොවුනාට මට තනිය          පුරුදූ



Saturday, December 12, 2020

 "මං තමුසෙට ආදරෙයි මෝඩියේ"


අර දෙරණෙ යන නාට්‍යයක ආදි ද කවුද මංද කොල්ලෙක් කෙල්ලෙක්ට ඔහොම කියල ලු. ඒක හැමතනම පෝස්ට් වල share වෙනවා දකිනකොට මොකද්දෝ පුරුදු හැඟීමක් ආපු නිසා පරණ මතක පොඩ්ඩක් අවුස්සලා බැලුවා. මේ ඒ හම්බුන මතකය......


http://sondurusithuwili.blogspot.com/2020/04/blog-post_12.html?m=0

 ඔබ සුවෙන් නිදන්න

එය මගේ පැතුමයි

මම නිදි වරමින්

නුඹ මෙනෙහි කරමි

ආදරයේ වේදනාව

මා දවාලන රාත්‍රීන්

හැඬූ කදුලින්

නොනිදා පසු කරමි


ආදරය "විඳිමි"

Friday, December 11, 2020

ඉතා අහම්බෙන් මගේ ජීවිතේට ලං වෙච්ච එයා එක්ක මං ගොඩක් දේවල් කතා කරල තියෙනවා. සමහර දේවල් කියන්න මට හිටිය එකම විස්වාසවන්තයා එයා විතරයි. එයා ඒ තරන්ම හොඳින් ඒ දේවල් ඇහිවා. ඒ හැම සංවාදයක්ම අවසන් වුනේ හිනා මූණකින්. 🙂

සංවාදය නිළ වශයෙන් අවසන් වුණා කියන සංකේතය තමයි ඒ හිනා මූණ. 

"Know this, You don't meet people by accident. And nothing in life happens by coincidence."

සරලව කිව්වොත් මේ ජීවිතේ අහම්බෙන් අපිට කවුරුවත් මුණගැහෙන්නෙ නෑ. ජීවිතේ කිසිම දෙයක් අහම්බෙන් සිද්ධ වෙන දේවලුත් නෙවේ. තවත් විදිහකට කියනවනන් අපිට අහම්බෙන් වගේ හමුවණ පුද්ගලයන්ට, සිදුවීම් වලට යම් කාර්‍යභාරයක් පැවරිලා තියෙනවා අපේ ජීවිතය සම්බන්ධව. 

ඔය උඩ කතාව තියෙන්නෙ ඉන්දියාවෙ බැංගලෝරය ආශ්‍රිතව කතාවක් දිග හැරෙන "A Date" කියන පැය එකහමාරක විතර චිත්‍රපටයෙ. ඒත් ඒ චිත්‍රපටය විනාඩි කීපයකට වඩා බලන්න මට හිත දුන්නෙ නෑ.

දකුණු ආසියාතික රටක dating කියන්නෙ එච්චර සම්මත දෙයක් කියල සලකන්නෙ නැති දෙයක්නෙ. ගැහැණියකට පිරිමියෙකුට දවසක් එකතු වෙලා එළියට ගිහින් ගත කරනවා කියන දේ, සංස්කෘතිකව දරා ගන්න බැරි සමාජයකනෙ අපි ජීවත් වෙන්නෙ. ඒ වගේ සමාජයක කෙල්ලෙක් කොල්ලෙක් ගත කරන දවසක් ගැන තමයි මේ චිත්‍රපටය දිග හැරෙන්නෙ.

Receptionist - Madam some one has come to see you, can you come down to reception please

She - Who is that?

Receptionist - He told your colleague 

She - Colleague? Ok coming

ඒ රාත්‍රියේ ඔවුන් හමුවන මොහොතයි. නමුත් ඇය නොසතුටින්‍ ය.

She - I hated him the moment I saw him. Guys cant be more anoying than this. Please no.

I am very tired and I desperately need to rest!. I think i got fever also

He - Monisha! You have promissed.

She - What the hell did I promise. Next week for sure

He - You are not going to keep your word

She - Hello? What? EMOTIONAL BLACKMAIL?

ඒ අන්තිම වචන දෙක මට මේක බලන එක අතිශය අපහසු කළා. ඇත්තටම Emotional Blackmail කරනවා කියන්නෙ මොකද්ද? ඇයි මගෙ ජීවිතේ හැම දෙයක්ම දැනගෙනත්, මම කවුද කියන දේ මටත් වඩා දැනගෙනත් එහෙම කිව්වෙ. ඒ වචනෙ එයා පාවිච්චි කලේ මාව මග හරින්න විතරම ද? ඔය වගේ මහ ප්‍රශ්න ගොඩක් ඔලුවට ආවා මේ දෙබස් කීපය නිසා.

ඇත්තටම ඒ චිත්‍රපටය ලස්සනයි. ඒ රඟපෑම් තාත්විකයි. මම මෙහෙම කියන්නෙ මම තව ටිකක් ඒක බලන්න උත්සාහ කළ නිසයි. ඒත් හරි අර Emotional Blackmail කියන වචනෙ ඔලුවෙ දෝංකාර දෙනකොට හරි අමාරුයි මනස එක විදිහකට තියාගෙන චිත්‍රපටයක් බලන්න. 

ඒ වචනෙත් එක්ක මට මැවෙන්නෙ එයාව. Emotional Blackmail වෙලා ඉන්න කෙනෙක් කොහොමද තවත් කෙනෙක්ව Emotionally Blackmail කරන්නෙ? එහෙම වෙන්න පුලුවන් ද? ඒක මහ අභුත චෝදනාවක් විතරයි නේද? 

ඉඳින් චිත්‍රපටය නැවත හෙට නැරඹීමට උත්සාහ කරමි. තාවකාලික සිනහ මුහුණ, එයාගෙ සතුට ආරක්ෂාව නිදහස වෙනුවෙන් ඉවසන්න පුලුවන් උනත් ස්ථීර හිනා මූණක් එහෙම ඉවසන්න බෑ. ඒක මහ වේදනාවක්!

She - Good Night

He - Take Care

She - hmmmmmmm

He - Love you

She - Bye beloved brother 

He - Bye lovely sister

She - 🙂

He - 🙂



Thursday, December 10, 2020

වේදනාවෙන් මිරිකි මිරිකී නුඹවම සොයමි 

රෝස මල කටු නටුවක රැකවරණ මත සුවෙන්

පියාපත් ඇතත් පියාඹා'විත් පෙති තලන්නට සිත් නොදේ

පෑරෙන රිදුම් සමඟ මල් නටුව මගක රැදී සිටිමි

සීරුම් ඇදුම් කන මොහොතක නුඹ පිපී හිනැහෙන මොහොතක් පතමි

සමහර බැඳීම් ඉස්සරහ අපි හරි අසරණයි. ජීවත් වෙනවද මැරෙනවද කියන එකවත් තීරණය කර ගන්න බැරි තරමට අසරණයි.

හදවතින් ආදරේ කරන කෙනෙක් ඒ ආදරේ වෙනුවෙන් නොකරන දෙයක් නෑ. ඒ ආදරේ තමන්ගෙ කර ගන්න නොකරන දෙයක් නෑ.

සමහරුනන් කියයි ප්‍රතික්ෂේප කිරීම් තමයි ජීවිතේට ලැබෙන ලොකුම ආශිර්වාදය කියල. පිස්සු. එහෙම වෙලාම බලන්න ඕනෙ ඔය දාර්ශනික වදන් හරි යනවද කියල. තමන්ව ප්‍රතික්ෂේප උනාම එහෙනන් මිනිස්සු ඇයි ජීවිතේ නැති කර ගන්නෙ. ඒ මිනිස්සුන්ට ඒ ආදරේ තමන්ගෙ ජීවිතේට වඩා වටින නිසා නෙවේද? 

ඒ නිසා වැරැද්දක් නැතුව තමන්ට ආදරේ කරන කෙනෙක් අමතක කරල දාන්න එපා කිසිම දවසක. තමන්ට ආදරේ කරන මනුස්සයා විඳවන හැටි රස විඳින්න එපා. ඒ මනුස්සයගෙ ජීවිතේ විනාස වෙන හැටි බලාගෙන ඉන්නවත්, නොදැක්ක විදිහට අහක බලන් ඉන්නවත් එපා. 

කවද හරි දවසක අමතක වෙලා යයි කියල හිතෙයි. ඔව්...එහෙම වෙයි. ඒත් එදාට තමන් වෙනුවෙන්, තමන්ගෙ ආදරය වෙනුවෙන්, තමන්ගෙ එක වචනයක් වෙනුවෙන්, තමන්ගෙ එක හිනාවක් වෙනුවෙන් කෙනෙක් එයාගෙ ජීවිතෙන් වන්දි ගෙවල තියෙයි.

එදාටත් හිතෙයිද මම ඒ "කරදරෙන් නිදහස්" වුනා කියල?

Wednesday, December 9, 2020

ආදරේ කියන්නෙ පුදුමාකාර දෙයක්. ඒකට පුලුවන් මනුස්සයෙක් ජීවත් කරන්න. ඒ වගේම මැරි මැරී ජීවත් කරන්න. එහෙම නැත්නන් මරලම දාන්න. ඒක තීරණේ කරන්නෙ ආදරේ කරන අයමයි.

අපි කන්න ආස කෑමක් අපිට කවදාවත් නොලැබුනොත් අපි මැරෙන්නෙ නෑ. අපිට දුකකුත් නෑ. තිබ්බොත් හොඳයි කියල හිතෙයි. ඒත් නැතත් අවුලක් නෑ. අහල තියෙනවද ඒ වගේ රස කෑමක් කන්න නෑ කියල මැරුණ අය. පිස්සො වුණ අය. 

හැබැයි ආදරේ එහෙම නෑ. ඒක නැති වෙන එක දරා ගන්න බෑ. නොලැබෙන එක දරා ගන්නත් බෑ. ලැබුණු ආදරයක් වෙනස් වෙන එක එච්චරවත් බෑ. ආදරේ නිසා තමංගෙ ජීවිතේ නැති කර ගත්ත අය කොච්චර ඇත්ද? ආදරේ නිසා පිස්සන්කොටු වලට කොටු වෙච්ච ජීවිත මෙච්චරයි කියල කියන පුලුවන්ද? ආදරේ නිසා මිනීමරුවො වෙච්ච අය පවා ඉන්නවා නේද?

ඒක හරියි කියනවා නෙවේ. නමුත් ඒක නේද යතාර්තය. මනුස්සයෙක්ට ආදරේ නැතුව ජීවත් වෙන්න බෑ. ඕනෙ හොරෙක්, මිනීමරුවෙක්, සල්ලාලයෙක් ඇතුලෙ උනත් ආදරේ කියන දේට ඉඩක් තියෙනවා. ඒ වගේ මනුස්සයෙක්ගෙ පපුව උනත් එක පාරට ගැස්සිලා යන්න හේතුවක් තමයි තමන්ගෙ ආදරේ නැති වෙන්න යනවා කියන හැඟීම. 

ඒ වගේ හැඟීමක් පාලනය කර ගන්න පුලුවන්නන් හොඳයි. ඒත් ඒ කොහොමද? අඬල පුලුවන්ද? ආදරේ නිසා අඬන ගෑණු පිරිමි අඬල ඒක දරා ගන්නවද? එහෙම බෑ. එක්කො මුලු ජීවිත කාලෙම විඳවයි. එක්කො තමන්ගෙන්ම පළි අරන් විනාස වෙයි. මම මේ කතා කරන්නෙ ඇත්තටම ආදරේ කරන අය ගැන. 

කිසිම දෙයක් බලාපොරොත්තු නොවී, කිසිම ස්පර්ශයක්වත් බලාපොරොත්තු නොවී ආදරේ කරන කෙනෙක්ට තමන්ගෙ ආදරවන්තයා හෝ ආදරවන්තිය කියන්නෙ මැණිකක්. ගොඩක් වටින මැණිකක්. ඒ මැණිකට උනත් හිතෙන්න පුලුවන් මේ කෙනාට මගේ තියෙන වටිනාකම මොකද්ද මෙච්චර කියල. ඒක කියන්න තේරෙන්නෙ නෑ.... මැණික. 

ඒක කියන්න තේරෙන්නෙ නෑ. ඒත් තමන්ගෙ ජීව්තේට වඩා වැඩි වටිනාකමක් තියෙනවා කියන එකනන් ඕනෙවටත් වැඩිය තේරෙනවා. 


