Saturday, December 4, 2021

".......මට වෙලාවකට හිතෙනවා මම මහ ලොකු අසාධාරණයක් එයාට කරනවා කියලා. ඒත් මම මොනා කරන්නද? කවද හරි මම මැරුණ දවසට කෑ ගහල අඬන්නවත් එයාට බෑ නේද කියල හිතෙද්දි මට මාත් එක්කම මහ ලොකු තරහක් එනවා. ඒත් ඒ බැඳීම අයින් කරල මම කොහොමද මැරෙන දවස වෙනකන් ජීවත්වෙන්නෙ........" 😭

Wednesday, November 10, 2021

ලංවෙන්නවත් නොහැකි ගිරි ශිඛර මත දුර ඈත

දම් පාට මල් පිපෙනවා නොහැකි මුත් විඳගන්න ඒ සුවඳ

රොන් සොයා ඉගිල එනවට වඩා හති වැටෙන දිගු ගමනක

දුරින් ඒ මල දකින එක තමයි මටනන් ලස්සන


අත පොවන්නට දුර උනත් ඇයි මගේ කර ගන්නට බැරි

දුර තැනක නොපෙනෙන්න ඉඳ රුව දකින එක මට රිසි

නොදුටු සේ වෙනතක් බලා නුඹ ඉන්න විට හැඩ වැඩි

ඈත පිපුනට කමක් නෑ, ලස්සනම මල නුඹ මගෙ

Tuesday, November 9, 2021

කුමට පබඳිම්ද කව් පද

නුඹේ රුව කවියක්ය ඉතිරෙන කව් රස

උපමා අවැසි කුමටද

මෙතෙක් දුටු සුන්දරම රුව නුඹ කොට

මදක් හිස මිදුනට

බැන්ද රන් කෙහෙරැලි ලෙලෙන විට

ඇසිපිය හෙලන්නට

නුඹ දන්නවද, අමතකව යන අරුමය 

වදනක සොඳුරු බව

නිවන'යුරු අරුමයක්මැයි මා සිත

Monday, November 1, 2021

සමහර කවි නොලියවෙන හවස්

තමයි ආදරේ පිරුණුම දවස්

නුඹ ගැනම සිතමින් වෙහෙසුනා මිසක්

පද පෙළක් ගලපන්න තිබුණ නෑ ඉඩක්

Friday, October 22, 2021

සුවෙන් ඔබ නිදන්න

තැවි තැවී මම තනිව පහන් කරමි රැය

සැනින් සිත පෙළන්න

පෙර මතක අහුළමින් අතීතයේ පාවී යමි මම

රැය හෙමින් ගෙවෙන්න

ඉකි බිඳින්නට හේතු දහසක් ඉතිරි කර ගොස් නුඹ

ආදරය කල සිතකට

ද්වේශයෙන් රිදවන්න මෙතරම් හේතු කොහෙන්ද නුඹට

Thursday, October 21, 2021

නුඹ නොදන්නවා උනාට

නොතේරෙන ගානට හිටියට

නුඹව හොඳටෝම තේරෙන

නුඹේ හැම දෙයක්ම

නුඹේ හැම හැඟීමක්ම

කොටින්ම නුඹේ හැම දුර්වල තැනක්ම පවා

හොඳටම තේරුන, තේරෙන

හැම මොහොතෙම නුඹව දරා ගත්තු

අඩුපාඩු හදා ගන්න කියා දුන්නු

ලෝබ නැතුව ආදරේ කරපු

මටම ඔහොම රිද්දද්දි

ඒත් ඉවසගෙන ආදරේ කරපු, ආදරේ කරන

කවුරු හරි කෙනෙක් ඉන්නවනන්

මට කියන්න

එදාට මම යන්නම යන්නන්

හැබැයි

බොරුවට නෙවේ, ඇත්තටම කියන්න

එහෙම කෙනෙක් මුණගැහුනොත් විතරක් කියන්න

එයාටත් මට වගේ රිද්දල බලන්න

මං වගේම දරා ගනියිද

ඉවසයිද

ආදරේ චුට්ටම චුට්ටක් වෙනුවෙන්

ජීවිත කාලයක් බලා ඉඳීද

එක සිනා පොදක් වෙනුවෙන්

දින ගණන් නිකරම මග බලයිද

අතින්වත් නොඅල්ලා සිතින් පමණක්ම බැඳී ලඟ හිඳියිද

Tuesday, October 19, 2021

ආදරණීයම කතාවක

සුන්දරම චරිතය නුඹ

සුන්දරබවට යටින් සැඟවුණු

නපුරුම සුන්දරත්වය

නුඹ

ප්‍රේමණීයම මතක එකිනෙක

එක මිටින් ගෙන විසි කරන්නට පෙර

එකම එක වතාවක් නැවත කියවන්න නුඹ

විසි කරන අදහස විසි කරන්න

හැකි වේවි නුඹ හට

Sunday, October 17, 2021

මතකයට නුඹ පැමිණි මොහොතට

මොහොතකට පසු දැනුනු හැඟුමට

නමක් නොදනිමි දුකද සතුටද

සොයමි තේරුම මට නොවැටහෙන


ජීවිතේ සතුටු තැන් තිබුණෙ නුඹ හිටිය විට අසලින්

ජීවිතේ කඩා හැලුණෙත් නුඹ නිසාමයි විටෙක විගසින්

දුක සතුට එකතු වුණ හැඟීමට නමක් පබැඳුවොතින්

ආදරය විතරමයි වචනයක් ඒ අරුත සමඟින්


විටින් විට පෙළෙන විට හද නුඹ නැතිව

මිහිරි මතක දිව ඔසුවකි සිත නිවන

සොඳුරු සිනහ නුඹ මුව දුටුවත් දිනක

අහිමි වේය හැඟුමින් මා සිත දවන


කොඳුර කොඳුර ආලය මුසු කරමින් ඉඳ හිට

සොඳුර නුඹට අමතක ඇති සැනසුනු තැන් අප

රිදුන රිදෙන තැන් ඉඳහිට පාරන විට හිත

සයුර විතර ගැඹුරු තැනක අතරමංව අප

Saturday, October 16, 2021

ල තෙත් කරවන නුඹේ මදහස

             නො වෙනස්ව පවතියි සිතා

නුඹට ඇබ්බැහි වුනෙමි දවසක

             අධිමාත්‍රාවෙන් ඔතා

ඇබ්බැහිය ඔඩු දුවන්නට විය

             සිරුර විනිවිද පොර කකා

වීද නුඹ සිත මදක් චංචල

            දෙනෙත් තෙත් කරවයි මෙදා

Friday, October 15, 2021

මට පවසන්න 

මම කොහොමද

නුඹ නොමැති දිනක

ජීවිතය ගෙන යන්න

හුස්මක් ගන්නේවත්

නුඹ මගේ ජීවය වී

මා ඊට අවනත වී

අමාරුම අමාරු තැනක

ඔබ මා නතර වී

Thursday, October 14, 2021

I know

I can't make you mine

But you are my beautiful soul

That beauty will never be mine

Anyway, I love that soul

I love that feel

I love that dream

Even it is just a dream now and forever

Please forgive me

Don't forget me

Keep your beautiful soul beside me

To make me comfortable 

To feel me safe

I am not a lonely persone with you

ආලයෙන් හෙම්බත්ව

ඔහේ පාවෙන ජීවිතේ

මුව පුරා හිනැහෙන

නුඹයි අවැසිම ඖෂදේ

රවටලා කුමටද

හිත නුඹවමයි පැතුවේ

නැවතිලා මදකට

හිතමුද අපි ඉස්සර වගේ

Wednesday, October 13, 2021

කාටවත් නොදැනෙන හින්දා

කඳුළු හිරකරන් මම හිතින් දුක් වින්දා

නුඹ පමණක්ම දන්න හින්දා

ඉතින් ඉඳ හිට මගේ දුක නුඹටම කිව්වා

අසරණ කළෙත් නුඹමද මන්දා

එහෙත් මට වෙන සරණක් කොයින්දා

අනේ ඒ හින්දා

මට පිහිට වෙන්න පුළුවනිද.... නංගා

Tuesday, October 12, 2021

"....ඇත්ත ලෝකෙ ජීවත් වෙන්න, එතකොට හරි...."


එයා යනකොට මට කියල ගියේ මෙහෙම. අහන බලන කෙනෙක්ට හිතෙයි, ඔව් ඉතින් ඇත්තනෙ එයා කියල තියෙන්නෙ කියල. ඔව්, ඒ වචන ටික විතරක් කියවන කෙනෙක්ට සහ මාව රිද්දන්න බලාගෙන ඒ වචන වලින් මට පහර දුන්න එයාට ඒ දේ ඇත්ත කියල හිතෙන්න පුළුවන්. 


ඒත් එක්කම අනික් පැත්තට, අපි දෙන්න ගැන දන්න, අපි දෙන්න මෙච්චර කාලයක් ජීවිතේ දුක, සතුට ශෙයාර් කර ගත්ත හැටි දන්න කෙනෙක්ට ඕක එච්චර සාමාන්‍ය දෙයක් කියල හිතෙන්නෙ නෑ. ඒත් එහෙම හිතෙන්නෙ නැති වෙන කවුද ඉන්නෙ. එතනත් මම පරාදයි. මට උදව් කරන්න කෙනෙක් නෑ. ඇත්තටම අපි දෙන්න ගැන දන්නෙ අපි දෙන්න විතරමයි. 


අද මට ඇත්ත ලෝකෙක ජීවත් වෙන්න උපදෙස් දෙන එයත්, එයා කියන විදිහට බොරු ලෝකයක් මවාගෙන ජීවත්වෙන මාත් විතරමයි අපි ජීවත් වුණ ලෝකෙ ගැන දන්නෙ. සමහර විට එයාට අමතක ඇති එයාගෙ ඇත්ත ලෝකෙ මම කියල ලස්සන කෙනෙක් හිටපු කාලෙ. මම කියන්නෙ නෑ මගෙන් එයාට ප්‍රයෝජනයක් තිබ්බ කියල. ඒත් ඒ ලෝකෙ මට තැනක් පොඩියට හරි වෙන් වෙලා තිබ්බ කියන එක මට දැනුනා, තේරුණා, මම ඒක වින්දා. 


එයා කියනවනන් ඒක ඇත්ත ලෝකෙ නෙවේ කියල, මම කියනවා මට තේරුණ ඇත්ත ලෝකෙ තමයි ඒක කියල. 


එයාට තිබ්බනෙ එහෙනන් මාව බොරු ලෝකයක් අස්සට එක්කරගෙන ගිහින් අතරමං කරල දාන්න කලින් මට ඒක කියල දෙන්න. දැන් එයා කියයි මම ඒක කොච්චර කිව්වද? කෝ තේරුන් ගත්තද කියල. නෑ... එහෙම කියන එකකුත් නෑ. මොකද මේක අහන්නවත් එයා කැමති වෙන එකක් නෑනෙ. එයා කියන විදිහට මේ ලෝකෙ බොරුවක්නන්, ඒ "බොරු" ලෝකෙ හැදුවෙ අපි දෙන්නම නේද? 


අනේ ඇයි එහෙනන්, මට තනියම ඇත්ත ලෝකයක් හොයා ගන්න කියල උපදෙස් දීල, එයා එයා කැමති ලස්සන ලෝකෙකට ගියේ. ඇයි ඒ ලස්සන ඇත්ත ලෝකෙට මාත් එක්ක යන්න එයාට බැරි වුනේ. ආදරේ කියන්නෙ එතකොට, එයා කියන විදිහට බොරු ලෝකයක්ද? 


නෑ එයා කියන්නෙ බොරු. මම දන්න ඇත්‍ත ලෝකෙ තමයි මට තාමත් මතක, මම තාමත් ආදරේ. ඒ ඇත්ත ලෝකෙ තමයි අපි දෙන්න සතුටින් හිටපු ලෝකෙ. මම තාමත් ජීවත් වෙන ඇත්ත ලෝකෙ තමයි එයා මං ගාව ඉන්න ලෝකෙ. 


ඒ වගේ සුරංගනාවියක්ට පුළුවන්ද, ඇවිත් ආපිට නොදන්න ගානට යන්න. මම හිතන්නෙ නෑ. එයා එයි.  එයා බොරු කියල හිතාගෙන ඉන්න මගේ ඇත්ත ලෝකෙට එයා ආයෙ එයි. මම බලන් ඉන්නවා ඒ සුරංගනාවි එනකන්.

...... ..... 