දිනූෂ ජයසිංහ



Tuesday, December 8, 2020

ආදරය පුද කලේ ආදරෙන්                  ඉමහත්

ඒ නිසා වෙන්න ඇති මේ තරන්          සවිමත්

රිදවන්න හඬවන්න කරුනු කිම  මෙහෙමත්

තෑලුවාට පෙලුවාට ආදරෙයි     කොහොමත්

Sunday, December 6, 2020

 මම තවම පෙරමඟ බලා සිටිමි

ඔබගේ චායාවක් හෝ බලා බලා සිටිමි

මම මගේ ජීවිතය අත හැර බලා සිටිමි

ඔබ නොමැති ලොවක ජීවිත් වීමට නොහැකිම මැරි මැරී  ඉපදෙමි


මා ඔබට පණටත් වැඩිය ආදරය කරමි

ඔබ වෙනුවෙන් මියයමි

ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කරමි

නවතින්නට වෙහෙසෙමි


Saturday, December 5, 2020

ඇසිපිය නොහෙලා ඔබ එන තුරු බලා සිටින කීවෙනි දවසදැයි මට මතක නැත. රැයක් දවාලක් නැතුව මම ඔබ වෙනුවෙන් මග බලා හිඳිමි.  ඔබ මා අසල නැතැයි සිතන ජීවිතයක් මට නැත. එසේ සිතීමත් බිය උපදවනසුලුය. එවැන්නක් සිතෙන සිතෙන වාරයක් පාසා ශරීරය හරහා විදුලියක් ගමන් කරන්නාක් මෙන් හැඟීමක් දැනේ. එය එතරම්ම දරා ගත නොහැකි හැඟීමකි. මා නුඹෙන් නුඹව නොඉල්ලමි. මා ඉල්ලන්නෙ මාවය. 🙏

 ආදරය අහිමි වී යන බව දැනුණි

මාවතේ අතරමං කර ඔබ දුර ඇදුණි

පාලුවට මතක මුසු කොට මත් වෙමි

මරණයේ සයනය සුවැති බව දනිමි


ආදරය කියන්නෙම මත් වෙන්න පෙත්තක්

ඇබ්බැහිය අත්හැරිය නොහැකි වේදනාවක්

දැනුනොතින් ආදරය කවද හරි වතාවක්

දැනෙයි මගෙ හදවතට දැනෙන වේදනාවක්


යන්න යන්නම තව තවත් ලංවෙනා

පන්න පන්නම හිතට දෙන වේදනා

එන්න එන්නම මරණයක් ලං වෙනා

යන්න යනවිට ඔබ ඉතින් සතුටිනා

Friday, December 4, 2020

 නුඹ සුවෙන් නිදන්න

තවත් නිදි නැති රාත්‍රියක කටුක බව විඳිමි

රාත්‍රිය සුන්දර බව කී කවීන් සියල්ල බොරු කාරයෝ බව තීරණය කලෙමි

රාත්‍රිය ආදරය නම් වරද කල වුන්ගේ සිපිරි ගෙයයි

නමුත්

වරද කල සියල්ලන් දඬුවම් නොවිඳියි

සමහරුන් දඬුවම් මගහැර සුවෙන් නිදයි

ඒ නම් වාසනාව විය හැක

අවාසනාව කර පින්නාගෙන පැමිණියෙකුට එවැන්නක් බලාපොරොත්තු විය නොහැක

ජීවිතය හරි පුදුමයි

එකම ආදරයක දෙකොන සිටි දෙදෙනෙක්

ඔබ සුව නින්දක - මා ඔබට සුව පතමින් කල්පනාවක

ආදරේ කරන්න හැමෝටම බෑ

ඒ මත්තෙම නැහෙන්නත් හැමෝටම බෑ

ආදරේ නිසා මැරෙන්න කලින්ම මැරිල ඉන්න කෙනෙක්ට

අමුතුවෙන් මැරෙන්න දේකුත් නෑ

මං ඇත්තටම මැරුණ දවසට අඬන්න එපා

මං මැරිල ගොඩක් කල්

 නුඹ නොමැති ජීවිතයක් කුමටද

එවැනි ජීවිතයකට වඩා සුදුසු මරණයයි

හිනැහී බලා සැනින් පලා යන්න

හදවත පුපූරනා හ්හැටි නූඹ න්නොදනී

දනීනම් නූබ මට මෙසේ නොකරනු ඇත

මාගේ මරණය බලාපොරොත්තු වන්නට තරම්  මා ඔබට වරදක් කර ඇත්ද?


🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

Thursday, December 3, 2020

රිදවන්න තව තවත් හදවත

පිරිමැදූම් කුමටද 

එකතු වන්නන් මාත් නුබට

පණ ගැහෙන පපුවට

අනින්න රූරා ලේ  ගලන්න

රත් පැහැ ලේ රටා 

හැඩ දමාවි නුඹව........

 You can't play with my life

You can just enjoy

I'm the one who can play with my own life

Watch it; have fun with a popcorn!

Wednesday, December 2, 2020

ඔයා ඉයන්ට ආදරේ කරන්න...... මං තරහ නෑ......ඒත් මං කොහොමද ඔයාට ආදරේ නොකර ඉන්නෙ.....?

Can you hear me

Ep. 34


Tuesday, December 1, 2020

 ඔබ දිනෙන් දින මරණයේ සුදු දද මගේ මග දෙපස අතුරයි

මා රැයෙන් රැය වීදුරු පුරා සතුට පැනින් ජීවිතය අයදියි

ව්‍යාග්‍ර ධේනුවක් ගොදුර අඩපණ කොට එදෙස බලා සිටියි

තවම මිය ගොස් නැත, බලාපොරොත්තු හැර මරණයට සැරසෙයි


සුදු නැති මගේ මරණය එපා වසන්න සුදු ඇඳුමකින්

කළු පැහැය කදිමයි, ආදරය නම් වරද  සිහිගන්වයි

කඳුලු ආවොත් සතුටට, සඟවාගෙනම ඉන්න වෙයි

හිස නමා බොරු වැඳුම් මොකටද, මළ සිරුරකට අකැපයි


මිතුරන් හමුවන්න තොරතුරු විමසන්න මේක උත්සවයක්

විහිලුවෙන් සිනාවෙන් ප්ලාස්ටික් පුටුවක ඉන්න පුලුවන් ටිකක්

වැරදි ඇද හොඳ විමසන තැනක පවසන්න ඔබත් බොරුවක්

මිනීමරුවන් මළගමට පැමිණෙන එක සමාන්‍ය සිරිතක්

 Happiness


You feel happy?

Making a living corpse, who loved most;

Keping wide awake, who looked after   most;

Making drunkard, who took care always;

Waitng eargaly for death, of the painful soul!

Friday, November 27, 2020

 මිනිස්සු නිහඬව ඉන්නෙ එහෙම ඉන්න එක මරු හින්ද කියල හිතනව නේද

ඒත් ඒ නිහඬතාවය කියන්නෙ කොච්චර වේදනාවක්ද කියල කාටවත් තේරෙන්නෙ නෑ

කවදාවත් එහෙම තත්ත්වයකට පත් වෙන්නත් එපා 

හිතේ කිසිම තෙතමනයක් නැති මනුස්සයෙක්ටවත් ඔහොම ඉන්න බෑ




Sunday, November 15, 2020

 හමන සුළඟට පවා හිනැහී

ඔබේ වගතුග නිතර විමසමි

අතින් අල්ලා ගත්ත තැන්වල 

තුටින් ඇති බව සිතා සැනසෙමි


හරිම තොරතුරු නොලද දවසට

සියක් සෙත් කවි සෙමින් මුමුණමි

බොහෝ බැතිබර පෙමක අනුහස්

තියෙන බව හදවතින් අදහමි


හිස්ව හදවත ගිලන් මොහොතට

හිතින් ඔබ තව තදින් අල්ලමි

ඔබ මගේ මුළු ජීවිතේ බව 

පුංචි කවියක ලියා සඟවමි


___ශාමිලා හුසේන්___

Saturday, November 7, 2020

 - තේරුන් ගන්න

+ තේරෙනවා

- එහෙනන් කරදර නොකර ඉන්න

+ තේරුන් ගන්න

- මොනාද?

+ කරදර කරන්නෙ ඇයි කියන එක විතරක්



Friday, November 6, 2020

ආදරය තදින්ම දැනුනු තැන නැවතී සිටිමි

ආදරය දනවා ඇය නික්ම ගොස් දැයි  සිතෙන තරමට හාත්පස අඳුරුය මූසලය

ඔතනම ඉන්නැයි කියා ඔබ නික්ම ගිය තැනම, එදා සිට මා සිටිමි

ඔබ එතැයි යන බලාපොරොත්තුව කුසගිනි සා පිපාසා අමතක කර මා ජීවත් කරවයි

ඒ තැන මතකනම් හනික දිව එන්න

එකම තැන නොමැරී ජීවත්වීම වේදනාවකි



Wednesday, November 4, 2020

 ඔයා ජීවිතේ වැඩියෙන්ම කතා කරල තියෙන කෙනා එක්ක, තමන්ට ඕනෙ දෙයක් බය නැතිව කියන්න පුලුවන් විස්වාසවන්තයා එක්ක, මම මේක මෙහෙම කරාට කමක් නැද්ද කියල අහල උපදෙසක් ගන්න පුලුවන් කෙනත් එක්ක, කියන වචනෙකින් දෙකකින් ඕනෙ ප්‍රශ්නයක් අමතක වෙලා යන කෙනත් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න බැරි පාලු දූපතක කවද හරි තනිවෙන්න උනොත්........ඒකත් හරියට මේ වගේම ඇති.......

දිනූෂ ...... .....

Tuesday, November 3, 2020

 + මොකද්ද ආදරේ කියන්නෙ?

- මේකට

+ ආදරේ කියන්නෙ ගවුන් අරන් දෙන එකද?

- නෑ.....හැම තිස්සෙම ඔයා වෙනුවෙන් මොනා හරි දෙයක් කරන්න ඕනෙ කියල හිතෙන එකට.....හැම තිස්සෙම ඔයාව මතක් වෙන එකට.....හැම තිස්සෙම ඔයාව ආරක්ෂාකරන්න ඕනෙ කියල හිතෙන එකට.....කවුරු හරි ඔයාට ලං වෙන්න හැදුවොත්, ඊරිසියාවක්.....තරහක්.....ඇතිවෙන එකට.....


~ගිරිදේවී



Sunday, November 1, 2020

 ඔබ නොමැති දා ජීවිතය

වේදනාවක් බව දැරිය නොහැකි

පසක් වෙමින් යන බව

ඔබටවත් වැටහෙන්නෙ නැති බව

ඒ වේදනාව තීව්‍ර කරයි

Wednesday, October 28, 2020


 මනුස්සයෙක්ට ඕනැම දෙයක් ඉවසන්න පුලුවන් සීමාවක් තියෙනවා. ඉවසීමේ සීමාව කියන්නෙ ඒක පැන්නම තරහ යන සීමාවක් විතරක්ම නෙවේ. ඔලුවෙ මහා ආදරයක් පුරවගෙන ඒක පිටකරන්න බැරුව ඉන්න පුලුවන් සීමාවක් තියෙනවා කියන එකත් කවුරුත් දැන ගන්න ඕනෙ. ඒ සීමා ඉර පැන්නම වෙන දේවල් වලට මට වග කියන්න අමාරුයි......


Monday, October 26, 2020

 ඔබට මා අමතක බැව්

පිළිගැනීමට අකමැති සිත

සැඟවී හෝ ඔබ සිටීදැයි

පීර පීරා සෙව්වා

ඒත්, ඇඳිරිනීතිය

හ ද ව ත ට

Tuesday, October 20, 2020

 නුඹ සුව නින්දක

මා මතක අතර ගමනක 

මල් ඵල දැරූ උද්‍යානයක් අසබඩ

ගිමන් හරින නිමේෂයක

මල් ඵල කිමද රහසින් කීවා

ගිණියම් වාලුකා කතරක

පය දැවි දැවී යන'තර

වේදනාව සුවයක් බව කෑගසා කීවා

හීන් මල් වැසි යටින් ජීවිතය සොයන විට

ජීවිතය මා (නොවන) බැව්

(නො)දැනෙන්න (නො)රිදෙන්න කීවා

හසුව සැඩ මාරුතයකට 

පාවී පාවී එක්වර

සිහිනයෙන් සැනින් මිදුනා

නුඹට සුබ සිහින පැතුවා

Thursday, October 1, 2020

ඉඳහිට හෝ පැමිණ

මගේ දුක රසවිඳ 

සමච්චල් සිනාවක් පා

යන බැව් දනිමි

එබැවින් ලියමි


අවැසි වූ සේම

නුඹට, අන් අයට

අසීමිත වේදනාවෙන්

නොහඬා හඬමි

කඳුලු සඟවමි


නුඹ නොමැති ඉසව්වක

මා නොමළ මළමිණියකි

මා නොමැති ඉසව්වක

නුඹ නිදහස් කිරිල්ලකි

අගුලු ලන හේතුව දනිමි


නැවත නැවතත් කියමි

දුකින් පමණක් ලියමි

නුඹෙ සතුටම පතමි

ඒ වෙනුවෙන් ලියමි

ඉතින් හිනැහෙන්න මා දුකිනි.....

Friday, September 18, 2020

 "ඔබ හිනැහෙන දිනෙක පමණක්ම හිනැහෙමි"


Wednesday, September 16, 2020

 සමහර වචන ඇහුනාම මේ මොනාද වෙන්න යන්නෙ කියල හිතුනට

උගුර යට මොකද්දෝ හිටවෙලා වගේ දැනුනට

තමන්ටත් හොරෙන් ගෑණු පිරිමි භේදයක් නැතුව කදුලු ඉනුවට

මේ නැතිවෙන්න තමන්ට හුස්ම දීපු ජීවිතේ නේද කියල හිතුනට

එතනින් පස්සෙ ජීවත් වෙන හැටි ගැන අවිනිශ්චිත මුස්පේන්තු ගතියක් දැනුනට

කොටින්ම ජීවත් වෙලා වැඩ තියෙනවද කියල හිතුනට

ඒ හැම දේටම උඩ්න් හැම වෙලාවෙම තියෙන්නෙ එයාගෙ අනාගතය

ඉතින් කොහොමද කෑ ගහල අඬන්නෙවත්.......


දිනූෂ

Tuesday, September 1, 2020

ආලය කරමි

ආපිට නොපතමි 

ජය පතමි

ආලයේ සුරාන්තය විඳිමි


"Climax of my love towords you is your success "

Thursday, August 27, 2020

හඳ පලුව දෙස බලා හිනැහෙන්න

 

සොඳුර,
මදක් කවුළුවෙන් එපිට බලන්න
අන්දකාරය කපාගෙන
තනිව හිනැහෙන හඳ පලුව දුටුවාද
ඒ දෙස බලා හිනැහෙන්න.......
සඳ එළිය මදක් තීව්‍ර වී දුටිමි
එනයින් හඳ පළුවෙන්  🌙  නුඹව දකිමි
නුඹ හා හිනැහෙමි.......
ලං වෙන්න බැරි දුර ඈත තැනක
දොරගුළු දැමූ අන්සතු පුංචි කුටියක සිට
හිනැහෙන නුඹව දකිමි.......
වේදනාවෙන් හිනැහෙන හඬමින් ප්‍රීතිවෙන
මගේ ජීවිතයට පණක් ලබමි........

දිනූෂ
2020.08.27
කිලිනොච්චියේ දී

Sunday, August 23, 2020

 ඈත සිතිජය කෙළවරට

පුලුවන්ද එන්න ටිකකට

එතන විතරයි නිදහසේ

හමුවෙන්න පුළුවන් අපිට


අහන්න.... මැණික

මට ඕනෙ උඹව දකින්න

රළු දෑත් කම්මුලේ තියන්

උඹෙන් සමාව ඉල්ලන්න


ඇත්තමයි.... මැණික

මං කලේ වරදක්

ආදරේ වුණ එකම

හදන්නම බැරි වරදක්


Saturday, August 22, 2020

නික්ම(නො)යාම

මගේ නොනිම් ආදරයේ වපරිසරයෙන් නුඹ මුදා හැර නික්ම යා යුතු මුත්

නුඹේ නොනිම් ආදර‍යේ වපරිසරයෙන් මිදී යාමේ වේදනාව ඊට මග අහුරයි

ලෝකයෙන් වෙන්වුණු වෘත්තයක පරිධියේ දෙපස එකම වේගයෙන්

මා ඔබ පසුපස දිව එමි

නුඹ මා පසුපස.......

නැත!

නුඹ මගෙන් මිදී දිව යයි......!


නුඹ වගේමය

 දුම් වැටියක් දැල්වුවෙමි

දුමාරය මොහොතක් මා වට දැවටී වෙන්විය

වාකවුලුවෙන් නිදහස් විය

හරියට නුඹ වගේමය....

වේදනාවේ නිකොටින් 

පමණක්ම ඉතිරි විය

ඒත් හරියට නුඹ වගේමය....


Friday, August 21, 2020

 පට්ට අසරණ වෙලාවට

දුවන් ආවෙ ඔයා ලඟට

ජීවත් කලේ මාව

ඔයාගෙ ඒ වචන දෙක තුන

එහෙව් ඔයා යන්න ගිහින්

පට්ට අසරණ කරල මාව

නික්ම යන්නට කාලය ලංව ඇත.....

 ආදරය කලේ ආදරය කරන්නේ

නුඹටම පමණය

ලියන්නේ නුඹටමය නුඹ වෙනුවෙන්ම පමණය

සිතන්නෙ හඬන්නේ නුඹ නිසා නුඹ වෙනුවෙන්මය

මේ අවනඩුව කියන්නේ මා මිය යා යුතු බවය, 

මගේ නොනිම් ආදරයේ වපරිසරයෙන් නුඹ මුදා හැර ජීවිතයෙන් නික්ම යා යුතු බවය.....

Thursday, August 20, 2020

 ජීවිතය 

හුස්ම

නින්ද

ඉදුරගෙන

මටම

පෙන්න පෙන්න

රිද්දන්නෙ

කොහොමද 

ඔහොම







 ආදරය අහිමිව කතරක් මැද සිට

ඔබ හමුව ඔබ සමඟ කෙම් බිමක් සොයා ආ

කතර මැදටම රැගෙන ගොස් දමා අතට මඟ

වෙන් වෙලා නුඹ ගියා කෙම්බිමට තනිවම

ගිය පසුව වැටහුණා කෙම්බිමක් මට කොහිද

නුඹමමයි මගේ කෙම්බිම, මට සදා අහිමි වූ.....

 

Wednesday, August 19, 2020

 ඔබ නොමැති ජීවිතය නම්

දිය රැළිති නැති ගැඹුරු ගංගාවේ 

පාවෙමින් සිටිමි උඩුබැලි අතට ඔහේ

නහය විතරක් චුට්ටක්

වතුරෙන් උඩට

හුස්ම ගන්නට අවැසි නිසා පමණක්

නිලංකාරය දෑස් වැසී ගොස්

දැවෙමින් රක්ත හිරු කිරණින්

මා සිටින්නේ දුක සතුට නාදුනන

ඔබ නොමති ජීවිතය නම් ගංගාවේ

ගැඹුරුම ගැඹුරු තැනක 

උඩුබැලි අතට පාවෙමින්

ඉඳ හිට ඉහෙන පල් වතුර බිඳකින්

නිවාගෙන පිපාසය 

පෙඳ පාසි නිව්වා වගේ මතකයි සාගින්න

ඔහේ පාවෙමි ඔහේ පාවෙමි

ඔබ නොමැති ජීවිතය නම් ගංගාවේ

තනියට ඔබ නොපැමිණෙන බව දනිමි

ඔහේ පාවෙන ජීවිතය නොවටිනා බවද දනිමි

ඔබෙනුත් අත්වැලක් නොලැබේනම්

වෙනකෙක් පිහිටට නොඑන බවද දනිමි

එබැවින් පාවෙමි 

දුක සතුට නොදැනෙන 

ඔබ නොමැති ගංගාවේ.....

එසේ පාවී අවසන මියෙමි.........

 බය වෙලා ඇහැරෙන්නෙ

හීනෙ හිටියෙ ඔයා

මට රැවටිච්ච ඔයා

හීනෙ විතරක්ම නෙවේ

ඇහැරුනාමත් හිතේ ඉන්නෙ ඔයා

මට රැවටිච්ච ඔයා






ඕනෙම මිනිහෙක්ට හිතේ ආදරයක් ඇති වෙන්න පුලුවන්. ඒ මිනිහා හොරෙක්ද, බොරුකාරයෙක්ද, බේබද්දෙක්ඩ්ද, රඟපාන එකෙක්ද, දේශපාලකයෙක්ද, රජයේ සේවකයෙක්ද, බිස්නස් කාරයෙක්ද, පූජ්‍ය පක්ෂෙද, හිඟන්නෙක්ද, පාතල කාරයෙක්ද, කියන එක අදාල නෑ. හිතේ ආදරයක් ඇති උනාම ඒ ආදරේ තමයි අංක එක. ඒ මත්තෙ ජීවත් වෙන්නෙ. එහෙම වෙලාවක ඒ ආදරේ දමල ගහල යන්න යන්වනන්, තරාතිරම් අදාල නැතුවම මහ මූසල හැඟීමක් තමයි හිතට එන්නෙ. ආදරයක් නැති වෙනවා කියන්න දරන්න පුලුවන් දෙයක් නෙවේ. ඒ වගේ වෙලාවක ඇත්තටම ආදරේ කරපු පාතාල කාරයෙක්ටවත් තමන්ගෙ ආදරේ වෙනුවෙන් කඳුළක් නොහෙළා ඉන්න අමාරුයි. ඌ පාතාල කාරයෙක් කියල ඒ ගෑනිව උස්සගෙන ඇවිත් දස වද දෙන්නෙ නෑ. පැත්තකට වෙලා අඬනවා ඇරෙන්න. ආදරේදි බොරුකාරයො කියල ජාතියකුත් නෑ. මොකෙක් හරි බොරු කරනවනනන් ඒ යකා ආදරේ නෑ. හැබැයි, ආදරේ මනුස්සයෙක්ට කවදාවත් බොරු කරබ එක ලේසිත් නෑ. ඒ නිසා කිසිම හේතුවකට ආදරේ කරපු මනුස්සයෙක්ව මොකක් හරි හේතුවක් හොයාගෙන අමතක කරන්න හදනවනන්, ඒ ඌව මරල දානවා වගේ වැඩක්. ඒ මනුස්සය ජීවත් උනත් මැරි මැරී ජීවත් වෙයි. ඒ මනුස්සයාගෙන් ගැලවුණා කියල සතුටු වෙනවනන්, සෙලිබ්‍රේට් කරනවනන් හරි පව්. මනුස්සයෙක් ජීවත්ව ඉද්දිම මරණවා කියන්නෙ, මරල දානවට වඩා වේදනාවක්. 

 ඕනෙම මිනිහෙක්ට හිතේ ආදරයක් ඇති වෙන්න පුලුවන්. ඒ මිනිහා හොරෙක්ද, බොරුකාරයෙක්ද, බේබද්දෙක්ඩ්ද, රඟපාන එකෙක්ද, දේශපාලකයෙක්ද, රජයේ  ආද්       ආඩ්සේද්වර්ක්ද, බිස්නස් කාරයෙක්ද, පූජ්‍ය පක්ෂෙද, හිඟන්නෙක්ද, පාතල කාරයෙක්ද, කියන එක අදාල නෑ. හිතේ ආදරයක් ඇති උනාම ඒ ආදරේ තමයි අංක එක. ඒ මත්තෙ ජීවත් වෙන්නෙ. එහෙම වෙලාවක ඒ ආදරේ දමල ගහල යන්න යන්වනන්, තරාතිරම් අදාල නැතුවම මහ මූසල හැඟීමක් තමයි හිතට එන්නෙ. ආදරයක් නැති වෙනවා කියන්න දරන්න පුලුවන් දෙයක් නෙවේ. ඒ වගේ වෙලාවක ඇත්තටම ආදරේ කරපු පාතාල කාරයෙක්ටවත් තමන්ගෙ ආදරේ වෙනුවෙන් කඳුළක් නොහෙළා ඉන්න අමාරුයි. ඌ පාතාල කාරයෙක් කියල ඒ ගෑනිව උස්සගෙන ඇවිත් දස වද දෙන්නෙ නෑ. පැත්තකට වෙලා අඬනවා ඇරෙන්න. ආදරේදි බොරුකාරයො කියල ජාතියකුත් නෑ. මොකෙක් හරි බොරු කරනවනනන් ඒ යකා ආදරේ නෑ. හැබැයි, ආදරේ මනුස්සයෙක්ට කවදාවත් බොරු කරබ එක ලේසිත් නෑ. ඒ නිසා කිසිම හේතුවකට ආදරේ කරපු මනුස්සයෙක්ව මොකක් හරි හේතුවක් හොයාගෙන අමතක කරන්න හදනවනන්, ඒ ඌව මරල දානවා වගේ වැඩක්. ඒ මනුස්සය ජීවත් උනත් මැරි මැරී ජීවත් වෙයි. ඒ මනුස්සයාගෙන් ගැලවුණා කියල සතුටු වෙනවනන්, සෙලිබ්‍රේට් කරනවනන් හරි පව්. මනුස්සයෙක් ජීවත්ව ඉද්දිම මරණවා කියන්නෙ, මරල දානවට වඩා වේදනාවක්. 

Monday, August 17, 2020

 හරිම සතුටින් නිදන්න සොඳුර

මා මියගොස් දැයි වරින් වර බලමින්

හරිම සතුටින් නිදන්න සොඳුර


මියෙන්නට තව කල් බොහෝමැයි

නුඹට ප්‍රේම කල සිත නුඹ සොයා ගමනක

ගත මියැදුන දිනක වුව සිත නුඹ කරා එනු නියතය

එබැවින් මරණය දුරය.....