සුරංගනාවියක් ඇවිත් ගිහින්

ආදරේ අරන් ඇවිත් ගිහින්

එහෙම උනානන් කොච්චර හොඳද නේද


විඳෝල විඳෝල 

යන්න යනකොට 

ජීවිතය වැටහුනු

ඇය

හැකි වුණානන්

හදාගන්නට

ආදරය කරපු 

(මගේ) හිත


කියෝල කියෝල

දවස තිස්සෙම

සවන පුරෝපු

ඇය

නිහඬ වෙනකොට

දැනෙන්නැත්තන්

කොච්චර ශෝක්ද

දුක


පස්සෙ වැටි වැටි

මුළු දිවා රෑ

පරිස්සන් කළ

ඇය

තනිව නැගිටින

විට උනත්

පුංචියි කෙල්ලකි

මට


කොඳුර කොඳුරා

සොඳුරු වදනින්

හීන පුරෝපු

ඇය

අහක බලනට

මොහොතකට පෙර

ගසා දමපන්

(මගේ) හිස

Sunday, October 10, 2021

නුඹ එකතු කර දී ඇති මිහිරි අමිහිරි මතක 

එකක් අත නෑර පිළිවෙලට ගෙන ගොනුකොට 

හදවතේ හොඳින් ඉඩ ඇති තැනක කුටියක

අගුළු ලා ඇත නුඹටවත් සොරාගනු බැරි ලෙස 


යතුරු නොමැතිව මතක ගොනු අස්සට 

පුළුවනි යන්නට හිතෙන හිතෙන වෙලාවට 

හදවතේ තදින් පෑරුණු තැනක් ලඟ ඉඳගෙන 

රත් පැහැ කඳුලු හෙලමින් හඬමි තනිවම 


එපමණකි නුඹෙන් මා ලද උරුමය 

මතක අතරට කඳුළු බිඳු පමණමය 

අප සිනාවුණු නිමේෂයන් අතලොස්ස 

තමයි හදවත පාරන්නෙ තිස්සෙම 


කඳුළු සඟවන්න සිනා මල් අපට තිබුණේම නෑ කවදාවත් 

සිනහ සඟවමින් නිතරම කඩාපැන්නෙ කඳුලු හමුදාවක් 

ගං ඉවුර දෙපැත්තෙන් අපි යන්නෙ එකම මග ගව් ගානක් 

එහා ඉවුරෙන් නුඹ දකින එක මහ විසල් කම්පාවක් 


Saturday, October 9, 2021



සමහර විට මමත්

මේ අකුර වගේ ඇති 

නුඹේ ජීවිතයේ දැන් 

කිසි ප්‍රයෝජනයක් නැති 

එහෙත් අහක දාන්නත් සිත් නැති 


එබැවින් 


ඔහේ පවතින්න ඉඩ දෙනවා ඇති 

හිටියත් නැතත් මොකද හිතනවැ'ති 

පැරණි මතක අමතක කරනවැ'ති 

දුරින්වත් ලඟ ඉන්න කැමැත්තක් නැතුව ඇති 


මම 

මළ අකුරක් 

නුඹේ ජීවිතය තුළ

කෙතෙක් ඔබ කීවත් 

දුරින් ඉන්නට නුඹෙන් 

හිත රිදුම් දෙයි තවත් 

නොඉවසා හිත් රිදුම් 

මවා නැති මුත් දහක් 

සිහින මා නුඹ නමින් 

එකම එක සිහිනයක 

නුඹ මැණික වී තාමත් 

රිදවමින් පෙළමින් 

වෙන් වෙන්න සිතමින් 

නුඹේ සිත සවි තරම් 

නැහැ දුබල මා සිත් 

එබැවින් ආයාචනා 

කරමි නුඹ මගේ වේවා 

නුඹ නොමැති දිනයක

සැනින් මා මියැදේවා

Thursday, October 7, 2021

පොත් කියවන්නෙ කොහොමද 

ජීවිතයේ මට හමුවූ 

සංකීර්ණම පොත නුඹ වූ කල 

ඒ පොතේ පිටු අතර 

මා අතරමංව ඇති කල 


 චිත්‍රපටයක් සිත නිවාවිද 

ශානරයක් හඳුනාගත නොහැකි 

ජීවමාන චිත්‍රපටයක

ඔබ මා පෙනී සිටින විටක 

චිත්‍රපටය තුළවත් 

කිසිදා කිසිම විටෙක 

එකට මුණ නොගැසෙන 

චරිත දෙකක

Wednesday, October 6, 2021

උලලේණියෙ නුඹ විතරයි 

 මගේ සුසුම් අඳුනන්නේ 

බදුල්ල ගහ මුදුනේ ඉඳන් 

මගේ දුකට වැලපෙන්නේ 


 අන්දකාරෙ නුඹෙ "මූසල" 

හඬ විතරයි තනි බින්ඳේ 

තනිකම හද පාරන වග 

නුඹ කොහොමද දැන ගත්තේ 


කණාමැඳිරි රුවක් තරම් 

එළියක්වත් මට කොයින්ද 

පුන්සඳ නැති අහස වගෙයි 

අඳුර කනට කොඳුරණකොට

හමුවෙලා මුත් හිමි නොවුණු තැන 

හිර වෙලා සුසුමක ආදරය 

හිමි නොවන තැන කුමට බැඳුණි ද 

නුඹ මගේ හදවත් එකින් එක 


රිදවනා තරමට ගැලූ 

කඳුළු පවසයි එහි තතූ 

වේදනාවක සිර වුණූ 

නිදහසක් නොපෙනෙන මතූ 


එපා යන්නට හැර දමා මා 

අහිමි ප්‍රේමය ජීවයයි 

හුස්ම සිර කර මරා දමනට 

වුවත් හැකි වෙයි, සත්තමයි

ඇත්ත, 

ආදරේ කරනවා කියන්නෙ බලා ගන්නවා කියන එක තමයි 

"මට ඔයාව බලා ගන්න බෑ" 

කවද හරි එක මොහොතක් හරි ආදරේ කරානන්, 

 "අනේ මාව මේ අමාරුම වෙලාවෙ තව පොඩ්ඩක් බලා ගන්න"

අත නෑර 🙏

Tuesday, October 5, 2021

ඔහේ පාවී යමි

ඔබගේ ආදරය අභිමුව 

උමතු විය මා පෙර දින 

ඔබගේ වෙන්ව යාමක සේයා දැනුණු තැන 

උම්මත්තකයෙකු ව මා අද දින 

අරමුණු විරහිත ශෝකාකූල ගංගාවක 

සැඩපහර ගෙනයන දිසාවට 

ඔහේ පා වී යමි මා 

ගංගාව හති වැටුණු දිනක 

විසි කරණු ඇත ඉවුරු පසෙකට 

නැතිනම් 

ගිළ ගනු ඇත මහා ගැඹුරට 

මා.... 


නුඹ නිහඬව බලා සිටිනු ඇත 

අද මෙන්.....

Tuesday, August 31, 2021

ආදරය පැවසූ සිතක් 

දකිනු නොහැකිව බෝ කලක්

ඉවසාන ඉන්නම් ඉතින්

නුඹ තුටින් ඉන්නවා නම්


ආදරයෙ තේරුම කුමක්දැයි

ඇසූවොත් නුඹ මගෙන් කිසි දින

නිපැකිලව පවසමි නුඹට මම


ආදරය නම්,

"නුඹෙ සිනාමුව දකිනු රිසියෙන්, සිතේ ඇති වූ හැඟීමයි!"

Monday, August 9, 2021

බිය නොවනු කුමරිය

මා නුඹට ආදරය පමණක්ම කරමි

අතීතය පමණක් සිහි කරමි

නුඹ මා දොඩමළු වූ අතීතය පමණක් සිහි කරමි

අතීතය වර්තමානයට ගෙන නොඑමි

නුඹ බියපත් නොකරමි

ආදරය පමණක්ම කරමි

ඒ ආදරය සමඟ ජීවත් වෙමි, මියෙමි, සිත් රිදුම් ඉවසමි

Saturday, August 7, 2021

ආයාසයෙන් නොලියා සිටිනු නොහැක

හිතේ නලියා දුක වචන වී පනිනු කොට

මගේ ආදරිය ආයෙත් මා ලඟ කියා

උදම් අනනට හිතුනත් එසේ නොකරමි දන්නා නිසා ඇගේ වග

හුදකලා මොහොතක තනි රැක්ක වචන

අත හැර නොයමි නුඹයි රැක්කේ මගේ ජීවය

එබැවින් ලියමි, ආයෙ ආයෙත් ලියමි

ඈ ගිය දිනක, නුඹ තනියට සිටිය යුතුය

Wednesday, August 4, 2021

ආදර හිතක් රිදවා බිඳවා

පතන ප්‍රීතිය එලෙසම ලැබේවා

පසුතැවිල්ලක් ඉතිරි වුව

නුඹට කිසිදා එලෙසින් නොවේවා

ඔයත් හරියට අර මැටිල්ඩගෙ අස්සයා වගේ


දහසකුත් එකක් බලාපොරොත්තු දීල

මුල් ටික හොඳටම පැනගෙන ඇවිත්

ඒ බලාපොරොත්තු තව වැඩි කරල

හිතුවෙවත් නැති විදිහට

හිතුවෙවත් නැති තැනකින්

මහා ලොකු හේතුවකුත් නැතිවම

පනින්නෙ නැතිව ආපහු හැරිච්ච හැටි


මොකෝ මැටිල්ඩ අස්සයට ආදරේ නැතුවද

සලකල නැතුවද

පරිස්සන් කරල නැතුවද

කන්න බොන්න දීල නැතුවද

අස්සය දක්ෂ නැතුවද


ඒත්,


ජස්ට් එලිමිනේටඩ්


සෝ සෑඩ් .... අස්සයෝ

ඒ වචන දෝංකාර දෙනවා

කාමරේ බිත්ති වල වැදි වැදී

ආයෙ ආයෙම වද දෙනවා

මගෙ සුදු මැණික කියාගෙන

ආදරේකින් මටවත් නොතේරෙන

පරිස්සන් කරපු මට 

ඒ වචන ටික වද දෙනවා මගෙ මැණික

Tuesday, August 3, 2021

සමහර ප්‍රේමයන්

හරි අපූරුයි පුදුමයි

ආදරෙන් වෙලී විත්

මගින් අත හැර පළායයි

සොයා දිව එද්දී

හැංගි හැංගී මග හරියි

කතාවක් වත් නෑසෙන්න

දොරගුළු දමා සැඟවෙයි


ඒත් හරි පුදුමයි


දොස්කියන්නට විතරක්

මගේ අංකය මතකයි

මග බලා හිඳීමම

ප්‍රේමයක් නොවේද

වේදනාබර මතකය

තනි රකිද්දී

නුඹ එතැයි සිතමින්

හඬමින්

මග බලා සිටීමම

ප්‍රෙමයක් නොවේද

Monday, August 2, 2021

මා ආදරය විඳ ඇත්තේ නුඹේ වචන තුළය

ස්පර්ශයක් පවා නොමැතිව

ආදරය ඒ තරම් දනවන්නෙ කෙසේ දැයි මා නොදනිමි මා නොඅසමි

නුඹ මා සිත විනිවිද ගොස් කියවන්නීය

කියවා මා අමතන්නීය

අමතා මා සනසන්නීය

ඒ ඇමතුම් මිහිරි ගීතයක් බඳුය

මිහිරිම මිහිරි ප්‍රේම ගීතයක් බඳුය

එවැනි ප්‍රේමයක් ඇත් හැරිය නොහැක

අත හැරීමට ලෝබය

අත හැර වෙනත් ජීවිතයක් ගැන සිතන්නටවත් නොහැක

නුඹ+මා=අපි=❤

අපි ආදරේ කර මිනිස්සු හරිම පුදුමාකාරයි. සම්බන්ධතා බිඳලා දාල අයින් වෙලා යන හැටි! ඉස්සර කතාවක් නවත්ත ගන්න බැරුව දෙන්නට දෙන්න බායි බායි කිය කිය ගොඩාක් වෙලා හිනා වෙවී කතා කරපු අයම අද එකපාර කතාව නවත්තලා බ්ලොක් කරලම දාන ගානට වෙනස් වෙලා, ජීවිතේ හැඟීම් සමුදායක් බෙදා ගත්ත අය, අද එයාලගෙ ජීවිත තනියමම විඳිද්දි, ආදරේ කරන කෙනා එයාගෙ ජීවිතේ තනියමම විඳවනවා. ජීවිතේ විඳින එක වැරැද්දක් නෙවේ. ඒක තමා ආදරේ කරන මනුස්සයෙක්ට තියෙන එකම සතුට. ඒත් මේ විදිහට ඒ සතුට බලන්නවත් නැති වෙන්න රෙස්ට්‍රික්ට් කරල දාල බලාපොරොත්තු වෙන සතුට සැනසුම මොකද්ද? අනික් මිනිහා මැරෙන්න විඳවද්දි එහෙම ඉන්නෙ කොහොමද? ආදර කතාවල් සදාකාලිකයි නේද? ඒවා එහෙම නතර කරල දාන්න බෑ නේද? ආදරේ කියන්නෙ මොකද්ද කියල කියල දුන්න පාඩමේ ඉතුරු කෑල්ලද මේ වේදනාව. ඒ පාඩම් කොටසද මේ කියල දෙන්නෙ. මම ආස නෑ ඒ කොටස ඉගෙන ගන්න. මම ඒ පාඩමට ඉන්නෙ නෑ. පන්තිය කට් කරල පැනල යනවා. ඒත් පැනල යන්න බැරි විදිහට හිර කරල අල්ලගෙන ජීවිතය විනාශ වෙන මට්ටමේ පාඩමක් කියල දෙන්න මොකද්ද තියෙන අයිතිය. මම ආදරේ කරපු එකද? මට මොහොතක් හරි ආදරේ දුන්න එකද? ඒ දුන්න ආදරේට හිලව් වෙන්න මාව නැත්තටම නැති කරල, මානසිකව වට්ටන එක හරිද? මානසිකව විතරක් නෙවේ මේ යන විදිහට මනුස්සයෙක්ට කායිකවත් සෑහෙන්න දුර්වල වෙයි. වැහැරුණු හකු බැහැපු කිසිම ලස්සනක් නැති මනුස්සයෙක්, තමන් ආදරේ කරපු කෙනෙක්, තමට ආදරේ කරන කෙනෙක්, වැරදීමකින් හරි පාරෙදිවත් හම්බුනොත් පට්ට සතුටක් දැනෙයිද? මට ආදරේ කරල මූ නැත්තටම නැති වෙලා කියල පට්ට ආඩම්බරයක් දැනෙයිද, මම මාර පොරක් කියල හිතෙයිද? ඔව් ඔයා පොරක් තමයි. මට ආදරේ කියන්නෙ මොකද්ද?, මනුස්සයෙක්ට දැනෙන්න ආදරේ කරන්නෙ කොහොමද කියල කියල දුන්න ඔයා පට්ට පොරක් තමයි. හිත හයිය කරගෙන අනික් මනුස්සයට මොනා වුනත් කමක් නෑ කියල අහක බලන් ඉන්න පුලුවන් කමම මාර වැඩක්. මටනන් බෑ එහෙම කවදාවත්. ගෙදර යනකන් පාරවල් ගානෙ දෙය්යන්ට කිය කිය බයෙන් බලාගෙන හිටපු මට, අනේ මම ගෙදර ගියාද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල ලැජ්ජාවක් නැතුව ඉල්ලන ගානට පත් කරපු ඔයා මටනන් මාර පොරක්.

You are the whole world of mine. I can't think of a life without you. The life feels so misserable when I am restricted to here from you. My world was before you even knew that I existed.

My eyes were once not bleached white. My skin was once not translucent. My soul was once not unique, you are my companion. I do not wish to leave, I can't. I can't.

I can't... The breath takes me. The heart is restored. All my thoughts are happily yours. You are the light that consumes the dark, and I am not lonely

As for myself, I am struggling with all the difficulties, I just want a person to listen to me, to be there for me, to let me know that everything is going to be alright, just like my dog doensn't mind that I put his bed outside in the cold snow because he knows that my love for him will never be diminished. You are the only girl that I could share my thoughts freely. You are the only girl I could let in my heart. You are the only girl I could share my memories with. You are the only girl I could let in my thoughts... 

Please don't go. 

The feelings I have for you, I can't put into words, I am screaming inside and I don't know how to say anything. Please don't go.

Please stay.

I don't know how I would survive without you...