මා මිය ගිය බැව් සැළ වුවත්, සතුටු නොවන්න

සැබවින්ම මිය යන්න තව කලක් යනු ඇත

Sunday, August 9, 2020

 "ප්‍රේමයක් පැමිණෙන්නේ අනෙකාට ගෞරව කරනවායැයි හදවතින් තබන ගිවිසුම සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ එකිනෙකාව දරාගන්නවා යැයි,  එකිනෙකා වෙනුවෙන් ලෝකයක් ඉදිරියේ පෙනී සිටිනවා යැයි යන පොරොන්දුව සමග ය. 


ප්‍රේමයක් පැමිණෙන්නේ නොරිද්දා රකිනවායැයි යන සපථ කිරීම සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ කුදු මහත් ලෝකය අස්සේ මතක් වන , සොයාබලන බවට වන එකගවීම් සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ නන්නාදුන ගැහැණියක ට,  පිරිමියෙකු ට තම  ජීවිතයේ ලොකුම කොටස වෙන් කර දෙනවා යැයි ගත් තීරණය සමග ය. ප්‍රේමයක් පැමිණෙන්නේ ලෝකයක අවමන් ඉදිරියේ රකිනවා යැයි හදවත් වලින් වූ පොරොන්දුවක් සමග ය. 


ප්‍රේමය යනු, පෙනීසිටීම් ය , දරාගැනීම් ය, රැකබලාගැනීම් ය, ඉවසීම් ය, නොරිද්දා සිටීම් ය, ගෞරව කිරීම් ය. තුවාල නොකිරීම් ය.


හදවත් පරෙස්සම් කිරීමේ වගකීම ගැනීම් ය."

           -Copied from Sami Romana Bannahaka

 නුඹ නොමැති කොදෙව්වක

නුඹවම සොයනු මිස

නුඹ දුරින් වග

සිතන්නටවත් පැකිළෙන සිත

❤️

Friday, August 7, 2020

ඒක මහ පුදුම හැඟීමක්
ඒ වචන මහ පුදුම වේදනවක්
නින්ද නොකැඳවන 
රෑ පුරා බියවී හඬන්නට සිත්දෙන
නුඹ නොමැති ලෝකයක්
නුඹෙත් තොර ජීවිතයක්
සිතා ගනු නොහැකිව
දරා ගනු නොහැකිව
රෑ පුරා ඉකි බිඳින සිතැතිව
වේදනාවෙන් මිය යන හැඟීමක්
ඉකි බිඳුම් සිර කරන්
වේදනාවෙන් ටිකෙන් ටික
මියෑදෙන තරම් වන හැඟීමක්
නුඹ නොමැති දාක මා
ජීවයක් නැති ජීවියෙක්.....

Tuesday, August 4, 2020


තමන් ආදරේ කරන කෙනාව පරිස්සන් කරන එක තරන් වගකීමක් පිරිමියෙක්ට තවත් නැතුව ඇති. ආදරය උනත් ඊට පිටිපස්සෙන් ඇත්තෙ......

කොච්චර ස්ත්‍රීවාදී කාන්තාවකට උනත් තමන් ආදරේ කරන, විශ්වාසවන්ත පිරිමියෙක් ළඟ ඉන්නවනන් විශාල සහනයක්, නිදහසක් දැනෙනවා කියන එක බොරු කියන්න අමාරුයි......

ඒ වගේම තමයි ඒකෙ අනික් පැත්තත්. තමන් ආදරේ කරන කෙනාව ආරක්ෂා කරන්න තමන්ට අතපසුවෙනවා කියන එක තරන් පිරිමියෙක්ට පසුතැවිලි වෙන්න තවත් හේතුවක් නැතුව ඇති. ඒ වෙලාවට දැනෙන්නෙ තමන් ජීවත් වෙන එකේ පළක් තියෙනවද වගේ මහ කාලකන්නි හැඟීමක්.......

තමන්ව විශ්වාස කරල තමන් ළඟ ඉන්න කෙනාව, තමන්ට ආදරේ කරන කෙනාව, තමන් ආදරේ කරන කෙනාව ආරක්ෂා කරගන්න බැරි වෙනවට වඩා එහෙම වෙන එක හොඳයි තමයි.....

එතකොට නොපෙනී ඉන්න ආත්මයක් වෙලා හරි ඒ ආරක්ෂාව දෙන්න පුලුවන් වෙයි කියල සීයට දශමයක හරි බලාපොරොත්තුවක් තියෙනවනෙ......

දිනූෂ
04.08.2020

Sunday, July 26, 2020

කොටනකොට පපුවටම වචන ආයුධ වලින් එක පාර මැරෙන්නෙත් නෑ
ආදරේ විතරක්ම ඉතිරිලා ගිය හිතට වෛරයක් දැනුනෙවත් නෑ
හුස්ම දුන් නුඹ නැතිව ජීවිතේ ගෙවෙන හැටි කියාදෙන්නත් කෙනෙක් නෑ
මරන්නට හිතුනොතින් ඔලුවටම තියාපන් ආදරේනන් මැරෙන් නෑ

Saturday, July 25, 2020

මෙච්චරයි  කියන්නත් බැරි
කොච්චරක් ද තේරෙන් නැති
පිච්චර් එකක් වගේ
ආදර කතාවක
උඹත් එක්ක රඟපාන්න
මොකට ගත්තද මාව.....

මෙච්චර දෙයක් වෙනකන්
හිටියෙ මොකද නිස්සද්දව.....

Friday, July 10, 2020

තිත්ත බීර වීදුරුවක සිසිල්
මිහිර මේ යැයි කියා දුන්
පපුව පුච්චන නිකොටින් දුම් රොටු
වේදනාවන් නිවන'යුරු කියා දුන්
පපුව පුච්චන ආදරය මේ යැයි
යළි යළිත් මට කියා දුන්
නුඹයි හිත් දවන "සොඳුරිය"
නිදි නැති නෙතට කඳුලු දුන්

Tuesday, July 7, 2020

උරහිසට නුඹෙ බර වෙලා
කඳුලු හෙලමින් ඉකි ගසා
ලඟින් මොහොතක් ඉන්න දෙනවද
හුස්ම ගිලිහී යන තුරා......

Monday, June 22, 2020

එයා ගිහින්. මේ රූපරාමු දරා ගන්න හරි අමාරුයි. තමන් ආදරේ කරන අය ලඟින්ම ඉන්නවනන් කොච්චර හොඳද. පරිස්සන් කර කරගෙන ඉඳල එයත් එක්කම යන දවසක යන්නත් පුලුවන්නන්.
...... .....


Wednesday, June 17, 2020

ගිලෙන මං
ගොඩ අරන්
හුස්ම දී
සුව කරන්
එක සැනින්
මුව වසා
හුස්ම ටික
හිර කලා
පණ තියෙද
බල බලා
විඩෙන් විඩ
සුව කළා
නුඹ මාව
සිර කළා
සුව කළා
සිර කළා
තවතවත්
නුඹ කෙරේ
ලං වුණා
ලං වුණා

Sunday, June 14, 2020


pk ෆිල්ම් එකේ ජග්ගු කියනවා එක තැනක, මට යන්න ඉඩ හරින්න තරන් එයා මට ආදරේ කලා කියලා....

අනේ මටනන් බෑ එච්චර ආදරේ වෙන්න 🙏



Saturday, June 13, 2020


එහෙනන් බලන්නන් ෆිල්ම් එකක්
නැත්නන් ටෙලියක්
හිත හදා ගන්න

සමනළ සංධ්වනිය බලන්න ගත්තා. වාදීෂගෙයි පුන්‍යාගෙයි අහිමි වෙච්ච ආදර කතාව. මගේ නොවන මගේම ආදරයක් ගැන කියවෙන කතාව. එකකට එකක් සම්බන්ධයක් නැති, මෙන්න මේකයි කියන්න හේතුවක් නැති දේට මිනිස්සු ආදරේ කියල කියනවලු.

ඊලඟට දැකල පුරුදු කෙනෙක්. ආදරේ කියන්නෙ දැනෙන දෙයක්ලු. ආදරේ කියන දේ දැනෙන දෙයක් කියල දැනගත්තෙ එයාගෙන්ලු.

තැතින් තැන, අතරින් පතර සහෝදරයා බලන්න පටන් ගත්තා. තමන්ට නොලැබිච්ච, තමන්ගෙ යාලුවෙක්ට ලැබිච්ච ආදරේ, උත්තරාදේවිව, අජන්ත පරිස්සන් කරන හැටි......කිසිම දෙයක් බලාපොරොත්තු නොවී රකින හැටි......

ඒකත් අල්ලලා දාල තණමල්විල කොල්ලෙක් බලන්න ගත්තා. යශෝධරා දීප්තට ආදරේ කරනවද? කිසිම දෙයක ආපිට බලාපොරොත්තු නොවී දීප්තට මගපෙන්නපු යශෝධරා අවසානයේ දීප්තගෙන් ඉල්ලන්නෙ හැම තිස්සෙම කල්පනාවෙන් වැඩකරන්න. ඒ නැවත නොඑන්නම යන ගමනක් නිසාදෝ කියල හිතුනෙ.....

ඊලඟට බියර් විතවුට් ඇල්කොහොල්. ලොක්ඩවුන් කාලෙ හඳගම හදපු ශෝර්ට්ෆිල්ම් එක. ආදරේට ඇදවටෙන හැටිද, ආදරේ නිසා ඇද වැටෙන හැටිද, ආදරේ නිසා ඇදවට්ටවන හැටිද මොකද්ද මන්ද මහ අමුතු එකක් එක්ක "falling in love" කියල ඉවර වුනේ ඒකත්. මෙන්න මේ සිංදුව පසුබිමින් ඇහෙන ගමන්..... "මට මා අමතක....නිමේෂයක ඔබ කඩා වැදී මා සිත් ආකාසෙට.... උල්කාවක් සේ එලිය විහිදුවා..... නිවී ගියා කළුවරම ඉතිරිකර...මායාවකී ඔබ ඇත්තක් වාගේ..... මා දෑසේ දැවටූ...."

යන්තන් ඊට පස්සෙ වීරයා ගෙදර ඇවිත් එකේ එපිසෝඩ් හතරක් බලා ගත්තා. හතර වෙනි එකේ මෙහෙම වෙනවා....ගමට ආපු කුලේට මගදි විශාකා මුණ ගහෙනවා. කුලේගෙ ඇස් පේන්නෙ නෑ. දෙන්න මූණට මූණ හම්බෙලත්, විශාකා කතා කරන්නෙ නෑ. එයා ඉන්නවා කියල දැන ගන්න කුලේට වෙන විදිහකුත් නෑ. කුලේ හරි අසරණයි. ඈතින් විශාකා විල්බට් මාමා එක්ක කතා කරන එක යන්තමට ඇහුණ කුලේ දැනගන්නවා විශාක තමන්ව දැක්කත් මග ඇරල ගිය වග.... පස්සෙ දවසක කුලේ මෙහෙම අහනවා...."තාමත් ඉස්සර වගේමද, මහතද.......මට ඔයාව බලන්න ඕනෙ, මං දන්නවා ඔයා බැඳල කියල...ඒත් මට ඔයාව බලන්න ඕනෙ........"

ඉතින් දැන් මට මොකද්ද කරන්න කියන්නෙ....?
පොතක් බලන්න ගත්තා
දුර ඈතක ඉන්න
මූණ දැකලවත් නැති
කවදාහරි ලැබෙයිද දන්නෙත් නැති
ලස්සනම ලස්සන කෙල්ලෙක්ට
හිතින් විතරක් තදින් බැඳිල
ආදරේ කරන කතාවක් ඒක
කියන්න
දැන් මම කරන්න ඕනෙ මොකද්ද
පෙරටත් වැඩිපුර විඳවන්නද........?
නැත්නන්........?