❤️

Saturday, July 31, 2021

එයා ඒවා බලන්නෙ නෑ

ඒත් කවදා හරි බලයි

මම නැති දාක හරි බලයි

එතකොට හරි තේරෙයි

කොච්චර ආදරේ කළාද කියල

කොච්චර විඳවලාද කියල

මැරෙන එක කොච්චර අමාරුද කියල

ඊටත්

මැරි මැරී ජීවත්වෙන එක කොච්චර කරුමයක්ද කියල

මතු ආත්මෙක හරි

මාව ලැබෙන්න කියල හිතයි

මට කවදා හරි

මතු ආත්මෙක හරි

මේ කඳුලු ඔක්කොම

එයාගෙ උරහිසට බර වෙලා

අඬල අඬල

ඇති වෙන්න කෑ ගහල අඬල

ඉවර කරල දාන්න පුළුවන් වෙන්න

එක මොහොතකට හරි

අපිට ලැබෙන්න ප්‍රාර්ථනා කරයි

අනේ එහෙම කරන්න....🙏🙏🙏🙏

හාත්පස පැතිරෙන්නේ නුඹේ සුවඳයි

නුඹ ඉතිරි කර ගිය අපූරුම මතකයි

මතක අපූරු වුව සිත පහුරු ගසයි

සිත පහුරු ගසමින් රිදව රිදවා වද දෙයි

නුඹ නොමැති තැන කොහිද ජීවිතයේ සතුටක්

අත්වැල් අල්ලගෙන පසෙකින් සිටින්නට කෝ මට සැබෑ හිතවතියක්

ජීවන ගමන පීලි මත රැඳී අතරමං නොවනට

මග කියාදුන් නුඹම මා අතැර ගොස් මංමුළාකර මා

ඇසිපිය නොගසා 

හෝරාම පනස් ගානක්

බලා හිඳිමි තවමත්

හෝරා දින වී

දින සති වී

සති මාස වී

මා මියෙන තුරුම 

බලා හිඳිමි

බලාපොරොත්තු වෙමි

මෙලෙස අතැර

මියෙන්නය හරින්නට තරම්

වරදක්

මා ඔබට 

සිදු කර නැත

කිසිම දිනක

 

ටිං ටිං සද්දෙන්

එනකොට මැසේජ්

පිච්චෙනවා හදවත

තාමත්

ඒ නුඹ නොවෙන බව

තේරෙන මොහොත 

තාමත් එලඹෙන්නෙ

පොඩි ගැප් එකක් එක්ක

ඒ ගැප් එක ඇති 

පපුව පිච්චෙන්නම

නුඹ මා අමතක කර දමා

දින ගණන් සතුටින් ප්‍රීතියෙන්

ජීවිතය විදින අතර

මම නුඹ අමතක කරනු නොහැකිව

දින ගනන් මහත් වේදනාවෙන්

ජීවිතය සමඟ පොර බදිමි


මේ පොර බැදීම අවසන් කිරීමට කාලය බව ඔබ පෙන්වමින් සිටී

ජීවිතය සමඟ පොර බදා පරාජය වීමට ඔන්න මෙන්න බව මටද පසක් වේ

පිච්චි පිචිචී බිම වැටෙන්නේ අලු වෙලා

ඩන්හිල් ගෝල්ලිප් නෙවේ ඒ මගේ ජීවිතය පිච්චිලා

කරුවලට විතරක්ම නෙවෙයි බය හිතෙන්නෙම ගැස්සිලා

දහවලත් බියකරුයි නුඹ නොමැති ලොව තනි වෙලා

ඔරලෝසු කටු ඇයිද මෙච්චම ස්ලෝ

මාව තනියෙන් දාල ගියේ ඇයි හලෝ

අටයි තිස් හතර

අටයි තිස් හතර


ඇය නිහඬ වී තිබුණි

ඊට මිනිත්තු පහකට පෙර මා අමතා

සුළු මොහොතකින් ඇය නිහඬ වී තිබුණි

ඔබේ ආදරණීයයන්ට ප්‍රතිචාර දැක්වීමට

මිනිත්තු පහක්වත් ප්‍රමාද විය යුතු නැත

එවැනි ප්‍රමාදයන්

ජීවිත කාළයම නුඹ හඬවනු ඇත

නුඹ ජීවත්ව සිටියද

මියෑදුණු අයෙකු බවට පත් වනු ඇත

ස්තූතියි

නුඹට ස්තූතියි 

මා මේ තත්ත්වයට ශක්තිමත් කළාට

ජීවිතයේ ප්‍රශ්න වලට 

මා නොදැන සිටි පිළිතුරු කියා දුන්නාට

නුඹේ ආදරණීයයන්ටත් කියා දෙන්න

තාවකාලික වුවත් 

ඉන් මහත් සුවයක් ඇති බව

පැය කිහිපයකට හෝ

මහා හයියෙන් හඬන්නට නොහැකි තැන

දුක දුම් රොටු බවට පත් කර

ඉහලට ඉහලට ගොස්

බාල්කයේ වැදී

නොපෙනී යන වග

මමද දිනක

එලෙස නොපෙනී යනු ඇත

එතෙක්

නුඹ කියා දුන් ලෙස

ජීවිතය විදවමි

නුඹට අනේක වාරයක් තුති

🙏 🙏🙏🙏

...... .....



Friday, July 30, 2021

නියෝන් එළි පිරුණු හවසක

වෛවර්ණ ළඳුන් ඔබ මොබ දුවන නුවරක

නුඹ පිළිබඳ මතක මදකට පසෙකින්  තබනට

මධුවිතක පහස ළබමි හුදෙකලාවම


නුඹ පිළිබඳ මතක පසෙකින් තබනු වෙනුවට

නුඹ සමඟ සිතින් ඔබ මොබ ගිය මතක එකිනෙක

ගොඩගැසී පුපුරන්න ආසන්න හිස්කබල

නුඹ කොහොම ඉන්නවද මෙහෙම මා අමතක කොට



නුඹ වෙනුවෙන්ම

නුඹේ සතුට වෙනුවෙන්ම

වෙහෙස වූ මා හට

නුඹෙන්ම ජීවිතය අයදීමට සිදුවීම

දෛවෝපගතය

ජීවිතයේ කිසිදු අරමුණක් කරා

යාම තියා

ඒ ගැන සිතීමද

අතිශය වේදනාකාරී වී ඇත

අනේ 

කිසිවෙකු හෝ මා හට පිහිට වන්න

මගේ ජීවිතය ගළවා ගැනීමට

මට පිහිටක් අවශ්‍යව ඇත

අයුක්තියට අධිපති දෙවඟන

පපුව පුපුරා රිදුම් දෙද්දිත්

උදුර උදුරා අතට ගෙන

එහෙට මෙහෙට හරවා

බලමින් ලේ වැක්කෙරෙන'යුරු

සිනාසෙන්නී

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන


ජීවිතය ඉල්ලා කෑ ගසද්දිත්

නෑසුනා සේ දත් විරිත්තා

මහා කඨෝර හිනාවක්

මා දෙසට දමා හල

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන


දිනෙන් දින දළු ලා වැඩුනු

ප්‍රේමයේ මහා වෘක්ෂය

ඒක පාර්ශ්වික තීන්දුවකින්

කපා බිම දා

එයිනුත් නොනැවතී

වැටුණු වෘක්ෂයටද 

පොරෝ පහර දෙකක් එල්ල කළ

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන

ආදරය අහිමිව

විඳවද්දි අනෙකා

නුඹ විඳින්නෙ

මොන වගේ සතුටක්ද

සිතා ගත නොහැක...


ආදරය අහිමිව

අතරමං කර අනෙකා

මග දනිද්දීත්

කියා නොදෙමින්

නුඹ විඳින්නේ

මින වගේ සතුටක්ද

සිතා ගත නොහැක....


ආදරය අහිමිව

දුකින් ගිලන් වෙද්දී

එලෙසින්ම මියයනු ඇතැයි

බලාපොරොත්තුව

නුඹ විඳින්නේ

මොන වගේ සතුටක්ද

සිතා ගත නොහැක....

වහලයේ බාල්කය 

සයනයේ උඩු බැළි අතට

කඳුලු වගුරන මා දෙස

සමච්චල් බැල්මක් හෙලන්නේය

වේදනාවන්ට සහනය

තමා ලඟ ඇත්තාක් මෙන් සිතා

හෙතෙම මට අඬ ගසන්නාක් බඳුය

කැකෑරෙමින් ඇති ජීවිතය

හිස් අවකාශයට බාර දී

නික්මෙන්නට අවැසිය

ඔව්

ඉක්මනින්ම

එවැනි තීරණයක් වළක්වන 

ඇස් හයකින්

ඉතිරිව ඇත්තේ හතරක් පමණි

ඉතිරි ඇස් දෙක

එම තීරණය දිරි ගන්වමින් සිටී

ස්තූතියි එයට 🙏

Thursday, July 29, 2021

ලියා දුක දරා ගත හැකි මානයෙන් ඔබ්බට

කෙමෙන් කෙමෙන් මා ලඟා වෙමි

ඉතින් ප්‍රේමිය මගෙන් නුඹට වන ආදරය නැමති හිරිහැරය

නිමාවනු ඇත නුදුරේම

ආදරය නොමැති තැන මා ද නොපවතිනු ඇත

මා නොපවතින තැන නුඹේ සතුට පවතිනු ඇත

නුඹේ සතුට පවතින තැන මගේ සතුට පවතිනු ඇත

මගේ සතුට විඳීමට මා....... එය ප්‍රශ්නාර්ථයකි

අපේ ආදරේ මුරුගසන් වැසි අතරේ

සැඟව ගහගෙන ගොස් නොසිතූ ලෙස නොසිතු මොහොතේ

නිමේෂයකදි ඇසිපිය හෙලන මොහොතේ

නුඹයි රැළි දිය මතට මා අතහැරියේ

අපේ ආදරය ගිළී යන තැන නොදුටු සේ වෙනතක බලා සිටියේ


අද උදෑසන 8.34ට ඇය ප්‍රේමය දියට තල්ලු කර හිනැහුණාය

කාස්ටක කොටුවේ

සූක්ෂම නොමිනිසුන් අතරේ

තීක්ෂණ නෙත් විදා

නෙතින් නෙත හිනැහුණේ

ඇයිද අප නෙත් හමුවුණේ


වික්ෂිප්ත දෙහදක් ශේෂ කල සොදුරු තහනම් හැඟීමක සැමරුම්

නෙතින් නෙත නුඹ මුණගැසුනු දින

ඒ වගේමැයි

තිගැස්සෙන කවියක නුරුස්සන පදවැල්


සුපුෂ්පිත කුසුමක් මිළින වන

අහිංසක නුඹෙ දඩබ්බර වෙනසක්

සිතින් සිත නුඹ මුණගැසුණු දින

ඒ වගේමැයි

විරහබර ගීයක  හැඟුම්බර පදවැල්

Friday, July 16, 2021

නවතින්න....නවතින්න....නවතින්න....

කොපුල් පුපුරා

නුවන් උතුරා

ජීවය මගේ

උදුරා ගනු එපා


නවතින්න....මොහොතක්....නවතින්න


මධුපානයක

තවරාත්‍රියක

හිත් ගාව රහසින්....රහසින්

හිනැහි හිනැහී කොනිත්තනු නවතා


නවතින්න....මොහොතක්....නවතින්න


හිත කීරි ගැහෙනා

පෙර මතක අවුලා

නුඹ උන්නු හදවත....හදවත

පුපුර පුපුරා පුලුස්සනු නවතා


නවතින්න....මොහොතක්....නවතින්න

Sunday, July 11, 2021

 www.lankaradio.lk 

Listen now

"Excuses make today easier and tommorrow harder"


Then why?

Then why you just make today easier?

While making a harder tommorrow 

Why can't we just live today?

No need of excuses

From both ways

Just think

Who can loose the best thing ever happened?

Who can live without the best person ever met?

Who can enjoy without the best part of the life?

Please don't close the gates!

Please don't close the gates!

I deaperatly need your affection!

Life without you is full of sorrow,

Life without you is life without life,

You are my breath,

You are my soul,

You are my everything!

Please don't close the gates.....🙏

...... .....

Wednesday, July 7, 2021

එකතුවක්

-------------------------------------

කල්පනා කරන ජීවිත

අඬන ජීවිත

බොරුවට හිනාවෙන ජීවිත

අසරණ ජීවත

ප්‍රතික්ෂේපිත ජීවිත

කාලකන්නි ජීවිත

ආදරණීය ජීවිත

නරුම ජීවිත

බොරුකාර ජීවිත

පව්කාර ජීවිත

කාටවත් වැඩක් නැති ජීවිත

වැරදිච්ච ජීවිත

Tuesday, July 6, 2021

Dear God

Are you there

WTF you are doing

Take me out of this shitty world

Are you also enjoying my sorrow

Are you also enjoying my pain

Are you also enjoying my wounds 

Take me soon

I beg you

I desperately request you

I can't smile while crying

I can't sing while crying

I can't calebrate while crying

Take me out of this shitty world

Take me out of this shitty life

Monday, July 5, 2021

නාදුනන සේ නිහඬව

සිටින්නට කල වරද කිම

තාරකාවක් කොහොමද

නොපෙනී ඉන්නෙ පොළොවට

චාරිකාවක් නිමකොට

යන්න හිත හැදෙන දවසට

කඩන් වැටියන් පොළොවට

මා නිදන බිම මත්තට

පණ සේ ආදරය කළෙමි, කරමි

එබැවින් අයදිමි

ආදරය යනු නුඹේ වචන කිහිපයකි

මා පණ සේ ආදරය කළේ එයටය

දරා ගත නොහැක

ජීවිතය විනාශ වෙමින් පවතී

අනේ මා ගලවා ගන්න

මා බේරා ගන්න

එය නුඹට පමණක් කළ හැක

මා නුඹට පණසේ ආදරය කරමි

Saturday, July 3, 2021

පැමිණියත් එදිරිව මා කරා මුළු ලෝකයක්

දැනුනෙ නෑ කිසිදින නොසළකමි සැමදා

නමුදු ඔබගේ වෙනස්කම් සහ රිදවීම්

ඉවසන්න බැහැ ඒ නුඹ මගෙම නිසා

මහ රෑට ජීවිතේ පට්ට ෆන් මචං නියමයි

කළුවරක පේන් නෑ ඇඬුව හැකි බං ඇති තරන්

තාලයක් නැතුවම ඇහෙන රැහැයි හඬ ජීවිතය වාගෙමයි

සින්දු දෙක තුන ප්ලේ වෙද්දි සද්දෙට, ඉකි ගහන සද්දෙවත් ඇහෙන් නෑ


හැඩකාර ගෑණු හිත් හරි සුන්දරයි මම ආදරෙයි

පණ යන්න ආදරේ කරපු තැන් වල මතක අච්චරයි මෙච්චරයි

අපි ආදරේ වුනත් අපිට ආදරේ උන් අඩු නෙවේ නෑ බං

උන්ට පුළුවන් මචං මරෙනකන් තද කරන් ඉන්න අපෙ හුස්ම කොට්ටෙකින්


අමාරුයි, ඒත් උන්ට මරුනන් ඒ සතුටම මදෑ නේ බං?

Friday, July 2, 2021

මනුස්සයෙක්....

නිකන්ම නිකන් මනුස්සයෙක් නෙවේ,

තප්පරේකට හරි තමනුත් ආදරේ කරපු මනුස්සයෙක්,

පණටත් වඩා තමන්ට ආදරේ කරපු මනුස්සයෙක්,

විඳවනවා;

වේදනා විඳිනවා;

විනාස වෙනවා;

ලෙඩ වෙනවා;

අඬනවා;

රෑ මැද්දෙ ඇහැරගෙන කල්පනා කරනවා,

ඔහොම බලාගෙන ඉන්නෙ කොහොමද?

එහෙම ඉන්න පුළුවන් වුනේ කොහොමද?

එහෙම වෙන්න හයියක් තියෙනවද?

දුක නැද්ද?

නිහඬවම ඉන්න

පහසු වෙයි ඔබට

මා මියෑදුනු දිනෙක

සතුට සඟවා ගන්න


නිහඬවම ඉන්න

පහසුවෙයි මට

ඔබටත් නොකියාම

සතුටින් මියෑදෙන්න

අංකල්,

මාමෙ,

අයියෙ,

මල්ලි,

මචං,


මට සමාවෙයං බං......

නොතේරෙන කාලෙ බැන්නට උඹලට;

බේබද්දො කිව්වට;

අපරාදෙ සල්ලි කිව්වට;


ඔලුව පුපුරණ වෙලාවක

වැටිච්ච තැන නිදියන්න

ඒක මරු බං......


රෑ මැද්දෙ ඇහැ ඇරෙන එකටත්

ඇහැරිලා දුක හිතෙන එකටත්

දුක හිතිල ඉකි ගැහෙන එකටත්

කියපංකො මොකක් හරි විදිහක්

තිස්සේම ඇහැරෙන

මුළු හිතම ගැස්සෙන

හොඳටෝම මිස්වෙන

ආදරය නුඹ මිස

Thursday, July 1, 2021

Mkcp Shasheen වරක් ඔහුගේ ප්‍රසිද්ධ කවියක මෙසේ පවසා තිබුණි.....ප්‍රේමය අවසන ඔහු සංතෝස විල අසල රෞද්‍ර ගිජු ලිහියකුව ජීවත් වෙයි......, 


ඔබ ඕනෑම වෙලාවක එන්න

මා සිටින්නේ සංතෝෂ විල අසල

උසම උස ගසකයි !


මා මේ කවිය ලියන්නේ

කිසිදු වේදනාවකින් තොරවයි !


මා මෙහි වෙසෙන බව

ඔබට ලියූ තුරුපත් 

හොටෙන් ඇන, දෙපයින් ඉරා

අන්න මේ ගස යට ඔහේ දිරායයි, 

පොළොවට පොහොරවෙයි !


හීතල හීගඩු පිපෙන 

උතුරු දූපතෙන් එන සුලඟ 

ඔබෙ සුවඳ ගෙන එයි !

හීගඩු පිපුනහම 

පිහාට්ටක් දෙකක් හලන එක 

ගානක් නැහැ දැන් මට පුරුදුයි !


ඔබ ඕනෑම වෙලාවක එන්න

මා සිටින්නේ සංතෝෂ විල අසල

උසම උස ගසකයි !


මා මේ කවිය ලියන්නේ

කිසිදු වේදනාවකින් තොරවයි !


චන්ද්‍රයා චන්ද්‍රාලෝක එවුවහම

දිග හැරෙන කණාමැදිරි පියාපත්

මේ දුර්ග ගස නැග එයි. 

ඇවිත් ඔබ මොබ ඇවිද 

ඔබේ වග විමසයි, වද වෙයි !

එකෙක් දෙකෙක් අල්ලා ගස්කඳේ ගසා

මැරුවාම, ඒ වදෙත් ඉවරයි !


ගම් දනවු වලින් ඈතට 

උසගසක වෙසෙන 

රෞද්‍ර ගිජු ලිහිණියකු ගැන පුවතක්

නුදුරේදීම ඔබට සැලවෙයි 


නමුත් විස්වාස කරන්න !

මා සිටින්නේ සංතෝෂ විල අසල

උසම උස ගසකයි !


මා මේ කවිය ලියන්නේ

කිසිදු වේදනාවකින් තොරවයි !

Mkcp Shasheen


------------------------------------------------



මේ ප්‍රේමය අහිමි වූ විටෙක මගේ තත්තවයයි. කළකට පෙර මේ බ්ලොග්  අඩවියෙන්ම මෙය නුඹ කියවා ඇතැයි මම සිතමි......,


ඔබ නොමැති ජීවිතය නම්

දිය රැළිති නැති ගැඹුරු ගංගාවේ 

පාවෙමින් සිටිමි උඩුබැලි අතට ඔහේ

නහය විතරක් චුට්ටක්

වතුරෙන් උඩට

හුස්ම ගන්නට අවැසි නිසා පමණක්


නිලංකාරය දෑස් වැසී ගොස්

දැවෙමින් රක්ත හිරු කිරණින්

මා සිටින්නේ දුක සතුට නාදුනන

ඔබ නොමති ජීවිතය නම් ගංගාවේ

ගැඹුරුම ගැඹුරු තැනක 


උඩුබැලි අතට පාවෙමින්

ඉඳ හිට ඉහෙන පල් වතුර බිඳකින්

නිවාගෙන පිපාසය 

පෙඳ පාසි නිව්වා වගේ මතකයි සාගින්න


ඔහේ පාවෙමි ඔහේ පාවෙමි

ඔබ නොමැති ජීවිතය නම් ගංගාවේ

තනියට ඔබ නොපැමිණෙන බව දනිමි

ඔහේ පාවෙන ජීවිතය නොවටිනා බවද දනිමි

ඔබෙනුත් අත්වැලක් නොලැබේනම්

වෙනකෙක් පිහිටට නොඑන බවද දනිමි


එබැවින් පාවෙමි 

දුක සතුට නොදැනෙන 

ඔබ නොමැති ගංගාවේ.....


එසේ පාවී අවසන මියෙමි.........


දිනූෂ ජයසිංහ (sondurusithuwili.blogspot.com)


--------------------------------------------------------


මා තෝරාගත යුත්තේ කුමක්ද? සංතෝස විල අසල රෞද්‍ර ගිජුලිහිණියාගේ චරිතයද? එසේත් නැත්නම්, නුඹ නොමැතිව ඔහේ පාවී මියෙන චරිතයද? මම නොදනිමි. ප්‍රේමය යනු ජීවිතය දැනුණු, ස්පර්ශ කළ නිමේෂයයි. ඒ නිමේෂය තත්පරයක් විය හැක, ජීවිත කාලයම විය හැක. කරුමය යනු එය තීරණය වන්නේ අපගේ සිතුම් පැතුම මත නොව, බාහිර සමාජයේ උවමනා එපාකම් මත වීමය. 


මේ කතා බහත් මේත් එක්කම අහන්න.....

⬇️⬇️


https://fb.watch/6t59jsobIu/

ආදරය කළ 

මුළු ලොවටත් වඩා සැමදා නුඹටම

පරිස්සම් කළ

වචනෙකින්වත් හිත නොරිදෙන්න

ප්‍රාර්ථනා කළ

නුඹේ ජය පමණක්ම හැමදාම

පසෙකට  වූ

නුඹ වෙනුවෙන් නුඹට අයිතියක් නොකියාම

නිහඬව කඳුලු සැලූ

අහිමි ආදරය හිමි නොවන තුරාවට

වෛරයක් නොඉපදිනු

කිසිම දින කිසිම ලෙස නුඹ නමට

ප්‍රීතිමත් වූ

නුඹේ සිනහව දකින්නෙ කොතනද


කියා දෙන්න

එවැන්නෙකුට මෙතරම් වෛරකළ හැක්කේ කෙසේද?

ආදරය පමණක්ම නොව

සතුට

නින්ද

ජීවිතය

නිරවුල් බව

නිහඬ බව

ආදිය ද

සොරා ගෙන ගොස් ඇත

නොනැවතී දෙසවන පිරී ඇති

ඝෝෂාව නවතින්න

අනේ මොනවා හරි කියන්න 🙏


පාන්දරම අවදිව 

යායුතු මා

තවම අවදියෙන් 😭


කාටවත් නොපෙනෙන තැනක

ජීවිතය නවතිනවානම්......❤️




Wednesday, June 30, 2021

තෙරපි තෙරපී දොඩමළුව හිටිය හිත අස්සේ

ඉඟි බිඟි හැඟුම් ආදරය අඩු නැත්තේ

එක් වරම පපු කැවුතු පසාරුව යන සේ

පහර පිට පහර ඇනපන් නුඹට සිත්සේ


ගලා යන රුහිරෙන් තෙමා නුඹෙ පාද

කමා වන ලෙස කියමි යලිත් වැඳ පාද

විඩා බර නෙත් කෙවෙනි වැසී යන දාක

නුඹ නමින් මියෑදුණු පෙමක් ඇති තාම

 Copied from. Ma Du Ranga

අවසාන වතාවටත් 

නුඹ හොඳින් දැයි ඇසීමට සිතමි

අවසාන වතාවට අවසානයක් නැති නිසා 

නිහඬව හැරෙමි


ඉමක් නැති කල්පයකට වඩා මොහොතක දීර්ඝතම බව විඳිමි 

ශුෂ්ක කාන්තාරයත් කෙමෙන් මියෑදෙන උයනකට අසමාන බව දනිමි


ඉතින් මම ලියමි

හඳ දෙස බලා ලියමි

වරද්ද වරද්දා තරු ගණන් කරකර ලියමි


නෙත් කෙවෙනි තෙත්වන තුරු

ඇස් කොණින් රතුවන තුරු

හදවත ඇවිලෙනයුරු 

වෙව්ලන දෑතින් ලියමි


නුඹ කිරිල්ලියක් බව ද

නුබගැබ පියාසලන හැටි ද

සිනාසෙන ඇස් ද 

බැඳීගිය අත් ද 

බිඳීගිය දෙනෙතින් දුටිමි

මුමුණන මියුරු තනු ද ඈතින් ඉඳ අසමි


පුරුද්දටදෝ

නුඹ හොඳින් දැයි ඇසීමට සිතමි


නුඹ සුවෙන් බව දනිමි

නුඹ හොඳින් යැයි සිතමි


විඩාබර දෑස් පිස

අවසාන වතාවට අවසානයක් නැති නිසා නිහඬව හැරෙමි......❤️🍂


අවිනිශ්චිත 

තවත් කොතරම්

නිදි නේන මත්වූ රැයවල්

පහන් කරම්ද

වේදනාවත් තෙරපමින්

ඝෝෂාවන් සවන් පෙළමින්

පීඩාවන් රිද්දමින්

මගේම සිත රැවටීමට කරන සියළු දේ

නිශ්ඵල මොහොතක

ගිරි දුර්ගයක සිට බලා හිඳිමි

පහල නුඹ නොමැති බව දනිමි

නමුත් මා සිටිය හැක

Tuesday, June 29, 2021

අපි ලස්සන දේවල් වලට කොච්චර ආදරේද

ඒත් ඒ ලස්සන කොච්චර නපුරුකම් හංගන් ඉන්නවද

තමන්ට දවසක් හරි ආදරේ කරපු කෙනෙක්ට

තමන් දවස හරි ආදරේ කරපු කෙනෙක්ට

ඔනෙ දෙයක් වුනාවෙ කියල 

පැත්තක වෙලා ඉන්න තරන්

ඒ නපුරුකම් දරුණුද

මග බලා සිටිමි

වචනයක් හෝ ඇසෙනතුරු බලා සිටිමි

නුඹ සියලු දොරගුළු වසා දැමුවද

දොරකඩට වී සුසුම් ලමි

නුඹට ඇසෙන බව දනිමි

සමාවුව මැනව

මම නුඹට ආදරය කරමි

දරාගත නොහැකිව තැවෙමි

නුඹ වෙන්ව ගොස්

ජීවිතය අතර මග නවතා

නුඹ යන්න ගොස්

මතක් වෙද්දිත් හිතම හිස්

ආදරේ නුඹ දුන්න තැන්

නුඹෙ ආදරේ නැතිව හිස්

මම නුඹට ආදරෙයි කවදත්

පණට වැඩියෙන් තව ටිකක්

හිස් තැන්

මීවිතෙන් සංගීතයෙන් පුරවමි

හිස් තැන් වෙතොත් ආදේශක සොයමි

ඔහේ පිරෙනු ඇත

නුඹ වගේ නොවෙනු ඇත

පළි ගනිමි

මගෙන්

නුඹ මට අහිමි කළවුන්ගෙන්

Monday, June 28, 2021

සිතින් සිත සිත විඳවමි

නෙතට රසඳුන අද නැති

මිහිරි ගීයක හැඩ ඇති

හඬ ඇසුනොතින් ඒ ඇති


මූසලයි උලලේන් නාදය

සුළඟින් පවා තිගැස්සෙන හදවත

නුඹ ළඟම සිටි විට

තිබු අස්වැසිල්ල ආයෙම දෙනවද

නුඹ රිදුම් දෙන තැන

සක්‍රීය වන කව් සිත

නුඹ අහිමි වන තැන

අක්‍රියව මියෙන බව දැනේ

සිත රිදෙන තැන

කවියකින් සැන්සුම

ගෙනෙන සීමාවටම

පැමිණ ඇති බව හැඟේ



Sunday, June 27, 2021

මම මගෙන් පළිගනිමි

නුඹ සිත සුවපත් කරගන්න

නුඹ හඬ සවනත නොවැකුණද

නුඹ සිටින බව හෝ නොදැන

මට පියවි සිහියෙන් නින්දය යා නොහැක

එබැවින් 

මට සමාවුව මැන

නුඹට මගෙන් වරදක් වී නම්

අදටත් මතුවටත් විඳවමි

මේ වේදනාවන් ඊට හිලව් නොවනු ඇති

ජීවිතයේ මා ආදරය කරන

මා ඇළුම් කරන

මා විශ්වාස කරන

ජීවීන් අතලොස්සෙන්

නුඹ අහිමි වීම දරා ගත නොහැක

දස දහස් වාරයක්

හැපෙමින් තැවෙමින් සමාවනලෙස ඉල්ලමි

මෙවන් වේදනාත්මක සමුගැනීමක් 

මෙවන් දරුණු දඬුවමක්

මෙවන් හිස් බවක්


අනේ එපා....🙏


 


 

Saturday, June 26, 2021

තනිය හුදෙකලාව මේ තරම් වද දුන් දිනක් මින් පෙර මුණ ගැසී නොමැත

නුඹ දැකිය හැකි සියළු මාවත් අවුරා ඇති නිමේෂයක

තව තවත් හුදෙකලා වනු මිස

සිදු කළ හැකි, සිදු කළ යුතු

වෙනකක් නොහැඟෙන්නේය

අතිශයින්ම ආදරය කළ හිතකට

මෙය මරණීය වේදනාවකි




අවසානයේ මම සිහිනයක නුඹ හමුවීමි

උඹ මෝටර්සයිකලයක පිටුපස

දෑත් දපසට විහිදුවා 

මහත් වූ සතුටින් ගමන් කරනු දුටුවෙමි

රැළිති කොණ්ඩය සුළගේ විසිර

මට ඔච්චම් කළේය

එක් වරම නුඹ නැගිට කෑගැසුවාය

නුඹ එකතරම් සතුටකිනි


මා සිටියේ නුඹෙ ගිය මග පසෙකය

කිළිටි ඇඳුම්, හිසට ඇළුනු කෙස්,

දුර්වල අත පය, ගිළුණු ඇස්


නුඹ මා පසු කොට ගිය පසු

මම අතවැනීමට සිතුවෙමි

නමුත් එසේ නොකළෙමි


"අන්න අර බයික් වලට අත වනන පිස්සා මැරිලා"


කවුදෝ කියනු ඇසුණි

Friday, June 25, 2021

ආදරය

බයික් එකේ ගියේ....