Friday, June 12, 2020

රිදෙන්නැතුවැ'ති නුඹේ හිත
රිදෙන තරමට මගේ හිත
මරා නොමරා තලා පොඩිකර
දමාපන් නුඹ මගේ හිත

Thursday, June 11, 2020

මැණික
අපි හිර වෙලා ඉන්නෙ උගුලක
කටු කම්බි ගෙල හිර කරන උගුලක
ගැලවෙන්න දඟලන්න දඟලන්න
තව තවත් එහිම හිරවෙන උගුලක
ඉන්න විදිහටම දඟලන්නෙ නැතුවම ඉමු නේද
ගැලවෙන්න දඟලද්දි හැදෙන තුවාල වේදනයි නේද
අනේ අපි මෙහෙමම ඉමු නේද

😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆😆🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪🤪👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻👻😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😄😄😄😄😄😄
නොලියන්න හිතුවාට
මට ඇත්තෙ මෙච්චරයි
සතුටින්ද වෙනදාට
වඩා, එහෙනන් හොඳයි
ගෙතුවාට දුකට පද
දනින්නැත්තන් හොඳයි
මා මරා සැනසෙන්න
ඒත් මං ආදරෙයි


Wednesday, June 10, 2020


දෑස් පියා ගන්න නිදහසේ
කියන්න නුඹ සුවෙන්ද සොඳුරියේ







Saturday, June 6, 2020


සත් මසක් ගෙවුණා
සත් වසක් සදිසිව සත් මසක් ගෙවුණා
සිතක් දෙසිතෙන් තනි වෙලා
මග හැරී මග තොට - මග නොමග පැටලිලා


කොඳ  කැකුළු පීදුණු සඳ පහන් සීතේ
තරු කිනිති කැල්මෙන් මග කියූ යාමේ
නුරා - අනුරා හැඟුම් පොදි බැඳ
නුඹයි ඒ ආවේ - මා  වෙත  නුඹයි ඒ ආවේ


ලෙහි හොවා  වැඩු  පුතු ගිලන් වී
සිත විකල් වී දැයි නොම දනී
අබිනික්මනට තව කල් වැඩී
ආපිට හැරෙන් මගෙ  මධුමතී - මම නුඹ ලඟයි තව මධුමතී


(නිමිත්ත : සත් මසකට පෙර පිළිකා රෝගී පුතු හා තමා  තනිකර නිවෙස හැර ගිය බිරිඳ සොයා දෙන්නැ'යි සැමියකු ආයාචනා කරයි.)

පද: නිරෝධා මල්ලිකාරච්චි

Wednesday, June 3, 2020

ආදරිය නුඹෙ හිස
හොවා මා උර මත
ගුළිවෙන්න තිබුණානම්
සෙමින් නළලත පිරිමැද
කාන්සිය මාන්සිය
නිවා ලන්නට ඇත්නම්
සිසිල් පවන් රැල්
නිවන සේ දාහය
සනසන්න තිබුණානම්
සොඳුර නුඹ මගේ වී
මා නුඹේ වී
අපි අපේ වී තිබුණානම්

Sunday, May 31, 2020

මීට කලින් ලියපු ප්ලේටෝගෙ ආදරය ගැන කියවීම් එක්ක මේරූපරාමු ගැන පොඩි අවබෝධයක් ඇති.....

 ඇත්තටම ලංකාවෙ ටෙලිනාට්‍යක දැකපු අතිශය සංවේදී මේ රූපරාමු කීපය ඊයෙ ඉඳන් මේ වෙනකන් දහ පාරකර වඩා බලන්න ඇති.....

 කිසිම දෙයක ආපිට බලාපොරොත්තු නොවී දීප්තට මගපෙන්නපු යශෝධරා අවසානයෙ එක දෙයක් බලාපොරොත්තු වෙනවා දීප්තගෙන්.....

"......හැම තිස්සෙම කල්පනාවෙන් වැඩකරන්න...."

මනුස්සයෙක්ට හරි ගෑණියෙක්ට හරි එහෙම ආදරේ කරන්න පුළුවන්ද? එහෙම නැත්නන් ඒ ආදරේ නෙවේ, වෙන මොකක් හරි දෙයක්ද? සහෝදර බැඳීමක්ද කියල හිතෙන තරමටම.....

දිනුෂ ජයසිංහ
31.05.2020 පෙව 10.00


Thursday, May 28, 2020

හැමදාමත්ම වගේ
ආදරය නුඹ කෙරේ
තිබුණත් පිරී හිතේ
ඉතිරිලා ගියේ
ලියූ පදවල මගේ

ආදරය නුඹෙන්
නොලැබුණත් ඉතින්
ඉවසන්නෙ කෙලෙසකද
නුඹේ රුදු වදන්



Wednesday, May 27, 2020

ඉතින් අවසන
නුඹ පමණක්ම නොව
අහිමි වී ගොස්
මට මාව ද.....

ජීවිතේ වැඩි කොටස
නුඹ නමින් වෙන් කොට
ආදර සිනාවක්වත් නොපතාම
ආදරය කළ වරදට
නුඹම දඬුවම් දෙන'යුරු.....

එ'වදන් යවුල්
සිරකරයි හදවත
ගෙළ වටා හිරවන
කටු කම්බි මුදුවකි නුඹ
ආදරය වැඩි වෙදිදි
ගෙළ තවත් සිර වෙන.....

දන්නවද මැණික
නුඹේ රුදු වදන් එකවර
හදවත පසාරා එහෙට මෙහෙට
නොනැවතී විදුලියක් සේ
තලනවා පෙළනවා තාමත්
හොඳටෝම.....


Sunday, May 17, 2020

මං ආදරේම ඔය හිනාවට
නැති කර ගන්න එපා
කවදාවත්ම

Tuesday, May 12, 2020


දුරින් සිටින්නැයි මගෙන්
ඔබ ඉල්ලන්නෙ ඇයි
මේ තරම් දුරින් ඉන්'නෙකම
මහා හිස් කමක් දනවද්දි
ලඟට ලඟටම එන්නට
හිත දහස් වර කීවත්
නුඹෙ කඳුළු රිසි නැති නෙත්
දුරින් හිඳ නුඹ බලමි රකිමි තැවෙමි
"නුඹේ ලඟටම පැමිණ
නුඹේ වෙන්නට ඇත්නම්
ඔය උණුහුමේ මොහොතක්
රැඳෙන්නට ඉඩ ඇත්නම්"
නොසිතාම දුරින් හිඳ
ආදරම පමණක්ම දෙමි
ඒ මත්තෙම මැරුණු දාක
ටිකක් ඈතට යනකන්
දුරින් නුඹ ලඟ ඉන්නට
ඉඩ දෙන්න මම ඉල්ලමි 🙏

Monday, May 11, 2020

සිරුර අත් පා යදම් බැඳ හිර කරපු
මිනිහෙක්ට වචනමයි ඉතුරු
විශ්වාස නොකලාට වචන වල ඇත්තේම
ආදරේ හිත යට රැඳුණු
ඒ උනත් ආදරේ ක්‍රියාවක්, වචන නොව
කියද්දිත් ඔබ වෙලා නපුරු
වචන මේ හැටි ලිය වෙන්නෙ ඇයි
බොරු වෙන්න ඇති අකුරු

Thursday, May 7, 2020

නුඹ නමින් ඉපදෙන ආදරය
ලියවෙන්නෙ කවි ලෙස ඉඳ හිට
කවි නොලියවෙන දාට
ගැලූ කඳුලුත් කියයි ඒ ආදරය

Monday, May 4, 2020

තමන්ගෙම පපුව ගැහෙන සද්දෙ
තමන්ටම ඇහෙන එක
මහ කරුමයක්
තමන්ගෙ පපුව ගැහෙන සද්දෙ
අහන්නවත් කෙනෙක් නැති එක
ඊටත් වඩා කරුමයක්
                                       ~දිනූෂ












Friday, May 1, 2020

"ආශා - ඔයාගේ ඇස්වල කදුලු..?

සදුන් නිශ්සබ්දයි

ආශා  - මම කවදාවත් පිරිමින්ගේ ඇස්වල කදුලු දැකලා නැහැ....

සදුන් - ගෑනු හිතන් ඉන්නේ පිරිමි අඩන්නේ නැහැ කියලා....

ආශා - මං හිතුවේ ඒක පිරිමිකමට මදි කමක් කියලා....

සදුන් - හැම පිරිමියෙක් ඇතුලෙම සංවේදි මනුස්සයෙක් ජිවත්වෙනවා.. ගෑනු කවදාවත් ඒක හරියට දැක්කේ නැහැ...."

                                                    ~ගිරිදේවී

Thursday, April 30, 2020

නිදි නොමති රැයක
ඔබ සොයා සුළඟක්ව එමි
ඔබ සුවෙන්දැයි බලා
නොකියාම ආපසු යමි
ආදරය ඒ වගෙයි
කඳුලු විතරයි හිමි
ඔබ හිනැහෙන දිනෙක
පමණක්ම හිනැහෙමි

Wednesday, April 29, 2020

"පිටතින් සරාගී ගැහැණු නිතර මුණ ගහුනට, ඇතුලතින් සරාගී ගැහැණු මුණ ගැහෙන්නෙ බොහොම කලාතුරකින්. එහෙම ගැහැණියෙක් ලඟ නිදිවදින්නෙ නැතුවම සුරාන්තයක් ලබන්න පිරිමියෙක්ට පුළුවන්" මෙහෙම කියන්නෙ මං නෙවේ. අර පුබුදු හෑගොඩ කියන හාදයා.

ඌ ලියන ඒව මරු. වැඩිය හිතන්න දෙයක් නෑ. මේ කතාවත් පට්ටපල් ඇත්තක්.

සුරාන්තයක් කියන්නෙ උච්චතම අවස්ථාවක් නෙ. සමහරු ගැහැණු ඉන්නවා, වචන‍‍‍‍යක් දෙකක් බැල්මක් හිනාවක් ඇති තව දවස් ගානක් ජීවත් වෙන්න. උන් එක්ක නිදිවදින්න ඕනෙ නෑ ජීවිතේ විදින්න. සමහර විට ඒ දේ නිසාම කෙනෙක් ඒ ගැහැණිය එක්කම විදවනව වෙන්නත් පුළුවන්.

මොනා උනත් ඒ වගේ ගැහැණියකට පුළුවන් මනුස්සයෙක්ව ඇදල බැදල තියා ගන්න. පොත් වල ලිය ලිය, වටේ ඉන්න අයටත් සාක්ෂි වෙන්න කියල බැඳල තියා නොගත්තත්. කොටින්ම වගේ බැඳීමකින් එලෙව්වත් යන්න කැමති මනුස්සයෙක්, මනුස්සයෙක් නන් වෙන්න බෑ.

නිදි වදින්නෙ නැතුවම සුරාන්තයකටත් වඩා සහනයක් දෙන ගැහැණියකගෙ ආදරයක් කවුරුවත් අත අරින්නෙ නෑ. අත අරින්න ලෝබයි, බයයි.

Saturday, April 25, 2020

"මාත් එක්ක තරහ උනාට පොත් පත් එක්ක තරහ වෙන්න එපා"
              ~යශෝධරා (තණමල්විල කොල්ලෙක්)

Friday, April 24, 2020

ඔබ පිපුණු මලක්
රිදන පෙලන හඬවන
කටු පිරුණ නරුවෙන්

ඉවසමි ඉවසමි රිදුම්
සුරකිමි රෝස මල් පෙති
තියා හද ලඟින්


Thursday, April 23, 2020

නුඹ පසුපස ආමි
දෙනෙත් අඳ මට
කණවැළ ඇල්ලුවේ නුඹයි
බෝ දුරක් ආමි
නැවත යන්නටවත්
බැරි දුරක් නුඹ හා ආමි
වෙනස් නොකලෙමි
නුඹගේ ගමන් මග
පසුපස ආවා පමණි
නමුදු ඔබ
මා කතර අතර මඟ
අතරමං කර
යන්නේ ඇයි

Wednesday, April 22, 2020

දරුවො වදන්න ගෑණියෙක් තෝරා ගන්නවා. කසාදෙ කියල එකකින් බැඳ ගන්නවා. ගෑණිට නිදහසකුත් නෑ. තමන්ට නිදහසකුත් නෑ. සැක කරනව, යුතුකම් වගකීම් කියල හදාගත්ත දේවල් ටිකක් එක්ක ජීවිත කාලෙම ඔට්ටු වෙනවා.....

ඔය වගකීම් අදාල නෑ කියල සමහරු කසාද නොබැඳ ඉන්නවා. ළමයි වැදුවෙ නැතුවට පැයකට දෙකකට කීයක් හරි ගෙවලා නිදහස බුක්ති වින්ද කියල හිතාගෙන ගෙදර යනවා. බැන්දත් නොබැන්ද ගානට ඔහොම "යුතුකම් වගකීම්" මුදලට දෙන ගන්න මිනිස්සුත් ඕනෙ තරන් ඉන්නවා.

ආදරේ කියන්නෙ ඔය දෙකටම නෙවේ. සල්ලි තියෙනවනන්, ගෙයක් දොරක් වාහනයක් තියෙනවනන් කසාදයක් හොයා ගන්න පුලුවන්. දරුවො වදන්නත් පුලුවන්. වියදම් කරන්න පුලුවන්නන්, ඒ වගේ දේකට හිත හදා ගන්න පුලුවන්නන් අර දෙවෙනියට කියපු විදිහෙ එකකුත් හොයා ගන්න එක ඒ තරන් අමාරු නෑ.

ඒත් ආදරේ කියන්නෙ ඔය දෙකම නෙවේ....ආදරේ කියන්නෙ අනික් මනුස්සයව තේරුන් ගන්න එක, ගරු කරන එක, ඇප්‍රිසියේට් කරන එක. ඒකෙ ලැබීම් නෑ. යුතුකම් වගකීම් කියල දෙපැත්තක් නෑ. ආදරේ දෙන්න විතරයි පුලුවන්. ආපිට බලාපොරොත්තු නෑ.....