තෙමිලත් ඇති....❤️


වෛරය

කොච්චර ඇඬුවත් බිව්වත්

මම යනවා....💔


ආදරය

කවද හරි එනකන්

මං බලං ඉන්නවා ❤️


එතකන්

අඬනවා බොනවා 🖤







...... .....


🙏🙏🙏

Thursday, June 17, 2021

ආදරය හිත් වලට දැනුනාම මුළු ලොවම   රිද්දා

ඉල්ලන්නෙ ආදරය පමණමයි නුඹෙන් ඒ හන්දා

අසරණම මොහොතකට හිත නිවන වචනයක් ඉල්ලා

දන්නවද අඬනවා පිරිමිත් කඳුලු ලෝකෙට හංගා

 නිහඬබව දරනු බැරි ඇයි              මන්දා

පෙළන තරමට හොඳටෝම රිදුම් වින්දා

පණනලත් රැක ගත යුතුම           හින්දා

ඔව්මැණික අදත් මම චූට්ටක්      බිව්වා

Wednesday, June 16, 2021

එක්ස්කියුස්මී ටීච මම දෙක ඕලු පන්තියෙ පොඩි සමන්

පින්තූරෙනන් පේන් නැතුවැති සිග්නලුත් නෑ හරි හමන් 

ගණන් පාඩම බුද්ධ ධර්මය ඉගෙන ගත්තට සිත් තුටින්

අම්මා පිටරට අප්පා වැලිකඩ ආච්චිත් සත්තයි ලෙඩින්


අක්කා දැන් පහ වසරෙ මිස් ශිෂ්‍යත්තෙ ලියනවා පාසලෙන්

එයා දක්ෂයි හැඩයි නිතරම පළමු වෙනියා පන්තියෙන්

මිස් වුනත් මට ගණන් පාඩම අක්කා පව් මම හරි දුකින්

ටීච මම දැන් ලීව් වෙන්නද අක්කටත් දැන් ඔන්ලයින්

මතක පොදි හංගාන                          අස්සේ

රිදෙන මොහොතක නුඹයි කඳුලුත් පිස්සේ

ආදරෙන් රැක ගත්තු                      නෙත් සේ

හඬවමින් රිදවනවාද සිත               සිත් සේ

Monday, June 14, 2021

නුඹ          මගෙ       හද           නැහැ

නැති         සිත         වත           හිත

ලොව       දෙයි         එක්          තැම්

හිස්           දොස්         ලස්          පත්



Friday, June 11, 2021

 ජීවිතය


සෑම හිමිවීමක් සමඟම 

නොමිලේම හිමිවන අහිමිවීමකි

අහිමිවීම් වලකා ගැනීමට 

වෙහෙසීම ජීවිතය නමි

හිමිවීම අබියස

උදම් ඇනීම කමකට නැති

අහිමිවීම් අසබඩ

නොහඬා සිටිනු නොහැකි

ජීවිතය වනාහී - අහිමිවීම් ම ගොන්නකි



Tuesday, June 1, 2021

ඔය එකක් හරි.....
 වැරදීමකින් හරි......
 පොඩි වෙලාවකට හරි.....
 මග ඇරුනොත්......😶
--------------------
ඇත්ත....
දුක හිතෙනවා....
ඒක දන්නවා.....
ඒකයි මෙච්චර පසු තැවෙන්නෙ....
දුක් වෙන්නෙ.....
...... .....

 

Friday, May 28, 2021

 දැන් ඔය යූ ටියුබ් චැනල් වලට "වීර" කාන්තාවො ඇවිත් සුවාධීන වෙනවා ගගා වැළලෙන එක ට්‍රෙන්ඩ් එකක් වෙලා තියෙනවනෙ.


ඉතින් මොකෝ.... සුවාධීන බැරිනන් ඕනෙ ඉටිගෙඩියක් වුනා කියල අපිට පාං ද? සුවාධීන හරි ජාතික හරි ඒත් බැරිනන් ටීයෙන්නෙල් හරි කමක් නෑ ඒක කිය කිය වැළලෙන්න තියා ගන්නෙ නැතුව ඕනෙ එකක්. 


හැබැයි අමතක කරන්න එපා, තාමත් මේ ලෝකෙ ඕනෙ තරම් ආදරණීය ගෑණු ඉන්නවා, පිරිමියෙක්ගෙ ආදරේට පෙරේත, පිරිමියෙක්ගෙ රැකවරණය මහමෙරක් වගේ බලාපොරොත්තු වෙන, ඒ ආදරය රැකවරණය විඳිනව කියන එක ලැජ්ජ වෙන්න ඕනෙ දෙයක් නෙවේ කියල හිතන.


ඒ සුන්දර ආදරණීය ගෑණු, ලෝකෙට වීරවරියො නොවුනට පිරිමි හිත් අස්සෙ වීරවරියො ❤️

~දිනූෂ

Monday, May 24, 2021

ඇටෙන්ෂන් ඕනෙ විට

ඔන්න ඔහෙ බොරුවට හරි

හිතෙන්නෙම කියන්න

උණ වගේ

ඔලුවත් රිදෙනවනෙ

ඒත් ඉතින්

නපුරුයිනෙ

Monday, May 17, 2021

හැමදාම දුරින් ඉඳ

ආදරේ විඳපු මට

මීටරේ දුර රැකන්

ඉන්න බැරි නෑ මැණික

නුඹ මා වෙන් කර තබන සීමාව නොදනිමි

නුඹ සිටින බවවත් නොදැක 

දිනක් ගෙවනු කෙලෙසදැයි මා නොදනිමි

නුඹ මා වෙන් කරන වාරයක් පාසා

නුඹ සොයා දිව එන්නට සිත කියයි

තැවෙමින් දැවෙමින් නුඹවම සොයන්නට සිත කියයි

Sunday, May 16, 2021

හැමදාම ලඟින් හිඳ

හිනැහෙන්න ඇත්නම්

මතකයට එන විටම

දකින්නට ඇත්නම්

රිදෙන විට පපුව, නුඹ

ලඟ රැඳෙනු හැකිනම්

සැනසීම මේ යැයි

නුඹ දන්නවා නම්

Friday, May 14, 2021

මේ හිරිගඩු පිපෙන

හීතල රාත්‍රිය

නුඹවම සිහිගන්වමින්


නොතේරෙන එක දෙයක් 

රිදවනවාද සනසනවාද

සැරිසරමින් නුඹ 

ඔබමොබ මා සිත ලඟ


ලං වෙන්න සිපගන්න

වැලඳ නුඹ සනසන්න

ඉඩක් මට නැතුවාට

නුඹ නොවෙද ආදරය

Thursday, May 13, 2021


මුණගැහෙන්නෙ එන්නෙ කොහොමද

ඉතින්,

ආයෙ මුණ්ගැහෙන දවසක් එනකන් පරිස්සමින් සතුටින් ඉන්න ❤️

...... .....

Tuesday, May 11, 2021

ආදරය මේ යැයි රිදවමින් සනසමින් කියා දෙන්නී

සිනාවට කඳුලටද නුඹ තමයි සෑමදා හේතු වන්නී

සිනා සෙන මොහොතකට ලොවම අමතක කරවන්නී

හිතන්නෙත් කොහොමද නුඹ නැති දිනක් හිතවන්තී

Saturday, May 8, 2021

ජීවිතයේ හීනෙකින්වත් අපිට ආදරේ කරන්නෙ නැති අය වෙනුවෙන් සුළු හෝ කැපකිරීම් කිරීම අතිශය අමනෝඥ ක්‍රියාවක් බව තේරෙන්නේ බොහෝ කලක් ගිය පසුය. ඊට වඩා තමන් වෙනුවෙන්, තමන් ආදරේ කරන මිනිසුන් වෙනුවෙන් සතුටින් ජීවත් විය යුතුය. තමන් කැමති දේ කළ යුතුය. එය තෝරා ගැනීමකි. තෝරා ගැනීම තමන් සතුය. තමන්ට ටිකක් හෝ ආදරේ කරන අය වෙනුවෙන් කිසිදු බලාපොරොත්තුවක් නැතුවම වුව ජීවත්වීම හිතට සහනයකි.


දිනූෂ

08.05.2021



නමක් නැති සුවඳ ඔබ සිත උතුරන

නිමක් නැති රිදුම ඔබ සිත දවන


කෝල කොමල පිළි අඳුරේ සඟවා

රොන් මධු සිහිනේ මා සතපා

උණුසුම් සිහිලෙන් රත් කොපුල් තෙමේ

නමක් නැති සුවඳ ඉතිරි වේ


කොඳ මල් පිපුණු සඳ දිය වතුරේ

කඩුපුල් විසිරුණු පලසේ

පිණිමල් ඉසිලන හීතල පවනේ 

නමක් නැති සුවඳ ඉතිරි වේ

පද : දිමුතු

සංගීතය : දුලීක කෝදාගොඩ

My next song. Most probably this will be recorded tomorrow. 



Thursday, May 6, 2021

ආදරය

බයික් එකේ ගියේ....

තෙමිලත් ඇති....❤️

Monday, May 3, 2021


මේ දවස්වල වහින වැස්සත්

හරියටම නුඹ වගේමයි

නොකියාම එක් වරම ඇවිදින්

නොසිතනා ලෙස නිහඬ වෙයි

කෂ්ඨක පොළොවකට වැහිබිඳු

සිසිල උණුහුම අරන් එයි

නොකියාම නුඹ නිහඬ වූ විට

හිත සොවින් මිරිකී තැවෙයි

හීං හිරිකඩ කවුලුවෙන් විත්

නුඹව සිහිකර සිනාසෙයි

කවුළු දොරගුළුලා සිරගතව

නුඹ සොයා සිත වෙහෙස වෙයි

Tuesday, April 27, 2021

Monday, April 26, 2021

කවදාවත් තමන් ආදරේ කරන කෙනාට ආදරෙයි කියල කියන්න දෙපාරක් හිතන්න එපා. 


ටෙලිෆෝන් රිසීවරේ ඒක ලියලා තියා ගන්න බැරි වෙයි. ඒත් ඒක හිතේ ලියා ගන්න පුළුවන්. 

ජීවිතේ මේ වෙනකන් විවිධ කාල වල කවුරු ජීවිතේට ඇවිත් වෙන්වෙලා ගිහින් තිබුණත්, ඔයාට තරන් ආදරේ කියන දේ වචනයෙන් කියල නෑ කාටවත්. සමහර විට ඔයත් මගෙන් තරන් ඒ වචනෙ කාගෙන්වත් අහල නැතුව ඇති. 

කොච්චර ආදරේවුනත්, කොච්චර ආදරේ බව කීවත්, කොච්චර ආදරේ බව ඇහුවත්, අපි ඉන්නෙ දෙතැනක. 

ආදරේ නාමයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි තරන් ඈතක. එක අතකින් ඒ නිසාම වෙන්න ඇති මෙච්චර ඒ බැඳීම හයිය වෙලා තියෙන්නෙත්. 

ආදරේ හිලව්වට  වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන තැන ඒ ආදරේ ආදරේම විතරයි. වෙන හංගපු දේවල් නෑ.  

මොනා උනත් ආදරේ කරනකොට කරදරයක් වෙන ගානට දැනෙන්න ආදරේ කරන්න ඕනෙ. මම කැමතියි මෙහෙම ඈත ඉඳන් වද දෙන්න. මට ඕනෙ දේවල් කර ගන්න. ඒ දේවල් වලින් වෙන්නෙ හොඳක් නෙ. 

මගේ ආදරේ හැටි තමයි ඒ. ❤️




Wednesday, April 21, 2021

කවදාක කොතැනක

සිටින්නේ වීද නුඹ

ඔය නෙතින් කඳුලක්

දකින්නට නොපතමි


සැමදාක නිතරම

දුක් කඳුලු ගඟක වුව

නුඹ නෙතේ සිනාවක්

මා සනසවනු ඇති



ඔහේ ලියවෙන දේවල්....

මම දන්නෙ නෑ තේරෙනවද කියල. ඒත් ඔය හැම වෙලාවෙම කරදරයක් වෙන ගානට හොයන එක, පරිස්සන් කරන එක, තරහ යන එක, උපදෙස් දෙන එක, කෑ ගහන එක පිටිපස්සෙ මොකක් හරි අමුතු බැඳීමක් තියෙනව ඇති කියල මට හිතෙනවා.

 

ඒ දේවල් වලට කැමති උනත් අකමැති උනත් දැන් ඒ දේවල් නොකර ඉන්න බැරි ගානට පුරුදු වෙලා. මොකක් හරි සංසාරික බැඳීමක් නිසා ඒ දේ වෙනවා ඇති. වෙන කවුරු නැතත් මම ඒක ආදරේ කියල හිතාගෙන ඉන්නවා ඇති....


ඒ දේ හරි උනත් වැරදි උනත් අපි කවුරුත් පිළිගන්නවනෙ ආදරේ මිනිස්සුන්ව එක මොහොතක් හරි ජීවත් කරවනවා කියල. 


ඔව්...ඔව්... සමහර වෙලාවට මැරි මැරී ජීවත් කරවනවා තමයි. 


ඉතින් කොහොම හරි එහෙම වෙනවනෙ. ඉතින් අර මුළින් කියපු දේවලුත් එහෙම ජීවිතේ ඉස්සරහට අරන් යන්න, ජීවිතේ ජීවත් කරන්න උදවු කරන නිසා ඒ තේරුන් ගත්ත විදිහ සම්පූර්ණයෙන්ම වැරදි වෙන්නත් බෑනෙ. 


එක බින්දුවක ඉරිසියාවක් දැනෙන්නෙ නැතුව මුලු හදවතින්ම හැම දෙයක්ම හරි යන්න කියල හිතන්න එහෙම ආදරයක් නැති කෙනෙක්ට පුලුවන් ද? අනික් එක, ඒ සමහර දේවල් ඒ ආදරේට බාධාවක් උනත් වෙන්න පුලුවන් දේවල් කියල දැන දැනම එහෙම කරන්න හිතෙන්නෙ.....එහෙම කරල තියෙන්නෙ.....ඉතින් කවුරු කොහොම කිව්වත් එතන තියෙන්නෙ ආදරේ තමයි. 