ආදරේ කියන එක අර කලින් කියපු ක්‍රම දෙකෙන් කවදාවත් ලැබෙන්නෙ නෑ කියල මේකෙන් අදහස් වෙන්නෙත් නෑ. එහෙමත් වෙනව ඇති......
අපි ආදරේ කරපු අය කරන අය, එයාලට ඕනෙ උනාම (ඒ කියන්නෙ එපා උනාම), උවමනාවෙන්ම මග අරිනවා, පොඩි හිනාවක්වත් නොදී මග අරිනවා. ඒත් අපි බලන් ඉන්නවා, වේදනාව තනියට ලඟ තියාගෙන බලන් ඉන්නවා. වේදනාව තනි රකිනව කියන්නෙ, නොලිය ඉන්න හිතුවත්, එක එක ඒව ලියවෙනවා......

Tuesday, April 21, 2020


අපිට ජීවිතේ හම්බෙන සමහරු අපිව ජීවත් කරවනව. ඒ වගේම ඒ අයට පුලුවන් අපිව මරල දාන්නත්. අපි පටන් ගන්නව ඒ අය මත්තෙම ජීවත් වෙන්න. ඒකෙ කිසි වැරැද්දක් මටනන් තේරෙන්නෙ නෑ. 

ඉතින් ඒ වගේ අයව නැති කර ගන්න අපි බයයි. එක වචනෙකවත් වෙනසක් දැනුනොත් හරි අමාරුයි දවස ගෙවා ගන්න. තමන්ගෙ අදහස් පිට කරගන්න උදව් වෙන, ඒව ආදරෙන් නැතත් උපේක්ෂාවෙන් හරි අහන් ඉන්න කෙනෙක් ලැබෙන්නෙ මට හිතෙන විදිහටනන් පෙර පිනකට.

මට එහෙම කෙනෙක් වෙන්න පුලුවන්ද කියන එක මම දන්නෙ නෑ. ඒත් මටනන් මේ ලියන කියන දේවල් අහන් ඉන්න කෙනෙක් ඕනෙ. උපදෙසක් ගන්න කෙනෙක් ඕනෙ. කියවපු පොතක් ගැන බලපු ෆිල්ම් එකක් ගැන කතා කරන්න කෙනෙක් ඕනෙ. සැරෙන් හරි දෙන අවවාදයක් පිලිගන්න කෙනෙක් ඕනෙ. මෙහෙම කරන්නද ඇහුවම හා හරි එපා හරි කියන්න කෙනෙක් ඕනෙ. 

එහෙම කෙනෙක් කියන්නෙ ජීවිතේ සම්පතක්. එහෙම කෙනෙක් කියන්නෙ මටනන් ලොකුම තෑග්ගක්. එහෙම කෙනෙක්ට ආපිට දෙයක් දීල, ඒ වටිනාකම නැති කර ගන්න එකත් එක අතකින් මහ මෝඩ වැඩක්. මොකද ඒ වටිනාකම කිසි දේකින් හිලව් කරන්න බෑ.
...........................................................................
අර තණමල්විල කොල්ලෙක් එකේ දීප්ත ඒ අතින් හරි මෝඩයෙක්. යශෝධරා කියන්නෙ දීප්තට ඔය උඩ මන් කියල තියෙන විදිහෙ එක්කනෙක් වෙන්න පුලුවන් එක්කනෙක්. ජීවිතේ කියල දෙන්න, ජීවිතේ හයියක් වෙන්න, කොටින්ම අර මම දවසක් කිව්ව වගේ ප්ලැටොනික ප්‍රේමයක් ඇති කරගන්න පුලුවන් ජාතියෙ එක්කනෙක්. මොනා හරි හේතුවකට දීප්ත තාම ඒ "ප්‍රේමය" මග අරිනවා.
............................................................................
මේ වචන ටික ඒ "ප්‍රේමය" වෙනුවෙන්......❤
...... ......
දිනුෂ

Monday, April 20, 2020

ගල් ගැහුණු පපුවක
කෙලෙස ඉපදෙයිද කවි පද
අරගෙන රළු ගල් මිටිය
පහර දෙනවද සුණු විසුණු වෙන්නට

මිටි කුළු ගෙඩි පහර එක පිට එක
වදින විට තදින් සද්දෙට පිට පිට
ඇහුණද නුඹට මිහිරිද කණට
සත්තයි පපුව ගැහෙන්නෙත් ඒ සද්දෙට

Saturday, April 18, 2020

පැය දොළහක්
විසිහතරක්
තිස්හයක්
හතලිස්අටක්
බලන් ඉන්නෙක
උඹ එනකන්
පුරුදුයි මට
දන්නවා මම
නොලැබෙන වග
මැරෙන්න පෙර
නුඹව මට

ඒකයි ඉක්මනට
මැරෙන්නත්
ආසා මම.....

මෙහෙම ගිහින්
ඉක්මනින්ම
පුරුදු වේවි
වේදනා වලට
පුළුවන් වේවි
නොදැනුනා සේ
හිනැහෙන්න
කඳුලු වැටෙද්දිත්
නිදියන්න
පපුව හිරවෙද්දි
හුස්ම ගන්න

අපතේ යැව්වට එපා කිව්වට
කමක් නෑ මගෙ ආදරේ
ඔහේ තිබුණත් හිතේ පැත්තක
කාට දෙන්නද ආදරේ
එපා ආපිට හිනාවක්වත්
නොමිලේම දෙන ආදරේ
එපා හිතුනම වීසි කරපන්
ඒත් නුඹටයි ආදරේ


පින්තූරය ලස්සන නිසා මෙයට ඇමිණුවෙමි. පද සමඟ සම්බන්ධයක් නැත. 

Friday, April 17, 2020

ඔබේ හිත කියවමි
ඉන් වෙහෙස වෙමි
සැඟවී ඇති තැනක
ආත්මය සොයා එමි
දුකේදී තැවෙමි
සැපේදී නිවෙමි
නැතත් පහනක්
අඳුරේම දිව එමි
අගුලු ලූ ද්වාර
වසා ලූ කඩුල්ල
විවර නැති හදවත
දැක සැනින් නවතිමි
තැවෙමි
හඬමි
අයදිමි
මියෙමි

Thursday, April 16, 2020

ඉල්ලීමක්....!

උරුම නැත කඳුලු පිරි දෙනෙතකට           නින්ද
ආදරය වරදක්ද බාල දඬුවම්                     නැද්ද
නිදි නැතිව හඬන්නට දවස් කෙතරම්      ඇත්ද
මැරි මැරී ඉන්න බැහැ ගෙනියපන් පණ කෙන්ද

කඳුලු පිරි දෙනෙතින් පතමි

තුටින් නම් නුඹ
නොබැලුවත් මා දෙස
කම් නැත
සුවපත් වේවි මා
නුඹේ සතුටින්.....
කඳුලක් ආවොතින්
බලන්න මා දෙස
මට උරුම කඳුලු
ගන්නම් මම
සුවපත් කරනු රිසින්, නුඹ.....
නොපතමි ප්‍රේමය
කරමි ප්‍රේමය
පතමි සතුට සැනසුම
දෙනෙතින්, කඳුලු පිරි.....

Wednesday, April 15, 2020

මියෙන හුස්ම

මිනී මැරුම් වගේ අපරාධ පරීක්ෂණ කරනකොට, මිනීමරුව එහෙම නැත්නන් අපරාධ කාරයා ඒ තැන් වලට ඇවිත් ඒ කරන පරීක්ෂණ දිහා විපරම් කරනවා. ඒ බව පැරණි මෙන්ම මෑත කාලීන් නඩු කටයුතු වලදි පවා තහවුරු වෙනවා. තමන් මේකට අහු වෙයිද ගැලවිලා ඉන්න පුලුවන් වෙයිද වගේ දේවල් බලන්න  එහෙම එනව ඇති. ඒ වගේම තමන්ගෙ හිත තුලම හට ගත්ත වරදකාරී හැඟීම් නිසා එහෙම එනව වෙන්නත් පුලුවන්....

ආදරේ කරන මනුස්සයෙක්ව අත ඇරලා පයින් ගහල යනව කියන්නෙත් මිනීමැරුමක් වගේ  තමයි. පහර කන මනුස්සයට ආයෙ ජීවිතයක් නෑ. එක පාර නෙවේ, සිය දහස් වාරයක් මැරි මැරි උපදින්න පුලුවන්. අර කලින් කිව්ව වගේ "මිනීමරුවො" මෙහෙම මැරිල ඉන්න මිනිස්සු බලන්නත් එනවා. ඇවිත් හුස්ම ගන්නවද බලල යනවා. සමහර විට හුස්ම ගන්නව වගේ පේනව ඇති. ඒත් ඇත්ත ඒක නෙවේ. මැරිල ඉන්නෙ. කවද හරි පණ ගන්න පුලුවනුත් ඒ "මිනීමරුවට"ම තමයි....

ඒ මොනව උනත්, පණපිටින් මරල දාල පැත්තකට උනත්, කවදාවත් මැරිච්ච මිනිහා පලිගන්නන් එන්නෙ නෑ. ආදරේදි මිනිහෙක් මැරෙන්නෙ ඇත්තටම ආදරේ නිසා. ඒ නිසා එහෙම කරන්නෙ නෑ. පුලුවන්නන් තවත් ආදරේ වෙයි....

හුස්ම ගනිමින් මියෙමි
මියෙමින් හුස්ම ගමි
හැකිනම් පමණක්
හුස්ම දෙන්න
මොහොතක්වත් ජීවත් වෙන්න
වැඩිපුර.....

මට කියන්න

කඳුලු පිරුණ ඇස් වහගෙන
නිදා ගන්න කියා දෙන්න
හඬා වැටෙන් හිතත් එක්ක
නැගිට ඉන්න හැටි කියන්න
ආදරයක් හැරදා නුඹ
තුටින් ඉන්න හැටි කියන්න
කඳුලු පිරුණ ඇස් වැහෙන්න
මැරෙන්න හැටියක් කියන්න

පිරිමි කඳුලු

විහිළුවක් උනාට
සෙල්ලමක් උනාට
පිරිමි කඳුලු සමහරුන්ට

ඒ කඳුලු එන්නෙම
පරිස්සන් නැති වෙයි හිතෙනකොට
ආදරෙන් රකින්න නැතිකොට













ප්ලැටෝනික ප්‍රේමය


ග්‍රීක දාර්ශනිකයො කියන්නෙ මහ අමුතු ජාතියක්. ඒ අය කතා නොකරපු දෙයක් නැති තරම්. විද්‍යාව, දර්ශණය, නීතිය වගේ දේවල් විතරක් නෙවේ, කොටින්ම ආදරය ගැන පවා අදටත් අතිශය වලංගු කාරනා ඒ කියවීම් වල ඇතුලත්. එහෙම ආදරයක් තමයි "ප්ලැටෝනික" ආදරයක් කියන්නෙත්. මේ ආදරය ගැන කතා කරන්නෙ ප්ලේටෝ ඔහුගෙ සිම්පෝසියම් කියන දාර්ශණික කතිකාවතේ. ඒ කතිකාවතේදි කතා වෙනවා රොමාන්තික ප්‍රේමය සහ ඊට හාත්පසින් වෙනස් වෙච්ච මේ ප්ලැටොනික ප්‍රේමය ගැන. 

ඉතින් මේ විදිහට ප්ලැටෝනික ප්‍රේමයක් හට ගන්නෙ හදවත් දෙකක් අතරෙ ආධ්යාත්මික හා ආත්මීය බැඳීමක් තුලින්. තව, ආදරයේ විවිධ මට්ටම්, ප්‍රේමයේ සප්තවිධ ආකෘති වගේ දේවලුත් කතා කරල තියෙනව. 

මේ ප්ලැටෝනික ප්‍රේමයේ නූතන අර්ථ දැක්වීමත් මීට සමානයි. රෝමාන්තික ප්‍රේමයක මූලික අංගය වන ලිංගික සබඳතා කියන දේට වැඩි වැදගත්කමක් හිමි නොවන, නමුත්, එකිනෙකාට උදවු වෙමින්, අවවාද දෙමින්, දිරිමත් කරමින්, ඒ වගේම සීමා පැනවීම් නොකරමින් අනෙකාට සහනයක් වෙමින් ඒ කියන්නෙ නිතරම කම්ෆර්ට් සෝන් එකක තමන්ගේ ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය තබා ගන්න උත්සාහ කරන ප්‍රේමයක් තමයි මේ ප්ලැටෝනික ප්‍රේමය. 

ඉතින් ඒ වගේ ආදරයක්, ඒ කියන්නෙ ප්ලැටෝනික ආදරයක් කියන්නෙ ලේසියෙන් අමතක කරන්න පුලුවන් බැඳීමක් නෙවේ. 