එහෙම නෑ කියල හිතෙන්න පුළුවන් මහ නපුරෙක්ට. ඒ නිසා එහෙම හිතුනනන් තමන් කොහොම කෙනෙක්ද කියල හිතා ගන්න පුළුවන්නෙ. ඒ වගේම එහෙම හිතුනෙ නැත්නන්.....ඒ ගැන වැඩිය හිතන්න එපා.....


මට මගෙ හිතේ තියෙන දේ හරියට කියා ගන්න, ලියා ගන්න බෑ. නිකන් මාව හිර වෙලා වගේ දැනෙනවා. 


ඒකට කමක් නෑ. ඒත් හිතේ තියෙන ආදරේ හරි වෙන මොකක් හරි හැඟීමක් හිත ඇතුලෙ හිර කරගෙන ඉන්න එක ලේසි නෑ. මම හැම වෙලාවෙම ආදරේ කියන එක කියන්නෙ ඒකයි. මහ ආත්මාර්තකාමී අදහසක් උනත්, ඒකෙන් මගේ හිත ගොඩක් නිදහස් වෙනවා.


මිනිස්සු ආදරේ කරන්න ඕනෙ කිසි දෙයක් බලාපොරොත්තු නොවී කියන එක ඇත්ත. ඒත් ඒක ටිකක් වෙනස් කරන්නන්. ඒකත් ආත්මාර්තකාමී ඇති. මිනිස්සු ආදරේ කරන්න ඕනෙ ආදරේම විතරක් බලාපොරොත්තුවෙන්. වෙන කිසිම දෙයක් බලාපොරොත්තු වෙන තැනක ආදරේ ටිකක් හරි අඩු වෙන එක වෙන්න පුලුවන් දෙයක්. 


මෙහෙම හිතන්නකො. ඒ ආදරේ කරන කෙනා කරන මොකක් හරි උදව්වකට, එහෙම නැත්නන් එයාගෙන් ලැබෙන වෙන මොනවා හරි දේකට ආදරේ කරනවා කියලා. ඒ ලැබෙන දේ ටිකක් හරි අඩු වෙනකොට ආදරෙත් අඩු වෙන්න පුළුවන්. මේ කියන්නෙ අර ආදරේ අඩු වෙනකොට තරහ යන එක ගැනනන් නෙවේ. මේ කියන්නෙ ආදරේ එක්ක හරි ඊට බාහිරව හරි ලැබෙන වෙන දේවල් ගැන. 


ඉතින් ඒ නිසා කවුරු හරි කාට හරි ආදරේ විතරක් බලාගෙන ආදරේ කරනවනන්, කවුරු හරි කාගෙන් හරි එහෙම ආදරයක් ලබනවනන්, ඒ තරන් දෙයක් තවත් තියෙන්න පුළුවන්ද?


ඉතින් මේ එකකට එකක් සම්බන්ධයක් නැති විකාර ලියවිල්ල මොකද්ද කියල හිතන්න එපා. මේ මට හිතෙන දේවල්. මට දෙන්න පුළුවන් දේවල්......


...... .....

දිනූෂ ❤️

Tuesday, April 20, 2021

❤️

ජීවිතේ සමහර දවස්

හරි සතුටුම සතුටු දවස්

මහ මෙරක් වගේ

බර තෑගි ලැබුණ දවස්

දුක් වේදනා උනත්

සතුටට හැරුණු දවස්

"හෙටටත්" වඩා "අද"

සතුටු හිතෙන දවස්

ලස්සනම ලස්සන දකිනකොට

ලෝකෙම අමතක වන දවස්

බදාගෙන පපුවටම 

ආදරේ කරන්න හිතෙන දවස්

වෙන මොන දේටත් වඩා

ආදරේම ඉතිරෙන දවස්



❤️ මගෙන්

Sunday, April 18, 2021

ගණන් නොගෙන ඉන්න ඔය ඉන්න විදිහට

නපුරු වෙලා ඉන්න ඔන්න ඔය තරමට

නොපෙනීම ඉන්න හිත තදින් රිදෙන ගානට

ඒ හොඳටම ඇති ආදරේ වැඩි වෙන්න මේ තරමට

Saturday, April 17, 2021

බලා සිටිනෙමි නිදි නොමැදි රෑ 

නුඹෙන් වදනක් අසන්නට හෝ

සුන්ව ගිය මුත් පැතුම් නැවතත්

තවම මම මග බලා ගෙන ඉමි

සතුට නුඹ මිස වෙන කුමක්වෙද

සුවැති නැති මුත් දෑස් පිය වෙන

නුඹ නැමති ඖෂධ නොමැති දින

සුවැති දිවියක් කෙලෙස ලබනෙම්

Friday, April 16, 2021

මිනිස්සුන්ට ඇබ්බැහි වෙන්න නරකයි

පොඩ්ඩක් පේන්න නැති කොට

කට හඬ නෑහෙන කොට

හිනාව දකින්න නැති කොට

රැකවරණය අවධානය නැති කොට

ජීවිතේට දැනෙන්නෙ මහ පුදුම හිස් කමක්

ඒ අහිමි වීම ලොකු කාලෙකට නොවුනත්

පැයකට දෙකකට උනත්

වේදනාවෙ වෙනසක් නෑ

ඇබ්බැහි උනාම එහෙමයි

ඒකට උත්තරත් නෑ.......

ඒත් ඇබ්බැහි වෙලානන් ඒකෙන් එලියට එන්න දඟලන එකත් නරකයි


 

නුඹේ හඬ නෑසෙන දිනයන් හරිම            හිස්

නුඹෙ සිනා නොදකින විටදි ඇවිලෙනවා සිත්

ආදරය මේ ඇයි කියාදුන් නුඹෙ               නෙත්

දකින්නට පතමින් හඬන හැටි මගෙ    නෙත්

Thursday, April 15, 2021

නුඹ සුවෙන් සුරැකිම තැනක බැව්

හොඳින් දැන සිටිනා නමුත්

නුඹ සොයා සිත වෙහෙසෙනා එක

පුරුද්දක් වී තව තවත්

බිඳක්වත් නුඹ ගැන තොරතුරක්

දකින්නට දිනකට වරක්

මග බලා සිටිනා එකත් දැන්

අත්හැරෙනු නැති පුරුද්දක්

Wednesday, April 14, 2021

ජය සතුට උතුරන, 

නීරෝගී බව රජයන, 

සිනහවම මුව රැඳෙන, 

වේවා සුබම සුබ අලුත් අවුරුද්දක්

නුඹට සහ පවුලේ සැමට!

...... .....

Tuesday, April 13, 2021

සුවෙන්දැයි අසන්නට සිත්වී

නුඹ සිටීදැයි විටින් විට සොයද්දී

මැවෙන නුඹෙ සිනහවෙන් මත්වී

මමත් සිටියේ නුඹ වාගේම හිනැහී

Sunday, April 11, 2021

මම නුඹට ඇබ්බැහි වී ඇත

තවත් මනුශ්‍යයෙකුට හෝ ගැහැණියකට

ඇබ්බැහිවීම තරම්

මිදෙනු නොහැකි ඇබ්බැහියක් තවත් ඇත්දැයි නොදනිමි

දවස පුරා දිවිය පුරා

නුඹ ගැන සිතමින් වෙහෙසෙමි

කිසිදා නුඹ හිමි නොවන බැව්

හොඳින්ම දන්නා නමුත්

දැන් බොහෝ ප්‍රමාද වී ඇත

මම නුඹට ආදරය කරමි

නුඹට නොතේරුනත්

සත්‍යය එයයි

නුඹ මගේ බැව් පමණක් සිතමි

ආදරය කරමි

නුඹ සොයා වෙහෙසෙමි

සුවෙන් සිටිනු ඇතැයි සිතමි

ආදරේ බව පවසමි

Friday, April 9, 2021

කෝළ දෑසක සුන්දර

දුරින් හිඳ විඳිනු මිස ඉඳහිට

අහිමි නුඹ හිමි වන

දිනයක් නොමැත කිසි දින

ආදර වදන් ඉඳ හිට

සවන් සනාසාලනු මිස

නුඹෙ සුසුම් උණුහුම

පතන්නේවත් කෙළෙසද

ආදරය ලැබෙන නොලැබෙන

මහමෙරක් නුඹ තරම්ම

මතු ආත්මෙකවත් වෙනවද

මගේ ලඟ මගේ සඳ නුඹ

Thursday, April 8, 2021

ලියා සහතික නොකල ප්‍රේමය

ගයා ගීයක නුඹට පැවසූ

පියාපත් නොලැබුණු විහඟ සේ

බලා හිඳිනට මඟ සැදූ

විඩාවක්වත් නොදැන දවසක්

බලා පෙරමඟ නුඹ සෙවූ

මුදා හැර බැමි යදම් දවසක්

ඇවිත් යාවිද නුඹ සුදූ

ඒ රුව භාවනාවක්

සිත නිවන ගීතිකාවක්

දකින දකින තැන ආදරය වැගිරෙන සිහිනයක දුටු සුරඟනක්


ප්‍රේම කතා කොතෙක් 

දින දින එකතු වූවත්

ප්‍රේම නොකර ඉන්නට තනන මොහොතක්

තීව්‍ර කරන'යුරු නුඹ වෙත ඇති ස්නේහය

නුඹට කිසිදා නොතේරෙන එක පුදුමයක්


කෝල සිනහවක කැල්මෙන්

වචනයෙන් හෝ බැල්මෙන්

සලිත නොවුනොත් සිතක්

එය විය නොහැකි දෙයක්


ආදරය යනු ඔබමැයි

ඔබ ආදරයමැයි

සිනහවක වචනයක සඟවා

ආදරය රැගෙන එන හැටි පුදුමයි......

Monday, April 5, 2021

ඈත පෙනෙනා තරුවක් නුඹ කියා සිතමී

ඒ තරුව දෙස බලමින් නුඹ සමග දොඩමී

පිරුණු සඳ ඇති දාක නුඹ සොයමි තැවෙමී

කළු වළාවක සැඟවී නුඹ හිඳින වග දනිමී


දුරක සිට තරුවක් වෙලාවත් පෙනෙන දුරකින් ඉන්න

වලාතිර 'තර කිසිම දවසක සැඟවිලා නොම යන්න

ලඟින් හිඳ කොඳුරලා නුඹහට ආදරේ පවසන්න

ඇවිත් යන්නට නොහැකි මුත්, මේ ආදරය අරගන්න

Sunday, April 4, 2021

රිදුම් පිරිමදිමින් ලඟින් හිඳින්නට නැති මුත් ඉතින්

හඬ සවන් වැකෙනා දුරින් ඉන්න තිබුනානම් තුටින්

ආදරේ බව ආදරෙන් කොඳුරන්නවත් තිබුණොතින්

‍රුදු රාත්‍රිය පරදමින් නිදනු හැකි වෙයි සිත් තුටින්

Saturday, April 3, 2021

නොපෙනී යන හැටි

නොසිතූ මොහොතක

නොසිතූ විලසින්

දනිමි මා

ඒ නුඹ බැව් හඳුනමි....


නොසිතූ මොහොතක

නොසිතූ විලසින්

පෙනී සිටින නුඹ

ඇතිකරන්නේම තිගැස්මක්.....


වරින් වර නුඹ සොයා වෙහෙසෙමි

කඩින් කඩ නුඹ සිටින ඉසව්වට එමි

ඉතින් නුඹ කොහේදැයි විමසමි

සිතින් නුඹ සුවෙන් බව  ම'සිතමි

සිත නිවන නිසාවෙන් ආදරය

නුඹවම සොයමින් තැවෙන අරුමය

කිසිදා හිමි නොවන කුමරිය

සුවෙන් නිදනු මැන අන් සතු උයනක

Wednesday, March 31, 2021

නුඹ ලඟම හිටියත්

නුඹ දුරින් හිටියත්

නුඹ ආදරේ කීවත්

නුඹ වෛර කෙරුවත්

ජීවිතේ එකම එක දෙයක්

හැමදාම උරුමයි

"මඟබලාසිටිමි"

කිසිම දිනක "නොඑන" නුඹ වෙනුවෙන්

මම "මඟබලාසිටිමි"....

Sunday, March 28, 2021

රිද්ද රිද්දා හිතක් හඬවන හැඬවෙන අරුමය

දෑස් අග තෙත් වෙමින් ආදරය ඉකි ලන යාමය

රාත්‍රිය කියන්නෙම නුඹ සොයා හිත දුවන කාලය

ඒ වුණත් මගේ හිත හති නොවැටෙන එකයි අරුමය


මට හිතෙන්නෙම ආදරේ දුකට ගැලපෙන පදයක්

ඉඳ හිටෙක හිනැහුණත් හිනැහෙන්නවත් බෑ නේද කොහොමත්

ඒ වුනත් ආදරය, කරන හැටි ජීවිතය ජීවත්

නොදන්නා වුණත් නුඹ, ඒක ඇත්තම ඇත්තක්

Saturday, March 27, 2021

ගොරව ගොරව මේ වගේ වහින වෙලාවක, 

අහසෙ රතු පාට විදුලි එලි පිපිරෙන වෙලාවක, 

එයාවම මතක් වෙන එකනන් හරිම වදයක්..... 

අඩුම ගානෙ,

කෝල් එකක් දෙන්න,

මැසේජ් එකක් යවන්න තරන්වත් ලඟ හිටියනන්....., 

පරිස්සන් වෙන්න, 

සෙරෙප්පු දෙකක් දාගෙන ඉන්න, 

ඉලෙක්ට්‍රික් බඩු අල්ලන්න එපා, 

ඇඳ උඩට වෙලා ඉන්න, 

යකඩ පිහි, කතුරු වලින් වැඩ කරන්න එපා, 

එළියෙ යන්න එපා, 

දොරවල් ජනෙල් වහගෙන ගේ ඇතුලෙම ඉන්න, 

තෙමෙන්න එපා....කියල කියන්න හරි තිබ්බා......,

ලඟටම වෙලා, 

සීතලේ ගුලි වෙලා  ඉන්න, 

කරුවලේ සින්දුවක් කියන්න, ගොරවන සද්දෙට බය වෙනකොට හිනා වෙලා තරහ අවුස්සන්න,

උණුවෙන් කෝපි එකක් හදල දෙන්නම එක කෝප්පෙන් බොන්න,

ජනේලයක් ලඟට වෙලා වැස්ස දිහා දෙන්නත් එක්කම බලාගෙන ඉන්න, තිබුණෙ නැතත්...........

කොතන හිටියත් පරිස්සන් වෙන්න ඕනෙ කියන එක විතරක් අමතක කරන්න එපා.....

...... ..... 


නුඹ

විටෙක නුඹ භාවනාවක්මැයි

සිත නිවන, සනහාලන

විටෙක චන්ඩ මාරුතයක්ව

හද දවන, පෙළන

විටෙක නුඹ ගීතයක්මැයි

හදවතේ හඬ හා එක්ව වැයෙන

තත් බිඳී සිත් බිඳින දින

අන්දකාරව දවන ජීවිතය


නමුදු නුඹ,

අවැසිමය........