දිනුෂ

වචන අවි 😢😢😢

අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ...
ලියා ගී හදවතේ කිවිඳ මට හිරිහැර නොකරන් මෙසේ ...

ඔබගේ සුලකළ අකුරු පෙ‍ළේ පැටලී...
ගැළවීමක් නැත ‍යෞවනයට මිහිරී...
ආළය පිළිබඳ සිතුවිළි ළය වැතිරී...
විඳවමි තනිවම ඔබට සාප කරමී...

කිරුළු දරන්නට කිවි රජයෙහි මනරම්...
විරචිත කව් ගී කිවිඳිනි ඇති දැන්නම්...
යෞවනියන් හට කවියෙන් දී දඬුවම්...
ලබනා බුහුමන් ඔබහට වෙයි නොතරම්...

පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.

Tuesday, April 14, 2020

බලා හිඳිමි

නුඹ ලැබෙනකන්
ආත්මයක් බැරිනන් කල්පයක්
බලන් ඉන්න, බලන් ඉන්න මට
කොහොමත් උරුම
තනිකමම විතරයි.... මැණික

🗡️🗡️💔🔪🔪

ආදරේ කියන්නෙම, හුස්ම
වෙන් වෙලා ගිය දාට
ඉතිරි මළ කඳක් විතරයි, හුස්ම ගන්න

ඔය අනින්නෙ, පපුවට
මිනීමරුවෝ හැමෝම හිරේ නෑ
සමහරු ඉන්නෙ ඇනපු පපුව අස්සෙම

සතුටින් නොපෙනී ඉන්න
නොතේරුන් කමට මැරුවට
පපුව අස්සෙත් නුඹට පරිස්සන් හොඳටම

තුටින්නම් නුඹ

නුඹ සිටින බවවත් නොපෙනෙන්න
අවුරා දැමූ කල මාවත
තුටින්නම් නුඹ
ඒත් ඇති මට හිනැහෙන්න.....

මා සිටින බවවත් නොපෙන්නෙන්න
අවුරා දැමූ කල මාවත
තුටින්නම් නුඹ
ඒත් ඇති මට තුටින් මියැදෙන්න.....








තනමල්විල කොල්ලෙක් 🖤


Monday, April 13, 2020

සියලු පැතුම් ඉටුවන ශුභම ශුභ අලුත් අවුරුද්දක් වේවා...... .....!!!!!!!

ගී අවි


තරහකාරයන්ගෙන් පළිගන්න ලේසියි. බනින්න, ගහන්න, මඩ ගහන්න, ඒත් බැරිනන් පිහියෙන් ඇනල මරල දාන්න හරි පුළුවන්. හිත හදාගන්නත් අමාරු නෑ, උන් තරහකාරයොනෙ.

ආදරේකරන උන්ගෙන් පළිගන්න එක ඒ තරන් ලේසියෙන් කරන්න බෑ. ගහන්න අවි තෝරගන්න ඕනෙ පරිස්සමින්. හැබැයි ඒ අවියකින් ගැහුවම තරහකාරයෙන් පිහියෙන් ඇනල මරල දැම්ම වගේ නෙවේ. පහර කාපු අහිංසකයට ජීවිත කාලෙම විඳව විඳව ඒ පහරවල් වල වේදනාව විඳගෙන ඉන්න වෙනවා.

කණගාටුම කාරනේ ඕක නෙවේ, ආදරේ කරන එකාට පහර දෙන්න ඕනෙ අවියත් තනියෙන් හිතල හොයාගත්ත එකක් නෙවේ. ගොඩක් වෙලාවට ඒ අවි පාවිච්චිකරන හැටි කියල දීල තියෙන්නෙත් අර අහිංසකයමයි.


🎧🎧🎧🎧🎵🎵🎵🎵🎵🎶🎶🎶🎶🎶🎶🎧🎧🎧🎧



අවුරුදු පැතුම

නොදැනීම අලුත් අවුරුද්දකට යමින් සිටිමු. අවුරුදු සමරන එකේ අරමුණ අලුතින් සිතමින් බලාපොරොත්තු අලුත් කර ගත හැකි වීමයි.

ඉතින්, මේ අලුත් අවුරුද්ද තමන්ගෙම අවුරුද්ද කර ගන්න. බලාපොරොත්තු වලට කොහොම හරි ලඟා වෙන අවුරුද්ද කර ගන්න. ඒකට පුලුවන් උපරිම උත්සාහ කරන්න. ආදරය කරන අයගේ ආශිර්වාදය ශක්තියක් කර ගන්න. සතුටින් පරිස්සමින් අරමුණට යන්න. සියලු ශක්තිය නිතැතින්ම ලැබේවි. බුදු සරණයි.

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා! ...... .....

~දිනූෂ

Sunday, April 12, 2020

මම තමුසෙට ආදරෙයි කියා නොකියමි

ආදරේ එක එක විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්නෙ. වචනයක්වත් පිට නොකර දැනෙන්න අරින්න උනත් පුළුවන්. නිකන්ම නිකන් ආදරෙයි කියල වචනෙන් කියනවට වඩා ඒක තමන් ආදරේ කරන කෙනාට දනවන්න පුලුවන්නන්, ඒ ආදරේට වටිනාකමක් එනවා. එහෙම ආදර කතා මගදි නවත්තන්න ඒ කතාවල ප්‍රධාන චරිත රඟපාන නළු නිළියො කැමති වෙන්නෙත් නෑ........ඔය මොනව උනත් ආදරෙයි කියල කියන එකෙත් අමුතු ගතියක් තියෙනවා. තමන්ගෙ ආදරේට වෙට්ටු දාල පැනල යන්න හදන කෙනෙක්ට, තමන් ආදරේ බව නොතේරෙන කෙනෙක්ට, තේරුනත් නොතේරුන ගානට ඉන්න කෙනෙක්ට එහෙම වචනෙන්ම කියල දාන්න වෙන වෙලාවලුත් එනවා. කවද හරි දැනෙන්නම ආදරේ හිතෙන කෙනෙක් ලඟට ගිහින්, "මම තමුසෙට ආදරෙයි" කියන්න මාර ආසාවක් තියෙනවා. හැබැයි ඒ කෙනා මොනදේ කලත්, හිතේ තියෙන ආදරේ වැඩි මිසක් අඩු නොවන ආදරේකට විතරයි එහෙම මරන්න තරන් ආදරයක් හිතෙන්නෙ, එහෙම කියන්න හිතෙන්නෙ. හැබැයි එහෙම කියන්න කවදාවත් ලැබෙන එකක් නෑ. ඒ වචන ටිකට අකමැති නිසා මම එහෙම කියන්නෙ නෑ.......

Saturday, April 11, 2020

ආලය කරමි


නුඹ නොලැබුනත්
මතු නුඹ පතමි
නුඹ රිදෙව්වත්
සතුටින් විඳිමි
රුව නොදුටුවත්
මනසින් දකිමි
හඬ නෑසුනොත්
නිහඬව හඬමි
කොතැනක නමුත්
නුඹවම සොයමි
හැරගිය දිනෙක
උපදිමි මියෙමි

නුඹ නොබැලුවත්
නුඹටම ලියමි
තනිවම උනත්
ආලය කරමි.....😭

(නො)පැතුම්

රළු ඇඟිලි තුඩින්
හිස පිරිමැද සනසන්නට නොපතමි
රළු ඇඟිලි තුඩින්
නුඹ නමින් දුක් ගී අකුරු කරමි

නොනිම් ආශා ලියලමින්
දෙතොල් සිඹිනට නොපතමි
ප්‍රේමයේ නාමයෙන්
නළලත් හාදුවක් පමණක් පතමි

සඳ පිරුණු සීතල රැයක
නුඹෙ පහස නොපතමි
ආදරය පමණක් පතමි
ආදරණීය වදනක් පමණක් පතමි

Friday, April 10, 2020

මැරෙන්න අමාරු නෑ

අපි අඬන්නෙ
එකතු නොවුණත්
වෙන්වෙන්න වෙයි කියල බයෙන්

මං ඉක්මනට මැරුණොත්
අඬන්නෙ එහෙම නෑ
වෙන් වෙනවයි මැරෙනවයි කියන්නෙ දෙකක්

මැරෙන්න පුළුවන්
වෙන්වෙන්න බෑ මටනං
එකතු නොවුනත් කවදාවත්

...... .....

ඔයා ගැන

"ඕනෑම මනුස්සයෙක්ගේ ප්‍රේමය ඇතුලේ Turning Point එකක් තියෙනවා.
අපි ජීවිතේ  එක ම එක සැරයක් අසීමාන්තික ව ප්‍රේම කරනවා. ඒ ප්‍රේමය හිමි වෙන්න හෝ අහිමි වෙන්න පුළුවන්. ඔය දෙකෙන් මොන දේ උනත් අපි එතන ඉදගෙන ප්‍රේමය කියවන්න පටන් ගන්නවා"
                                                   ~පුබුදු හෑගොඩ


ඒ ඔයා වෙන්න ඇති
අහිමි බව හිමි වෙන්න ඇති
මේ දැනෙන දුක වෙන්න ඇති, ප්‍රේමය කියවනව කියන්නෙ

~දිනුෂ




Thursday, April 9, 2020

"කොරෝන අස්සෙ ගෙවල් වලට වෙලා ඉන්න ගමන් මිනිස්සු මූණු පොතේ එක එක සෙල්ලන් කරනවනෙ. ඒ අතර එක මිත්‍රයෙන් අහල තිබ්බ, මිනිස්සු ආදරේ කරන එක තව කෙනෙක්ට දැනෙනවද කියල. ඉතින් ඕකට එක එක උත්තර කට්ටිය ලියල තිබ්බා. දැනෙනවා, එහෙම දැනෙන්න ඕනෙ, දැනෙන්නෙ නැත්නන් වැඩක්ද, එතකොටනෙ ආදරේ බව තේරෙන්නෙ, නොදැනෙන්න ආදරේ කලා කියල වැඩක් තියෙනවද, හංගගෙන ආදරේ කරල ජීවිතේම විඳවන එකේ ඇති වැඩේ මොකද්ද වගේ ඒව තමයි තිබ්බෙ. ඒ ඔක්කොම හරි ඇති. ඒත් තමන් ආදරේ කරනව කියල තමන්ටම දැනෙන එක තරං වේදනාවක් මේ ලෝකෙ නෑ මිත්‍රයා. පිච්චි පිච්චි ජීවත් වෙන්න වෙන්නෙ." 

Sunday, April 5, 2020


https://m.youtube.com/watch?v=JpHXlpW9gEo

"....මිහිපිට මා හට නෑ වෙන සතුටක්
ඔබ රුව දකින තරම්...."




ඒ ප්‍රේමයේ වේදනාව
අවසන් හුස්ම පොද හෙළන දින
තුරුළු කරගෙන පපුවට
මියෙනු ඇත පතමින් 
හමුවන්න මතු භවයක

~දිනුෂ ජයසිංහ

Friday, April 3, 2020

සොඳුර,

රෑ අහස දෙස බලන්න
දුටුවාද සඳ පලුව සිනාසෙන
ඒ මගේ ආදරය පිළිගන්න
නුඹ සුවෙන් බව පවසන්න
මද සිනාවෙන් සැරසෙන්න


~දිනූෂ

Wednesday, April 1, 2020

පිළිවෙලක් නැති කවි වගේ පැදි
ඇයට බව ඈ දන්නවා
නොදැක්කා සේ ඉන්නවා

ඇගෙන් පණිවිඩයක් ලැබෙනතුරු
මඟ බලන බව දැන්නවා
තද කරන් හිත ඉන්නවා

පපුව මැද්දෙන් දරා ගනු බැරි
වේදනාවක් විඳිනවා
ඇය ඉන්න තැන රිදෙනවා

ටිකක් ඈතින් ඉන්න හිතුනද
නපුරුකන් මම දන්නවා
ඒත් ආදරෙ කරනවා

Tuesday, March 31, 2020

කියන්න බැරි නිසා සෙනෙහෙ තිබෙනා හද පතුලේ
හෙලන්න ඇති කඳුලු හොරෙන් සිංහ පාද අයිනේ
පනින්න බැරි නිසා ගලෙන් සීගිරි එක එල්ලේ
දුක මැකෙන්න ලියන්න ඇති කවි කැටපත් පවුරේ

~දිනූෂ ජයසිංහ
රාත්‍රිය
නුඹ නින්ද සොරාගෙන ඇත
මේ තරන් දිගු ඇයි නුඹ
නැතිද තෙතමනයක් හිත යටවත්
රිදවන්නෙ කොහොමද මෙතරම්
රාත්‍රිය නිමා වී පායන තුරා හිරු
බලා හිඳිමි
නෙත් රිදුම් දෙන තුරු බලා හිදිමි
හෙට හිරු නැගෙන තුරු
රාත්‍රිය ඇයි නුඹ මේ තරන් නපුරු


ඔබේ රුව මැවි මැවී පෙනෙනවා
සොයා දිව එන්න මට හිතෙනවා
වෙහෙසකර තනිය තනි රකිනවා
ඔබ සුවෙන් බව සිතා නිවෙනවා

සිනා හඬ සදා ලඟ රැඳේවා
මුදා දුක්, සතුට තව වැඩේවා

Monday, March 30, 2020

නුඹ ඈත හිටියට
මගේ හිත ඇත්තටම ආදරේ ඇති
කඳුලු ඒ හින්ද වෙන්නැති

නුඹ ඈත හිටියට
නුඹ නොමැති ජීවිතය හිරගෙයකි
නෙත් නුඹම පතනව ඇති

නුඹ ඈත හිටියට
පණ ගැහෙන්නෙ නුඹ නමින් වෙන්නැති
නුඹටත් ඇහෙනු ඇති

නුඹ ඈත හිටියට
ආදරේ බිඳුවක් උනත් මට ඇති
නුඹ මගෙම වෙන්නැති

Sunday, March 29, 2020

කෝවිඩ් කියා දෙන දේ.....

අපි ඒලෙවල් දෙවෙනි පාරට කරන කාලෙ, ඒ කියන්නෙ 2005, මහනුවර ඇතුලු ප්‍රධාන නගර කීපයක භෞතික විද්‍යාව උගන්නපු සර් කෙනෙක් ගීත එකතුවක් නිශ්පාදනය කලා. ප්‍රසිද්ධ ගායකයො, ගේය පද රචකයො, සංගීතඥයො රැසක් එකතු කරගෙන තමයි ඒ ගී එකතුව කරල තිබ්බෙ. සිංදු හදන අතරෙ ඒ ගැන ක්ලාස් එකේ කියපු කතා අහල අපිත් මාර ආසවෙන් හිටියෙ සිංදු ටික අහන්න. 

අපේ රටට සුනාමි ආවෙ 2004 දෙසැම්බර් මාසෙනෙ. දැනට අවුරුදු 15කට කලින්. ඉතින් ඔය සර්ගෙ සිංදු එකතුවෙ සුනාමිය ගැනත් සිංදුවක් හැදෙන බව අපි දැනගෙන හිටිය. අපිට ස්වභාවධර්මයා අපි වටේ ඉන්න මිනිසුන් නොමිනිසුන් අදුර ගන්න කාලෙන් කාලෙට එවනවනෙ එක එක දේවල්. සුනාමියත් ඒ වගේ එකක්. එකට එකාවන්ව උවදුරෙන් බේරෙන්න ගොඩ එන්න වෙහෙසෙන අතරෙ නොමිනිසුන් හැසිරුනු විදිහ අපි සුනාමිය වෙලාවෙ දැක්ක. පණ අදින මිනිස්සුන්ගෙ රත්තරං බඩු හොරාකාපු උන්, බොරු කරල ආධාර ගත්ත උන් ගැන ඕනෙ තරම් කතා ඒ කාලෙ අපි ඇහුවා සහ කියෙව්ව.

ඉතින් අර ගීත ටික සම්පූර්ණ කරල ඒ ටික ක්ලාස් එකේ දාල හැමෝටම අහන්න දුන්න. ඇත්තටම ඒ සිංදු ඔක්කොම මාර ලස්සනයි. අනික ඒ සින්දු හැදිච්ච හැටි අපි ක්ලාස් එකේ රස කතා හැටියට අහල තිබ්බ නිසා ඒ සිංදු ටික හැමෝම රස වින්ද. ඒ සිංදු ටික ඒ කාලෙ එච්චර ජනප්‍රිය නොවුනත් පසුකාලීනව ඒ හැම ගීතයක්ම අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.

අර සුනාමිය ගැන සින්දුවත් අපි එදා ඇහුව. අමනුස්සයන් වෙරලේ ඉතිරි කරල අහිංසකයින් මුහුදට අරන් ගිය එක ගැන ඒ ගීතය ප්‍රසිද්ධ ගායකයකුගේ හඬින් මුල් වරට එදා ඇහුවා. එදා අර සර් කිව්ව මෙහෙම දෙයක්. සුනාමියෙන් පසුව අමනුස්ස හැසිරීම් කොතෙකුත් දුටුවද, ආයෙ සුනාමියක් ආවොත් අර අහිංසකයො ටික ඉතුරු කරල අමනුස්සයො ටික මුහුදට අරන් යන්න වගේ අදහසක් ගීතයට එකතු කරන්න එයට සම්බන්ධ වූ කාටත් හිත් නොදුන් බව.....

මේ 2020. ලෝකයටම මහා ව්‍යසනකාරී තත්ත්වක් උදා වෙලා තියෙන වෙලාවක්. කෝවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය මුලු ලෝකයම තැතිගැන්මකට ලක්වෙලා තියෙන වෙලාවක්. මුදල් ඇති නැති හැමෝම අසරණ වෙලා ඉන්න වෙලාවක්. බැංකු පොත් වල ලක්ෂ ගණන් සල්ලි තිබ්බත් සමහරුන්ට තමන්ගෙ අම්මට තාත්තට ඕනෙ බේත් ටික කෑම ටික අරන් දෙන විදිහ ගැන, දරුවන්ට අවශ්‍ය කෑම ටික ගන්න විදිහ ගැන, තමන්ගේ ප්‍රියයන් ගැන අවිනිශ්චිතව කල් ගෙවන වෙලාවක් මේක.

මේකත් අර 2004 වගේ මිනිස්සු නොමිනිස්සු අඳුර ගන්න ස්වභාවධර්මයා දුන්න අවස්ථාවක් වෙලා. රජය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවාවන් තම උපරිමයෙන් මෙම තත්ත්වයෙන් ගොඩ එන්න අසීමිත් කැපවීමක් කරද්දි එහෙන් මෙහෙන් අපිට දකින්න ලැබෙන අමනුස්සයන් පිළිබඳ ඇතිවන්නේ කලකිරීමකි. කලු කඩකාරයන්, මුදලට "සහන මලු" විකුණා මුහුණු පොතේ පින්තූර දා ගන්නා තක්කඩින්, කපටි "ව්‍යවසායකයන්", ඇදිරි නීති මායිම් නොකර පාරවල් පුරා සවාරි යමින් මුළු රටක් අනතුරේ හෙලන්නන් පමණක් නොව මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයක් තුල පවා තම ජාතිවාදී ආගම්වාදී අමන අදහස් වපුරන්නට වෙර දරන්නන් අපට අප ගැනම ඇති කරන්වන්නේ අප්පිරියාවකි.

වෛරසයකට තරාතිරම අදාල නැත. එහි මීලඟ ගොදුර මම වීමටද අවස්ථාවක් නැත්තේ නොවේ. මේ ව්‍යසනය අතරතුර කොපමණ අමනුස්සයන් හමුවුවද, අමනුස්සයන් ගැන අහන්න ලැබුණද, අර සිංදුවට ඇතුලත් කරන්නට සිත් නොදුන් කොටස සේ, මෙම සටහනට ද යම් කොටසක් ඇතුලත් කිරීමට සිත් නොදේ....එබැවින් සටහන මෙතකින් නවතමි.

මෙම තත්ත්වයෙන් ඉක්මනින්ම මිදෙන්නට මුළු ලෝකයටම හැකි වේවායි පතමි.

දිනුෂ

Thursday, March 26, 2020

නුඹේ හඬ නෑසෙන
නුඹේ රුව නොපෙනෙන
හිරගෙයක "අසිරි" විඳිමි
ලෝකයක අවිනිශ්චිත

දිය බිඳක් නොමැති කතරක
නුඹ දකින රිසින් ඇවිදිමි
මිරිඟුවක් සේ සිහිනයකවත්
නුඹේ හඬ නිතර සොයනෙමි

Friday, March 20, 2020

Saturday, February 29, 2020

කොළඹ 🖤

රොබරෝසි පිපෙන්නේ වැව රවුමෙ විතරමද
ටෙක්නිකල් හන්දියත් ලස්සනයි
වළා බැමි නැතුවාට කිරි සුදට බබලන්න
බේරෙ වැව ආදරෙන් අඬගහයි
හන්තානෙ සීතලට ගුලි වෙන්න පැතුවාට
ආදරේ පතන්නෙම උණුහුමයි
ආදරේ මැච් වෙන්නෙ නුවරටම විතරක් ද
කොළඹදිත් ආදරේ සුන්දරයි

Tuesday, February 25, 2020

අම්මෙක් කියන්නෙම        කඳුලු
දරුවෙක්ගෙ ජීවය ඒ         කඳුලු
උපදිනා හැටි ආදරෙන්       කඳුලු
පහදන්න තාත්තෙක්ටත් බැරිලු

Sunday, February 9, 2020

රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නිදි නොමැති රාත්‍රියක්
ඇයි දිග මේ තරම්
සිහිනයකවත් නුඹව දකිනට
නොහැකි වන තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නුඹට රිසි සේ පෙම් කරන්නටවත්
ඉඩ නොමැති ලෝකයක
පෙම් හැඟුම් හිර කරන්
හුස්ම වැටෙනා තත්පරෙත්
ඇයි දිග මේ තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නුඹ නමින්, නුඹට ඉපැදුණු ප්‍රේමයේ
උණුහුමින් නෙත උපන්
උණු කඳුලු හිර කරන්
සුසුම් නැගෙනා තත්පරෙත්
ඇයි දිග මේ තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

~දිනුෂ ජයසිංහ

Monday, February 3, 2020

එක් අඩක් ඔබ
ම'හැර ගිය දින සිට
ඔබව දුටු තැන්
ඔබ සිටිය තැන්
මඟ හැර සරමි
නොතේරෙන වේදනාවක්
විදුලියක් සේ
හද පසාරා දවන
ඉවසනු නොහැකි බැවින්.....

අහිමි වන දින
ඔබේ ආදරයේ ඉතිරි අර්ධයත්
මට මා අහිමිව
වේදනාවෙන් මියෙනු ඇත
මසිත සැම තැන
නිතර ඔබ
සැරිසරා ඇති බැවින්
මම මගේ සිත
මඟ හැර මියෙනු ඇත
විදුලියක් සේ
හද පසාරා දවන
වේදනාව
ඉවසනු නොහැකි බැවින්......

Thursday, January 23, 2020

හිත පෙළන්නට බැරි තැන
අහිමි වේ යැයි බිය තැන
නොපවසමි ආදරේ බැව්
නිතර නිතරම
කෙලෙස පවසමි උතුරන ආදරය

පරිස්සන් වෙන ලෙස පවසමි පතමි හැකි තැන





Tuesday, January 21, 2020


එහෙම කොහොමද ඉන්නෙ කියනවද?
මං විතරක්ම ආදරේ කළා උනත්
මට ඔයා ආදරේ නැතිම උනත්
ප්‍රතික්ෂේප කරන තැනම ආදරේ වැඩි වෙද්දි
ප්‍රතික්ෂේප කර'නෙකටමත් ආදරේ වෙද්දි
ඔයා එහෙම කරනව කියල තේරෙද්දි තේරෙද්දි
ප්‍රතික්ෂේප කරනව කියන්නෙම ඔයා කියල හිතෙද්දි
ආදරේ වැඩිවෙනව කියල තේරෙන්නෙම නැද්ද
ඔයාගෙන් වැඩිපුරම මට හම්බුනේ ඔය ප්‍රතික්ෂේප කිරිල්ලම තමයි මැණික
ඕක මට පුරුදුයි, දරන්න අමාරු උනත් දැන් හොඳට පුරුදුයි
මං ඒකට ආදරෙයි, ඒ කියන්නෙ ඔයාට මං ආදරෙයි
යන්න හදන අය පස්සෙන් ගිය පුරුද්දක් මට නෑ
ඒත් ඔයා හරි වෙනස්,
ඒ ආදරේ වෙනස්, බලා ගන්න හැටි වෙනස්, ප්‍රතික්ෂේප කරන හැටි වෙනස්, පපුව අස්සට රිංගපු හැටි වෙනස්
ඉතිං, ඔයාට යන්න පුලුවන් උනාට මට යන්න ඇරල බලං ඉන්න බෑ මැණික
මැරිල යයි

Friday, January 17, 2020

මොහොතකට හරි හිත සැනැස්සූ ඔබත් දැන් මට නැති හැඩයි
කඳුලු බිඳුවක් දෑසගට විත් මගේ තනියට තනි රකියි
මීවිතක් ලඟ සැනසුමක් ඇත තාවකාලික මුත් සුවයි
නුඹත් නැති ජීවිතේ කුමටද සැනින් ගෙල සිඳ ගනු සිතයි

Sunday, January 5, 2020

සුභ පැතුම!!

හිත් එකට යා වුණු         අපිට
සිප වැලඳ සුභ පැතුම්  කුමට
ලෙන්ගතුම සිනාවක     සිරිය
මදිද සුභ වෙන්න නව    වසර

01.01.2020