Friday, March 26, 2021

සොඳුර දැක්කද අර ඈත පේන කන්ද

උජාරුවට ඉන්න හැටි නොසෙල්වී ඒ කන්ද

මගෙ හිතෙත් විසාලෙට පිරිල එක එක ප්‍රශ්න

කන්දක් වගේ උන්නට අඬනව හිත ගොඩක් මැණික


දුක හිත්තවනකොට ගොඩක් මගෙ මැණික

කන්දක් උනත් ඉවසගෙන ඉන්නෙ කොහොමද

හරි තදට වැස්ස දවසක එක්තරා හවසක

කන්දෙන් අඩක් නාය ගියෙත් ඉවසන්නම බැරි දුකට


මුල් විසිරිලා ආදරයෙන් සිප ගත්ත

පස් කඳු දිය නොවී කන්දක් රැක ගත්ත

නිහඬව කන්ද දිය වෙන එක නැවැත්තුව

රැකවරණය වෙන්න මහ කඳු රැක ගත්ත

Thursday, March 25, 2021

හිරු හෙමින් හෙමින් හිනැහෙන උදේ

දැක ගන්න ඇත්නම සුදු මුහුණ නුඹේ

අහිමි බැව් මතක් වී හදවතම      රිදේ

ප්‍රේමයට නුඹ තමයි පර්‍යාය           පදේ

Wednesday, March 24, 2021

නැහෙන්නට නුඹෙ මත්තෙම

නුඹේ ආදරය මත්තෙම

නුඹ ඔහොමම නවතින්න

රිංගන්න පපුව අස්සෙම


සිනාවක හැංගුණු

වේදනාවන් සනසනු

ඇසෙන් නොගලන කඳුලු

ආදරය ඉස සනසමු


සොයන්නෙම සිත සැම තැන

නුඹව, නුඹෙ පෙම රිද්දන

වේදනාවක යා වුණ

ආදරය හරි ලස්සන

Monday, March 22, 2021

රිදුම්

රිදුම් එකිනෙක එක මිටට ගෙන

විසි කරමු අර කන්දෙන් පහලට

ඉතින් එතකොටවත් අපිට

හැකි වේවි වරක් හරි හිනැහෙන්න


දුක හිතෙන තැන් ඔබට ලියා එව්

කවි පොතේ පිටු එකින් එක ඉරමු

අර පේන දොළ පාරෙ පා වෙලා

ගසාගෙන යනු බලා සිනාසෙමු


"ආදරෙයි මහ ගොඩක්" ලියා එව්

කඩදහිය නුඹ පෙමින් නිති රකින්

මට දෙන්න ගුළි කරමු නොපෙනෙන්න

විසි කරමු කන්දකින් පහලට


දැන් ඉතින් නුඹ හදයි මාවත්

කක්දකින් පල්ලෙහට 

ගලන දොළ පහරකට

විසි කරල සැනසෙන්න.....


මම සැනින් ගොඩ එමි

නුඹ කරා දිව එමි

දුක යවා හනිකට

නුඹ සමඟ හිනැහෙමි

ආදරය පවසමි

Sunday, March 21, 2021

කුඩුපට්ටම් වෙලා යන්න තරමට ඔලු     කට්ට

පිළිවෙලක් නැතුව මතකයන් පනිද්දිත් දොට්ට

ඉඳ හිටලවත් ඔබ මං ගැන හිතන           චුට්ට

පුරවනවා කවි නුඹ නමින් පිට්ටෙන්        පිට්ට


නුඹ නමින් ආදරය හිතේ තෙරපෙමින් ඇත     සත්තයි

නුඹ කඳුලු හෙලන වග හිතෙන විට ජීවිතය         තිත්තයි

ඒ නමුත් සමුදෙන්න බැහැ හිතම හරි  නිස්සද්දයි

නුඹේ හඬ කණට නෑසෙද්දි හිත යළි යළිත්     රිද්දයි


 බාඳුරා මලක් වී

බිළි ගන්නවානන්

බඹරකුව හෝ

නුඹ සොයා එන්නම්


කවදාක හෝ දිනක

රොන් සොයා ඇවිදින්

මල් තලා තිබුණිනම්

මේ රිදුම් ඉවසම්


ආදරය පමණමයි

අයදින්නෙ තාමත්

බඹරෙකුද නැතිද වග

නුඹ හිතින් අහපන්


මියෙන්නට තැවෙමින්

රැඳෙන්නට රැකෙමින්

බඹරෙකුට හැකිනම්

"බඹරෙකු"ද කිසිවෙක්


බාඳුරාවක් වෙන්න

මාව බිලි අර ගන්න

කවුරුවත් ඇහුවොතින්

බඹරෙක්‍ ය පවසන්න

Saturday, March 20, 2021

උඹේ අතින් හදපු - ආදරය මුහු කල

රතුම රතු පොල් සම්බෝලය සහ පරිප්පු

බැදපු කරෝල, එහෙම නැත්නන් ඔම්ලට්

උණු උණුවෙ සුදු කැකුළු බත්

නැති එක හැකියි ඉවසන්න

නමුත්

කොහොමද හිනැහෙන්නෙ,

අමතක කරල ලස්සන හිනාව....

කියනවද....කියනවද.....

හිතන්නෙවත් කොහොමද එහෙම දවසක්

Cafune

 CAFUNE


වේදනා නිවන්නට

නුඹ සිටීනම්

මොහොතක්.....



Friday, March 19, 2021

සිතට සැනසුම සොයන තනිකම 

නුඹයි නුඹගේ මිහිරියාවයි

පෙමට පෙම නොලැබුනත් කම් නැත

නුඹේ වදන් මා ජීවත් කරයි

ලැගුම් ගන්නට මගේ හදවත 

නුඹ හදවතින් වරම් ඉල්ලයි

නුඹේ හදවත ලැගුම් ගන්නා

සොඳුර ආදරේ නම් එහෙමමයි

කඳුලු උරුමය නියතයි



 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏😭😭😭😭😭😭

Thursday, March 18, 2021

තදින් වැළදගමි

සැනින් කණට කොඳුරා 

ආදරේ බව පවසමි

රළු ඇඟිලි තුඩින්

මුදු මුහුණ පිරිමදිමි

අයිතියක් නොමැතිවම

අයිතිවාසිකම් කියන

ප්‍රේමය දිවිතුරා සුරකිමි

ළඟ රැඳෙන අවසන් මොහොත දක්වාත්

ඉන් ඉක්බිඳිත්

ආදරයම කරමි ❤️



අඬන්න බැරිකොට

මිනිස්සු කරන්නෙ

හිනාවෙන එක 🙂🙂🙂🙂


 

 🙏🙏🙏

රිදුම් පිරිමැද සැනසෙන්න මට 

සොයමි නුඹේ මුදු වදන් 

රත්ව ලේ විසිර යන හදවත්

නවතීවි එක සැනින්

මැණික අමතක ඇයිද අපි 

වෙලී සිටි හැටි පෙමින්

අතින්වත් අත නොඅල්ලා

පෙම් කරපු අරුමය තුටින්

මේ තරම් ජීවිතය විඳවන වදන්

මේ තරම් ආදරය, ගෙන ආ රිදුම්

ඉවසිය නොහැකි වේදනාවක ගිලවන වෙනස්කම්

මොනවා කොහොම කවදා සිදු වුනත්

අත් හැරිය නොහැකි ආදරයක්

මහත් ලොබ බැඳ රැකිය යුතු ආදරයක්

වෙන්ව යන්නය ඉඩ නොදිය හැකි

හඬමින් පසුපස පැමිණිය හැකි

ඇබ්බැහි වී අත්හැරිය නොහැකි

රිදුම් තුවාල ලේ ගලා ගිය මුත්

නුඹ ලබා දුන් මොහොතක ආදරය වුව

යලියලිත් අවැසි වන තරමට

නොදැනී ජීවත් විය නොහැකි තරමට

හදවතටම කිඳ බැසගත් ආදරයක්

එක් වරම අහිමිකර

ජීවිතය අතරමග තනිකර

මත් වූ ජීවිතයක් උරුම කර

ආලෝකයට පිළිස්සෙන, පිලිස්සෙමින් ඒ මතටම ඇදෙන

පළඟැටි ජීවිතයක් උරුම කල

නුඹේ ආදරය

අවැසිය තාමත්

අත් හළ නොහැක

මියෙනා තුරා වත් 

මරණයෙන් මතුවටත්

බැඳී ඇලී රිදුම් දෙන ආදරය

අවැසිය 

අයදිමි

හඬමි

රිදුම් දෙන ලේ පෙරෙන හදවතක අත දරා

ජීවිතය අයදිමි

ආදරය අයදිමි

රිදුම් පිරිමැද මදක් සනසන්න

රිදුම් පිරිමැද ජීවිතය යලි දෙන්න

ප්‍රේමය නුඹේ

සරසාවි ජීවිතය

ප්‍රේමිය නුඹ

ජීවත් කරනු මැන මොහොතක් තවත්

හදවත පසාරා තද කොට

මරා දමා ආපසු නොහැරෙන්න

ජීවිතය යලි දෙන්න

ණයගැති වෙමි

දැනටත් ණය ගැති වුවත් නුඹේ ආදරයට

කිසිදා නොලද ප්‍රේමය 

මොහොතක් හෝ නුඹගෙන් ලදිමි

ඒ ආදරය

මා සිහි විකල් කොට ඇති සෙයකි

අයදිමි 

ජීවිතය අයදිමි

ආදරය ඉල්ලමි

Wednesday, March 17, 2021

අවැසිය නුඹේ  උපකාර

ජීවිතය නැවත ලබන්නට

නින්ද යලි ගෙන්වීමට

දැනේ සුවය නූබේ එක වදනක

අහිමි වන බව සිතන්නටවත්

නොහැකි මොහොතක

නිරුදක දිවි කතරට

කෙම්බිම නුඹම බව

පසක් වී බොහෝ කල්

දරාගනු කෙලෙසද

අහිමි වීමක්......



Tuesday, March 16, 2021

හිනැහි හිනැහී ගෙවන්නට නොහැකිව ජීවිතය

දුටුවාද තරුවක් කඩා වැටෙනා'යුරු තනියෙන්ම

පිපුණාට මල් පොකුරු සුදු පාට උදයේම

අරලිය මලක් බිමට වැටුනෙත් තනියෙන්ම


රිදව රිදවා නුඹ හද පෙළන මොහොතක

හඬව හඬවා ම'සිත නුඹ සතුටින්ද

විඳව විඳවා දෙතැන අපි මෙයැදෙමුද

තැවුල් හංගා හිත නිවන ආදරය නුඹ නේද


ආදරය කියන්නෙම ජීවිතය

ජීවිතය කියන්නෙම නුඹ නේද

නුඹ නොමැති තැන කොහිද ආදරය

ආදරය නැතිව කිම ජීවිතය

ප්‍රේමය කුසුමකි සුවඳ විහිදුවන

ජීවිතයට ජීවිතය කියා දෙන

ආදරයෙන් ලඟ ඉන්නා සැම දින

සිත සැනසුම ගෙන දෙන හැටි අරුමය


නුවණ් පිරී ගිය කඳුලු පිසින්නට

සවන් පිරී ගී හඬ විහිදෙන්නට

දෙහදක සිතුවිලි එක් වන මොහොතට 

හැකිය සියලු දුක් අමතක කරනට


නුඹයි කඳුලු බිඳු දිදුලන සඳ එළියේ

මවයි වේදනා නිදි නැති රාත්‍රියේ

පෙමක් අහිමි වන දුක් බර නිමේෂයේ

කුරිරු හැඟුම් ගෙන නොම එන් කුමාරියේ

රිදුම් පිරිමැත කඳුලු පිස යන්න

එකම එක පාරක් අනේ නවතින්න

දෙනෙත් රතු වී හැඬූ හැටි දන්න

ඔබට පමණයි හැකි සනසවන්න

නුඹේ ආදර දැලේ මා

පටලැවී සිරවී මෙසේ

වේදනාවන් විදින්නේ මුත්

මිදීයන්නට නෑ හිතක් 

මිදීයන්නට නෑ හිතක්

නුඹේ ආදර දැලෙන් මිදී

ලැබෙන සැම වේදනාවන්

පරයාවි නුඹ ආදරෙන්

දුර්වලව පණ ගැහි ගැහී

මියෙන තෙක් මා ඉන්නම්

ඉඩ දෙන්න මට රැඳී ඉන්නට

මියෙන තෙක් ටික කාලයක්

ලියන නොලියන

කව් පද අතර 

දුක සඟවමි

ජීවිතය මේ යැයි

කියා දුන් නුඹගෙන්

ජීවිතය විමසමි

තැවෙමි දැවෙමි

නිතරම

නුඹවම සොයමි

ප්‍රේමයේ රිදුම මේ යැයි

සිතමි තැවෙමි

හඬමි




Monday, March 15, 2021

මගේ ආදර ගීතයේ

තනුව නුඹ කියා දුන්

නුඹම  ආපිට අරන්

ඉතිරි වී පද පෙළක්

ගයන්නේ කෙලෙස මා

තනු නොමැති ගීතයක්

බැරිද ආපිට දෙන්න

තනුව නුඹ කියා දුන්

දරා ගනු නොහැකිව

හඬා වැටෙනා සිත

සොයා නුඹවම

මා පෙළා රිදවන අරුම

නුඹ සිටින ඉසව්වක

රැඳෙන්නට මදකට

ඉඩ නොදී ඉන්නට

මා කළ වරද කිම

සිතුවිලි එකින් එක ගැටෙමින් බිඳෙමින්

නුඹවම සොයා වෙහෙසෙයි

බිඳක් විමසා බලනු හිතවති නුඹ නොමැති ලොව දුකක්

රැයක් අවසන දිනක් එළබෙන එකම බියමුසු දෙයක්

නුඹේ වදනක සුව ගෙනෙනු මැන ආදරේ නැති උනත්

ඉනික්බිති නුඹ නොමැති ලෝකයක

අතරමං වී මග ගල් ගැසී සිටියෙමි

නුඹ සොයා පිරික්සමි වට පිට

නැත සේයාවක් වත් පෙනෙන්නට 

ගිණි නගින රලු වැල්ල මිස

ක්ෂේම භූමියක් මතුව 

දිව ගියෙමි ඒ කරා සැනින්

අහෝ, ඒ ක්ෂේම භූමියක් නොව

මිරිඟුවකි හද රවටන, රිදවන



Sunday, March 14, 2021


ගුගුර ගුගුරා අහස හඬමින් කියන්නෙත් නුඹ ගැන තමයි

දිදුල දිදුලා විදුලි එළි නුඹ සමඟ මතකය අවුස්සයි

විඳව විඳවා ගෙවන්නට වන ජීවිතය  හද තිගස්සයි

බිඳව බිඳවා ආදරය යනවාට තවමත් විරුද්ධයි

 

අද රෑ 8ට රුහුණු ගුවන්විදුලි සේවය අහන්න.....

107.3

107.5

Radio Garden App

වටහා ගත නොහී ඊලඟ නිමේෂය

නොවැටී නැවතුනා කඳුලු බිංදුව

ඇස තුල!



සිහින බොඳ වී යන්න මත්තෙන් මගෙන් නුඹ වෙන් වී

වරක් හිනැහී හිත නිවන්නට වත් නේන බව සිහිවී

නුඹව මැවි මැවි මැවෙන සිතුවිලි රාශියක සිරවී

ගතින් පණ රැකුණත් සිතින් මා බොහෝ කල් මියැදී


සුන්දරම රුව කෙමෙන් මා හට අහිමි නොම වේ නම්

මං මෙතැන නැවතී නුඹ එතැයි තව බලන් ඉන්නම් 

සවන සනසන මිහිරි වදනින් ආදරෙයි තවම

අහන්නට හැකි වුනොත් සතුටින් මියෙනු හැකි නොවෙද

සිතුවිලි සිහින තැන තැන විසිරෙන රෑක

පැතිරුණු අඳුරු සෙවනැලි සිත ඇඳි රූප

නොනිදා පහන් වන රැයකදි දුටු හීන

ගෙල සිර කොට නවතනවද මගෙ හුස්ම



Saturday, March 13, 2021

ඇවිත් යනවද එක මොහොතකට රාත්‍රිය අඳුරුයි

රුදුම් පිරිමැද සිත නිවන්නට හැකි නුඹට පමණයි

නුවණ් තෙත් කල වේදනාවක අරුත ඒ නුඹමයි

ලවන් සනහන ගීතිකාවක පවස හද රිදවයි


විටින් විට සිහිවෙද්දි නුඹ හා මැවු හීන අහසේ

සිතින් සිත වෙන් නොවී ඉන්නට පෙම් වදන් අස්සේ

නෙතින් නෙතවත් මුණ ගැහෙන්නට  නොහැකි වී ඇත්තේ

අතින් අතවත් නොගෑවී පෙම් කලේ නුඹ මත්තේ


රුවින් අග තැම්පත් අහිංසක නුඹ භාවනාවක්

සිඳින්නට බැරි තරම් සිත මත රැඳි වේදනාවක්

සැනින් පැමිණී සිත නිවන්නට හැකි ගීතිකාවක්

සවන් සනසනු මිහිරි වදනින් යලි එක් වතාවක්




 


 නොනසා රැකෙනු නොහැකිව

රිද්ද රිද්දා පාරන අරුමය

දළුලා වැඩුණු දෙහිතක

ප්‍රේමය සිඳිනු බිඳිනු කෙළෙසද

ගිණිලා සිහින බොඳකර

සමරනු ගිණි දලු මවන විසිතුර

බඳවා දෑත් සිර කර

හිස සිඳ නසනු නොහිතා, එකවර!

යකඩ කටුවක් හිස තබා

මිටියකින් නුඹ පහරදෙයි

තාලයට හරි අපූරුයි

යකඩ යකඩ ගැටෙන හඬ

රිද්මයට හරි මිහිරියි

නුඹ කුල්මත්ව හිනැහෙයි

හඬ පමණක් වණන්නෝ

නුඹ පසසයි

අහා ඇයනම් අපූරුයි

රළු යකඩ එකිනෙක 

තාලයට හප්පා

මවන නාදය මිහිරියි

ඒ හඬ මාරයි


කටුව හිස පසාරු කර

යන්න තව ටික මොහොතයි

හිස දෙදරා යයි

හඬක් නැගිය නොහැක

නුඹ මගේයි


ඔව් නුඹ මාරයි

ගුගුර ගුගුරා වහින වැස්සත්

හරියටම නුඹ වාගෙමයි

චිචිරි චිරි හඬ සවන පාරා

නිහඬ රෑ කළබල කරයි

අහස් ගැබ හිස් කිසිදු එළියක

ලකුණු නැති රැය සීතලයි

නුඹේ උණුහුම නැති රැයක

හීතල මටත් ඔච්චම් කරයි



Friday, March 12, 2021

මට ද මම අත හැරෙන මොහොතක

නුඹට මා අත හැරෙන හැටි පුදුමයක් වෙන්නේ කොහොමද දිනක දී

නදිය ගල් පර පසුකරන් සයුර සිප ගත් මොහොතෙදිත්

ඈත කන්දෙන් පැන නැගී හිනැහි හිනැහී

පැමිණි වග කාටනම් අමතක කළැ'කිද හිතවතී

රෑක කළබල පාරක නිහඬ සිතුවිළි ගොන්නක

මිරිකි මිරිකී නුඹ ගැනම මා ලිවු වැකී

නුඹ නොතේරුම් ගත්තද උරණ වී

වේදනාවේ දුම් පොකුරු පෙනහලු පුරා සැරි සරද්දිත්

වෙවුල වෙවුලා නුඹව සොයමින් කෑ ගසා හැඬුවෙම් 

සීත රැයකට සමු නොදී



හිත කැකෑරෙන හවසක

නුඹ අතෑරෙන දසුනක

මංමුලාවන සිහිනෙක

නුඹ හිනාවෙන හැටි මට

මගේ ආදරයට....

Thursday, March 11, 2021

නිහඬවම සමු දෙන්න හැකිනම්

නුඹට මෙන්

නිහඬවම සමුදෙමි මොහොතක්

සෙනෙහසින්

මොහොත අවසන් වූ සැනින්

සැනෙකින්

දිව එමි සොයා නුඹ කරා

ඒ මොහොත සිත පෑරූ අයුරු කියමින්

ඔබ අන්සතු නැත

ඔබ මා සතුය

මා සතු මගඟු වස්තුව 

අහිමි වේ යැයි

සිතන්නේවත් කෙලෙසග්ද


ජීවිතය කියා දුන් නුඹම

ජීවිතය උදුරා ගනු ඇතැයි

බිය වෙමි

බිය වෙමි

Wednesday, March 10, 2021

විසෙන් විස නැසෙන ලෙද

වේදනාවෙන් නැසේවිද රිදුම

පුපුර පුපුරා නැගෙන ශෝකාලාපය

නසන සේ දවාලමි හදවත


කටු ඇතත්‍ රෝස නටුවක

රෝස මල රකිනු හැකිවෙද

උයන්පල්ලන් මල්කරුවන්

නෙළා ගෙන යනු ඇත

රලු කටු ඇති නටු

රහසේ හඬනු ඇත

වියලී මියෙනු ඇත



සිනාසෙන දිනක් තෙක් නුඹ

හඬනු ඇත හැමදාම මම

විඩාපත් හදවතට පණ

ගැහෙන්නට සිනාවක් ඇත

ප්‍රේමයක ගිණියම්ව හෙට

පිළිස්සී මා මියෙනු ඇත

පහන්සිල නුඹ, එහි ගැටී මම

අද හෙටම පිළිස්සෙනු ඇත


Tuesday, March 9, 2021

සමුගන්නවත් නොදී මොහොතක්

සමුගන්නෙ කොහොමද මේ ලෙසින්

සිප ගන්න හදවත වතාවක්

ඉඩ දෙන්න පෙර ලෙස ආදරෙන්


ගිණි පුළිඟු විසිරුණු නිමාවක්

හරි වේදනා බර ගීතයක්

සොයමු අපි මොහොතක් අරන්

නිමාවක්, වැනි භාවනාවක්

නීර රසැති හැඟුමන්
බීර වලින් තෙමුවෙම්
මීර නොමැති මොහොතක්
කූර ලෙසින් ගෙවමින්

සාද නොමැති රෑක
සීත නොමැති හීන
නාද කරන දාක
පාන නුඹයි මැණික




සිරුරෙන් ජීවය කෙමෙන් කෙමෙන් නික්ම යයි

එ දවස ඉක්මන් වෙන තුරා නුඹ පෙරමඟ බලා සිටී

නුඹ දිරි දුන් ජීවිතයේ විනාශය නුඹ පතයි

මම ඊට සහය වෙමි

නුඹට මම සහය වෙමි

සැමදා නුඹ සමඟ මා සිටියාක් මෙන්

මගේ විනාශය පතන මොහොතේ ද

මා නුඹේ පසෙකින් සිටගමි

නුඹේ අරමුණට යාමට සහය වෙමි

විරහවත් කොටසකි ප්‍රේමයේ

නමුදු කිසිදා නොපැතූ

එවන් විරහවක රුදු බව

නුඹ නොවැහෙටහෙන නමුදූ

රිදෙන්නට හදවත නොනැවතී

පිහි පහර නුඹ ඇනපූ

නුඹෙන් නොපතමි විරහවක්

ප්‍රේමයක් තොර කරලූ

නිහඬ බව දැරිය නොහැක

ජීවිතය නිහඬ කරවනසුලුය

ඔබේ මුදු වදන් නොපතමි

රලු ලෙස හෝ මා අමතන්න


මම මඟබලා හිඳිමි

අයිතියක් නැතිවමම අයිතිවාසිකම් කීමි

එක්වීම නැතිවම වෙන්වෙන්න සිදුව ඇත

ජීවිතයක් නොමතිව ජීව්තය ඵල කිම

කිසිවෙකුත් නොඅසන කතාවක් සඟවමි

අජීවී ජීවියකු දැක තිබේද

මා දෙස බලන්න

මා ඇවිදින මළමිණියක්

ඔබේ ආදරය අහිමි මා

ජීවය සුන් වූ සිරුරක්

මා සිටින තැනට එන්න

මාගේ සිතින් සිතන්න

එතරම් වේදනාවක් දරා ගන්නට

කිසිවෙකුටවත් නොහැකි බැව් 

වැටහේවි නුඹටත්

වේදනාවෙන් රිදුම් දෙන හදවතක්

ජීවිතය අයදින දින

එය නොලැබෙන දින

වෙන කුමක් නම් කරම්ද

තීරණය කල යුතුව ඇත

වේදනාවන් රැසකි



ඔබව අයදිමි

ඔබේ සිනහව අයදිමි

ඔබේ වදන් අයදිමි

ජීවිතය අයදිමි

ජීවිතය අයදිමි

ජීවිතය අයදිමි

ආදරයෙන් ලියමි,

ආදරේ බව පමණක් දනිමි,

වේදනාවේ තැවෙමි,

ජීවිතය අයදිමි 🙏

Monday, March 8, 2021

ජීවිතය මහ පුදුමාකාරය

පරෙස්සම් කරමින් 

ආදරෙන් බලාගත්

ඇයගෙන්

ජීවිතය අයදීමට සිදුවීම

පිළිගන්නේ කෙසේද

කවුරුනම් විශ්වාස කරයිද

ජීවිතය පුදුමාකාරය

මම ඇයගෙන් ජීවිතය අයදිමි

මා බේරා දෙන ලෙස ඉල්ලමි 🙏

කියන්න

මිනිස්සු හිනා වෙනකොටයි ලස්සන,

ඒත්,

හිනා වෙන්න තියෙන හේතු නැති වෙලා යනකොට,

හිනා වෙන්නෙ කොහොමද?

ඔබ 

කෙදිනක හෝ

ජීවිතය දිනන තුරු 

මග බලා සිටියෙමි


මා 

අත හැර දමා

ඔබ නික්ම යන්නට

සැරසෙනු දකිමි


නුබේ ජය

පැතූ මා හට

පරාජය උරුම කර

නුඹ වෙන්ව යන හැටි

අදහනු නොහැකිව

තැවෙමි

දැවෙමි

ලතැවෙමි

මියෙමි

 අසනි වැස්සක 

නුඹ සොයා දිව එමි

විදුලි ගෙරවිලි හඬ තුලින්


සොයා අවසන නුඹ ලැබෙනු ඇත

එසේ නැතිනම් මා මියෙනු ඇත

අසනි වැස්සට හසු වෙමින්


නොයා ඈතට නුඹ සිටින වග

පැවසුවත් ඇති ආදරෙන්

අසනි වැස්සේ මියෙන්නම්




ඔබ නික්ම යන මාවත

මල් පිපී ඇති

විහඟුන් ගී ගයනු ඇති

නිදහසේ සරනු ඇති

මිහිරි ගී ඇසෙනු ඇති


ඔබ මා සිර කල සිපිරි ගෙය

අඳුරුයි

එපමණයි 🙏

 නුඹ 

නුඹේ සිත

දැඩි කරන්

ඉන්න හැටි

පුළුවන් ද 

පවසන්න


මටත් ඒ හැටි

කියා දී 

නුඹ යන්න


එතකන්

ටිකක් ඉන්න

 සොඳුරිය

මා ඔබට ආදරය කරමි

මාගේ ජීවිතයට ද වඩා ආදරය කරමි

මගේ ජීවිතය සහ ඔබ අතරින්

තෝරා ගැනීමට සිදුවේනම්

මම ඔබ තෝරා ගනිමි

එබැවින් 

ජීවිතය අතරමග

මා අතරමං කොට

සැඟවී නොයන්න


ආයාචනා කරමි......🙏

 🙏🙏🙏🙏🙏

ජීවිතය මෙතරම් බයෙන් ගත කරන තවත් කාලයක් තිබී නැත. නුඹ අහිමිවේ යැයි බියෙන් මෙලෙස ජීව්තය ගත කිරීම මහත් වූ වෙහෙස දනවන්නකි. ඒ සඳහා පිළියමක්ද මා හට නොවැටහේ. නුඹේ හඬ වරක් ඇසීමෙන් පමණක්ම වුව තවත් කාලයක් ජීවත් වීමට ශක්තිය ලැබෙන බව නුඹ හොඳින් දැන සිටිනා බවද දනිමි. සොඳුරිය, නුඹේ වදන් සවනත වැකෙන තුරා මා බලා හිඳිමි. 🙏🙏🙏

මැණික

නුබවම සිහිවෙන්නේය

මා තනිව බලා සිටිමි

වේදනාවෙන් මිරිකී

ශෝකයෙන් නෙත් තෙත්වී

නුඹේ වදනන් අසන්නට

වේදනාවෙන් මග බලමි

තනිව හඬමි

දුක්වෙමි

මේ දුක ඇසෙන නිමේශයක

නුඹවම සොයමි

තනිව හඬමි

දුක්වෙමි

...... .....

ඔබේ මුදු සිනාවට ආදරය කරමි,

ඔබේ මුදු වදන් සවනත වැකෙන තෙක් බලා හිඳිමි,

ආදරය මේ යැයි කියා දුන්නේ ඔබම බැව් දනිමි,

ආදරයේ වේදනාව වටහා දෙන්නේද ඔබම බැව් දනිමි,

වේදනාබරිතව බලා හිඳිමි,

නිදි නොමැති රාත්‍රීන් ගෙවමි,

නොනිදා නුඹවම සොයමි,

නුඹ නොමැති තැන ජීවිතය හිස්තැනකි,

ආදරය බව පමණක්ම දනිමි,

එබැවින්, දරාගෙන බලා සිටිමි 🙏